මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ ...

22 June, 2011

මුගුරක් ඇවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
කඩුවක් ඇවැසිතැන කඩුවක් ගෙන කොටනූ
සංග්‍රාමයට නව ගුණ වැල ගෙන නොයනූ
සංග්‍රාමයෙන් පසු නවගුණ වැල ගනිමූ

කඩු දුනු හී තෝමර ඈ අවිගෙන
වියරු වැටී සතුරන් දිව එන කල
රණ බිම මැද එරමිණිය ගොතාගෙන
දසසිල් වී නව ගුණවැල ගනිමුද

කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
නොපනත්කම් ගිනිලා අහුලානම්
කුමටද උන් හා සීල සමාදන්
සටනින් තොර මුනිවත අවදානම් 
 

- විශාරද නන්දා මාලනී

Bookmark and Share Related Posts with Thumbnails

9 comments:

දන්නවද පේරාදෙණියෙ විශ්ව විද්‍යාලෙ ඉංජිනේරු පීඨයේ දෙමළ සිසුන්ට පහරදීමේ සිද්ධියකින් පස්සෙ නන්දා මාලිනි මේ සින්දුව කියන එක නැවැත්තුවා. හේතුව තමයි මැර පිරිස පහර දෙන්න ගිහින් තියෙන්නෙ මේ සින්දුව කිය කියා වීම.

Nalaka Gamage said...

Dear Chanaka,

කවුරු හරි මෝඩයෙක්ට ඕනනම් පිරිත් කියා කියා ගිහින් උනත් තව කෙනෙක්ට ගහන්න පුළුවන්. එහෙම උනා කියල පිරිත් කියන එක නවත්වන එකද වැඩේ?
ඔහොම හැමදේම සාකච්චා මාර්ගයෙන් විසදගන්න පුළුවන් කියල හිතන තරම් රටේ මෝඩ කමක් තවත් නෑ. ඔය මතය මේ රටේ ඉන්න NGO කාරයෝ යුද්දය වවාගෙන කන්න පතුරවපු ලොකුම මිත්‍යාවක්.
දෙවෙනි ලෝක යුද්දයේදී හැමෝම එහෙම හිතුවනම් තාම ලෝකය හිට්ලර් ගේ නට්සි වහල් පාලනය යටතේ තමය්.
හොරුන්ට, තක්කඩින්ට, කපටියන්ට , මැරයන්ට සලකන්න ඕන ඒගොල්ලනට තේරෙන බාසාවෙන්ම තමඊ !
මේ රටේ උනත් අපි දැන් සැනසිල්ලේ ඉන්නේ ත්‍රස්තවාදීන්ට පිරිත් කිව්වා හන්ද නෙමෙය්නේ නේද?

මම කිවුවෙ මේ සින්දුවට අදාල සිද්ධියක්. සාකච්චා , NGO ගැන කවුද කිවුවෙ ?

Every time I load or refresh the page the MP3 file is downloading again and again. Can you please stop it

Nalaka Gamage said...

Chanaka,
මම ඔය සිද්දිය කලින් දැනගෙන තිබුන. ඔයාගේ comment එක නිසා කාට හරි මේ සින්දුව ජාති වාදී එකක් කියල වැරදි අදහසක් එන්න ඉඩ තිබුන.

ඒක නිවෙරදි කරන එක මගේ යුතු කමක්.
මේ සින්දුවේ මටනම් ජාති වාදී අදහසක් හොයාගන්න නෑ. වැරැද්ද මොන ජාතිකයා කලත් වැරැද්දම තමඊ.

Anonymous said...

නියම උත්තරය.නාලක ඔබ 100% හරි.

supun said...

ඕනෑම රටක හමුදා, පොලිසි තියෙන්නේ මෙමෙ සින්දුවේ තියෙන සර්වකාලීන සත්‍යට අපිට පිටුපාන්න බැරි නිසා තමයි. පුරවැසියන් විදියටත් අපිට සමහර වෙලාවට කරබාගෙන ඉන්නේ නැතිව නැගී හිටින්න වෙනවා. නැත්නම් මේ සමාජය හොරු, මැරයෝ පාලනය කරන්න ගනීවි.

This comment has been removed by a blog administrator.
sanu said...

@ supun...ඔය හරියටම හරි. මොකද ඒ ඒ ජාතියේ අයට සලකන්න ඕන ඒ ඒ විදිහට.

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk