සරසවි සිසුන්ගේ සැබෑ නායකත්වය හමුවේ අබියෝගයට ලක්වන වියාජ නායකත්වය

14 June, 2011

විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබූවන් අතරින් නායකත්ව පුහුණුවට සහබාගී වූ පළමු කණ්ඩායම එය අවසන් කර ඇති මේ මොහොතේ දෙවෙන කණ්ඩායම එයට ඇතුලත් වීමට උනන්දුවෙන් බලා සිටී. මෙම වැඩ සටහන ඇරබූ මොහොතේ පටන් බලවත් අසහනයටත් කනස්සල්ලටත් පත්වූ  කණ්ඩායම් දෙකක් පැහැදිලිවම හදුනාගත හැකි විණි. මෙම කණ්ඩායම් දෙක ඉතා සාමූහිකව සරසවි සිසුන්ට ලබාදීමට නියමිත වූ නායකත්ව පුහුණුවට එරෙහිව ප්‍රලාප පැතිරවීමට යුහුසුළු විය.

JVP කනස්සල්ල
ජ. ව්. පෙ යනු ශ්‍රී ලාංකික දේශපාලනයේ කාලකන්නි බූමිකාව වේ. වරක් නොව දෙවරක්ම ශ්‍රී ලාංකික තාරුණ්‍ය සොහොනට රැගෙන ගියේ මෙම බංකොලොත් දේශපාලන වියාපාරය විසිනි. මොවුන්ගේ දඩ බිම වූයේ ලාංකීය සරසවි බූමියය. තරුණ සිසුන් තමන්ගේ බංකොලොත් දේසපාලනයට නම්මා ගැනීමට ඔවුන් කාලාන්තරයක් තිස්සේ බාවිතා කල උපාය මාර්ගය වුයේ නවක වදය නම් අමානුසික හා ජුගුබ්සාජනක ක්‍රියාවලියය.

මෙය සරසවි බූමි තුල ක්‍රියාත්මකව පැවතුනේ විෂම චක්‍රයක් ආකාරයෙනි. පළමු වසරේ වද බන්දනයන්ට ගොදුරුවන සිසුන් සිය වෛරය පිරිමහ ගනුයේ ඊලගට පැමිණෙන නවක සිසුන්ගෙනි. මෙම තිරිසන් ක්‍රියාවලිය සාදාරනීය කිරීමට කෙස් පැලෙන තර්ක ගොඩනැගුවේ ජ. ව්. පේ. දේශපාලනය කරන්නවුන් සහ ඔවුන්ගේ සහචරයන්ය.

දැන් වැඩේ වැරදී ඇත. ආණ්ඩුව දැයේ දූ දරුවන්ට ලබාදුන් නායකත්ව පුහුණුවත් සමග සරසවි නවක වදය නමැති පිළිලය සදහටම මුලිනුපුටා දැමෙනු ඇත. මෙවර සරසවියට ඇතුලුවෙන සිසුන් තව දුරටත් අසරණ හා බයාදු 'fresha' ලා නොවන්නේය. නායකත්වය හා විනය පිළිබද විදිමත් පුහුණුවක් ලබා පැමිණෙන දරුවන් ට වද බන්දන දීමට පැමිණෙන සාම්ප්‍රදායක ජෙෂ්ටයන්ට සිදුවනුයේ ඇටිකෙහෙල් කැ උගුඩුවන්ට  සිදුවූ දෙයය.

නියම නායකයන් අනුන්ගෙන් වද විදීමට හෝ අනෙකකුට වද දීමට පෙලෙබෙන්නෙකු නොවේ. නායකත්ව පුහුණුව ලබා සරසවියට ඇතුල්වන සිසුන් විසින් සරසවියට ලබා දෙන පළමු පාඩම වනුයේ එයය්.

කළු සුද්දන්ගේ කනස්සල්ල
සුද්දන් රටහැර යනවිට රටේ පාලනය ලබා දී ගියේ කළු සුද්දන්ටය. ඉන්ගිරිසියත්, බටහිර අටෝපයත් වැළදගෙන දිගු කාලයක් රට කරවීමට ඔවුන්ට හැකි විය. ගමේ හා නගරයේ සාමාන්‍ය දූ දරුවන් ට සිදු වූයේ මොවුන්ගේ යටතේ පඩි ලබන හුදු යටහත් සේවකයන් වීමටය. දේසපාලන සහ වියාපාරික නායකත්වය කොලඹ-7 සුපිරි පැලැන්තියට සීමා වී තිබුණි. දැන් සාමාන්‍ය ජනතාවගේ දූ දරුවන් සරසවියෙන් පිටවනුයේ අබියෝගයන්ට මුහුණ දීමට හැකි නායකයන් ලෙස මිස ලිප්ටන් වටරවුමේ කෑමොර දෙන හිගන්නන් ලෙස නොවේ. සැබෑ උගතුන් සහ බුද්ධි මතුන් මතින් ගොඩ නැගෙන නායකත්වය අපේ රට ඉදිරියටම රැගෙන යනු ස්තිරය.

P.S.
එදා (රදලයන් සහ වසලයන්)
"මේ ගමේ ඉන්න එවුන් විශ්වවිද්‍යාලේ යන්න පටන් ගත්තොත් අපේ ගහක ගෙඩියක් කඩාගන්නවත්  එකෙක් ඉතුරුවෙන එකක් නෑ."

අද (විජාතිකයන්ගෙන් යැපෙන්නන්)

"මේ සාමාන්‍ය පවුල් වල කොල්ලොන්ට නායකත්ව පුහුණුව දුන්නොත්, අපි මුන්ගෙන් අඩු පඩියට වහල් වැඩ අරන් ඉවරයි.
මුන් නායකයෝ උනොත්  අපේ ගෙවල්වල  ඉන්න ඉංගිරිසි විතරක් දන්න මෝඩ පැටවුන්ට යන කල දසාව මොකද්ද?  "

Bookmark and Share Related Posts with Thumbnails

2 comments:

Anonymous said...

+1

Anonymous said...

සම්පූර්ණ ඇත්ත

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk