කාලය වෙනස්.. රිද්මය අළුත්..

10 August, 2011

ආසියාවේ නැගිටීමත් සමග අපද දැන් ඉදිරියට යමින් සිටිමු. බටහිරයන් අප රට තුල අවුලවා තිබු ත්‍රස්තවාදී ගින්න ස්වඋත්සාහයෙන්ම විසදා ගත් අප දැන් අපේම අනන්‍ය තාවයකින් ඉදිරියට යමින් සිටින්නෙමු. දැන් ත්‍රස්තවාදයෙනුත්  ආර්ථික අවපතයටත් ගොදුරුවී ඇත්තෙත් අපව අල්ලේ නටවමින් සිටියවුන් ය. ලන්ඩන් නුවර කඩ සාප්පු කොල්ල කරුවන්ගෙන් බේරාගත නොහැකිව පොලීසිය අසරණව සිටින විට අපේ ආරක්ෂක ලේකම් ඝෝටාභය රාජපක්‌ෂ මහතා පොඩි ඔලොක්කුවක්ද දමා තිබේ.
Ref : http://www.adaderana.lk/news.php?nid=14492

ශ්‍රී ලංකාව තම මුහුදු සීමාව තුල ඛනිජ තෙල් කැනීම් ආරම්බකල බව නිලවසයෙන් නිවේදනය කර ගතවුයේ සතියකටත් අඩු කාලයකි. ඇමෙරිකානු ගුවන් යානා ලංකා මුහුදු සීමාවේ හොල්මන් කිරීම අරබා ඇත. ඇතැම් නිවටයකු තෙල් හොයන්න ගිහින් අපිට වෙන්නේ ඉරාකයට වෙච්ච දෙයයි කියන්නටද බැරි නැත.

ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මාස තුනක් ඇතුලත දෙවන වරටද චීනයට ගොස් ඇති මොහොතේ ඇමෙරිකානු ප්‍රහාරක යාන අපගේ ගුවන් සීමාව ආක්‍රමණය කර ඇතැය් රජය නිවේදනයක් නිකුත් කළේය. ඉස්සරනම් අපි මෙව්වා වසන් කලේ අත පුච්චා ගැනීමට තිබු බය නිසාය. අපගේ අවදානය රට තුලිට පමණක් ගොනුවීතිබු කාලය අවසන්ය. අපි දැන් අපේ ගුවන් සහ මුහුදු සීමාව අද්දරටම ගොස් ආරක්ෂා කරමින් සිටී. සුපුරුදු පරිදි ඇමෙරිකාව මුලින් මෙය ප්‍රතික්ෂේප කළේය. රජය දැඩිව තම මතය තහවරු කලවිට ඇමෙරිකාව කිව්වේ ලංකා රජය තමන්ගෙන් පිටත සීමාවේ වෙන දෙය සොයා නොබැලිය යුතු බවය්. මෙයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය නිකුත් කරමින් කියා සිටි දේය ඇමෙරිකාවට කල අතුල් පහරක් බදු දෙයකි. .  ගුවන් හමුදා ප්‍රකාශක ගෘප් කපිතාන් විජේසූරිය ප්‍රකාශ කලේ "ඔවු අපි අපේ සීමාවෙන් පිටත සොයා බලනවා. අපේ රේඩාර් වලට හසුවන තරම් දුරට අපි සොයා බලනවා"  කියාය.
Ref: http://www.dailymirror.lk/top-story/12856-there-was-an-intrusion-sl-airforce.html

ඉන්දියානු සාගරික කලාපය තුල වන දේ සොයා බැලීමට ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් අහන්නට තවදුරටත් අවශ්‍යතාවයක් නැත. දැන් කාලය වෙනස්ය, රිද්මය අළුත්ය.

Bookmark and Share Related Posts with Thumbnails

13 comments:

indi said...

ලියන එකාටද පිස්සු කියවන අපිටද??

Nalaka Gamage said...

Indi What is your point? I just reported two real news items with facts. Is reporting and commenting on reality crazy? :-) I am just curious.

buwa said...

ඔබතුමා කරුණු අනුව කථා කරන බවක් කමෙන්ටුවේ කියල තියනවා එහෙම නම්

"බටහිරයන් අප රට තුල අවුලවා තිබු ත්‍රස්තවාදී ගින්න...." මෙහෙම කියන්න ඔබ පාදක කරගන්න කරුණු මොනවද ?

ආසියාවේ නැගීටිම ගැන මාර ජොලියක් ගන්නව වගෙයි පේන්නේ .... චීනයේ නිෂ්පාදන විකුණන්නේ කාටද ? ඉන්දියාව සේවා විකුණන්නේ කාටද කියල කල්පනා කරල බැලුව නම් ඔය ගන්නේ මෝඩ ආතල් එකක් කියල තේරෙන්න ඕනි . ලෝක ආර්ථිකය බටහිරාය නැගෙනහිරය කියල ඉරි ගහල වෙන් කරන්නවත් . ලෝකයේ පැත්තක් වැටෙන කොට අනික් අයට නැගිටින්න වත් වර්ථමානයේ හැකියාවක් නැ .ඇමරිකාව වැටෙන කොට හොඳට පේන්නේ බොහොම උඩ නැගල හිටපු නිසා , චීනයත් , ඉන්දියාවත් තාම අතරමග ඉන්නේ ඒ නිසා තවමත් ඉහලට ගමන විතර්යි ලෝකෙට පේන්නේ .


අනික් දේ ජනාධිපතිතුමා චීනේ ගියාය කියල ඇමරිකාව අපිට එරෙහිව එන හැම වෙලේකම අපිව බේරගන්න චීනය ඉන්නවාය කියල හිතනව නම් ඒකත් මුලාවක් . මැත කාලීන ලෝක දේශපාලනය ගැන අවධියෙන්ම නම් තේරුම් යන්න ඕනි චීනය තමන්ගේ දේශපාලන මිතුරන් වෙනුවෙන් සීමාන්තිකව පෙනී ඉන්නේ නැය කියන එක . ආතල් ගත්තට කමක් නැ හැබැයි යථාර්ථය ගැන තේරුමක් ඇතුව

Nalaka Gamage said...

A gentle response to previous comment.
"බටහිරයන් අප රට තුල අවුලවා තිබු ත්‍රස්තවාදී ගින්න...." මෙහෙම කියන්න ඔබ පාදක කරගන්න කරුණු මොනවද ?

nalakainfo:මේ පිලිබදව අවශ්‍ය තරම් දේ ලිවී ඇත. ඇති බහුතරයක් වන මෙම පොලවේ පයගසා සිටින ජනතාව එය අනුමත කර ඇත. බොරුවට නිදා සිටින්නන් අහරවීමට නොහැක.

ආසියාවේ නැගීටිම ගැන මාර ජොලියක් ගන්නව වගෙයි පේන්නේ ....

Nalakainfo:ඔවු මමත් ආසියනුවකු නිසා. ඔබට එවැනි හැගීමක් ඇති නොවන්නේනම්, අම්මාගෙන් හෝ අසා සැක හරගනීම මැනවි.

චීනයේ නිෂ්පාදන විකුණන්නේ කාටද ? ඉන්දියාව සේවා විකුණන්නේ කාටද කියල කල්පනා කරල බැලුව නම් ඔය ගන්නේ මෝඩ ආතල් එකක් කියල තේරෙන්න ඕනි. ලෝක ආර්ථිකය බටහිරාය නැගෙනහිරය කියල ඉරි ගහල වෙන් කරන්නවත් . ලෝකයේ පැත්තක් වැටෙන කොට අනික් අයට නැගිටින්න වත් වර්ථමානයේ හැකියාවක් නැ .ඇමරිකාව වැටෙන කොට හොඳට පේන්නේ බොහොම උඩ නැගල හිටපු නිසා , චීනයත් , ඉන්දියාවත් තාම අතරමග ඉන්නේ ඒ නිසා තවමත් ඉහලට ගමන විතර්යි ලෝකෙට පේන්නේ .

nalakainfo:ඔබ දැකීමට අකමැති හෝ දුටුවත් නොදක්කමෙන් සිටීමට කැමති දක්ත මෙන්න.
- http://www.nalakainfo.com/2011/08/collapse-of-west-and-rise-of-asia.html
- http://www.nalakainfo.com/2011/08/present-belong-to-asia.html
ඔබ බලය මනින්නේ රටක් වර්ෂයකට මරණ මිනුසුන්ගෙන් හෝ ආක්‍රමණය කරන රටවල් ගනින්ද? . ලෝකේ පුර මිනී මරමින් යන එහෙත් ලොකුම ණය කාරයා ඔබේ වීරයා වී ඇත. මටනම් ණය කාරයා කාලකන්නියෙකි. චීනට ලොවේ ලොකුම ණය හිමියාය. ඇමෙරිකාවද වැඩියෙන්ම ණය චීනයටය. තවත් සාදක අවශ්‍යද? චීනය අප රටට හිතවත්ය. එයට මේ රටේ සිටින විජාතිකයන්ට ඇගේ අමාරුවකි.
http://www.indexmundi.com/g/r.aspx?t=0&v=145&l=en


අනික් දේ ජනාධිපතිතුමා චීනේ ගියාය කියල ඇමරිකාව අපිට එරෙහිව එන හැම වෙලේකම අපිව බේරගන්න චීනය ඉන්නවාය කියල හිතනව නම් ඒකත් මුලාවක් . මැත කාලීන ලෝක දේශපාලනය ගැන අවධියෙන්ම නම් තේරුම් යන්න ඕනි චීනය තමන්ගේ දේශපාලන මිතුරන් වෙනුවෙන් සීමාන්තිකව පෙනී ඉන්නේ නැය කියන එක . ආතල් ගත්තට කමක් නැ හැබැයි යථාර්ථය ගැන තේරුමක් ඇතුව.

nalakainfo:එක අපි අනාගතයේ බලමු.

supun said...

Me ratata prasnayak unama eken athal ganna "buvala" me rate bihi karala iwara vela thamai sudda me rata kalu suddanta deela giye.

buwa said...

ආසියාව යන හැඟීම පමණක් තිබිලා වැඩක් නැ , අපේ රටට වෙන වාසිය මොකක්ද කියන එකයි . වඩා වැදගත්. ණය දීමේ ප්‍රමාණයෙන් විතරක් චීනය ලෝකයේ ප්‍රභලම ආර්ථික බලවතා බවට පත්වෙන්නේ නැ , ඇත්තට චීන ආර්ථිකය තනියෙන් නැගී හිටීමේ හැකියාවක් නැ . ඇමරිකාවට දිගින් දිගටම ණය දෙන්නේත් ඇමරිකාව කෙලින පිස්සු වලට බනින්නෙත් ඇමරිකානු ආර්ථිකය දරුණු අවපාතයකට ගියොත් ඒක චීනයටත් ඉතාම බරපතල විදිහට බලපාන නිසා . චීනය ලෝක බලවතා වීමේ මාවතේ ඉන්නව මිසක් තාම එතන නැ ,

ඊලඟට චීනය අපිට හිතවත්ද ? එක්තරා දුරකට ඔව් නමුත් ඒ තමුන්ගේ වාසියට . දකුණු ආසියානු කලාපය තුලට තමන්ගේ බලතල ව්‍යාප්ත කරගන්නත් .ලංකාව තුල මතුවන ව්‍යාපාරික අවස්ථා උපරිම වශයෙන් ලබා ගන්නත් විතරයි ඒ . ලෝකේ රටවල් අතර සබඳතා ගොඩක් දුරට යන්නේ ඔය විදිහට අපිට වඩා වාසි සහගත කොයි රටද කියලයි බලන්න ඕනි ,උදා-
මම හිතන්නේ ඔබතුමා තොරතුරු තාක්ෂණය උගන්වන කෙනෙක් . ඔය ඔබතුමාගේ ක්ෂෙත්‍රයේ රැකියා අවස්ථා ලාංකිකයින්ට උදාවෙලා තියෙන්නේ , දකුණු ආසියාතිකයින්ට ඒ අවස්ථා හිමි වීම පහුගිය කාලය පුරාවට වැඩි වුනෙත් මොන රටවල් නිසාද ? . මීලෙන් අඩු ශ්‍රමිකයින් ඕනි තරම් ඉන්න චීනය ලෝක ආර්ථික බලවතා බවට නුදුරේදී පත්වුනොත් සහ ඇමරිකාව සහ බටහිර සතු ආර්ථික ශක්තිය ඒ වෙනකොට අහෝසි වෙල ගියොත් ඔබතුමාටත් වෙන්නේ දේශීය ක්‍රමයට කුඹුරක් කොටාගෙන ඉන්න තමයි


හැබැයි ඔය තත්වය දැනටමත් උදාව්ලා හෝ ඉතාම නුදුරේදීම සිදුවෙනවාය කියන ඔබතුමාගේ හීන ලෝකේ සත්‍යක් නොවෙන නිසා බව වෙන්න දේකුත් නැ ඔබතුමාට
\

ඔබතුමාල නම් මොන හීන ලෝක වල හිටියත් අවුලක් නැ , රට කරවන අය දැන්වත් හරි පැත්තට හැරෙනව නම් හොඳයි

ප.ලි - ඔබතුමාට ඔච්චර බටහිර විරෝධියෙක් වෙච්ච එකේ මොන මගුලකටද සුද්දගේ බිසීස් , ඔරකල් , මයික්‍රොසොෆ්ට් උගන්වන්නේ , බ්ලොග් එක හර්හා ප්‍රචාරනයකුත් දීල තියෙන්නේ , නැද්ද චීන්නුන්ගේ සුදුසුකමක් එහෙම උගන්වන්න ..එහෙම නැතනම් දැන් කැලණියේ හදාගෙන යන නාථ - විපස්සක විද්‍යාවෙත් බටහිරට විකල්පයක් වෙච්ච තොරතුරු තාක්ෂන සුදුසු කම් ඇති නෙව

buwa said...

nalakainfo:මේ පිලිබදව අවශ්‍ය තරම් දේ ලිවී ඇත. ඇති බහුතරයක් වන මෙම පොලවේ පයගසා සිටින ජනතාව එය අනුමත කර ඇත. බොරුවට නිදා සිටින්නන් අහරවීමට නොහැක


බහුතරයක් කිව්වා කියල හරි , මොකෙක් හරි ලිව්ව කියල හරි යමක් පිලිගන්න බැ .... ලංකාවේ ඉන්න උන් බහුතරයක් හරි නම් ලංකාව අද මේ තත්වෙ නැ ..තමන් හදා ගත්ත හීන් මතවාද කොච්චර ලිව්වත් වැඩක් නැ . පිලිගන්න පුලුවන් තර්කයක් සාධකයක් තියෙන්නෙ ඕනි

buwa said...

http://lankacnews.com/sinhala/news/18670/

මේං ඔහෙලගෙ ආණ්ඩුවම කියන ඒවා .. දැක්කම දුකයි , මේ දැන් ඇමෙරිකාවට බය වෙන්න ඕනි නැති නිසා වෙන්න ඇති

Nalaka Gamage said...

දැනුම සහ ආර්ථිකය කියන්නේ දෙකක්.

එහෙමනම් ඉතින් ආසියාවේ තිබුන අංක ගණිතය බාවිතා කරලා නෙමේද බටහිර විද්‍යාවට අඩිතාලම ද ගත්තේ? අපි ලෝකයක් විදියට ඉදිරියට යන්නේ එකිනෙකාගේ දැනුමින් පෝෂණය වෙමින්. දැනුම කියන්නේ එක දෙයක් ආකල්ප කියන්නේ තවත් දෙකක්.

මෙතැනදී ගැටුම තියෙන්නේ ආකල්ප පිලිබදව.

මේ දෙක පටලව ගත්තටබොහොම කනගාටුවෙනවා.

බටහිර ආකල්පය තමය් අනිත් එකාව මරාගෙන හරි තමන් තර වෙන එක. කොහොමත් යුරෝපය කියන්නේ දෙවෙන ලෝක යුද්ධය වෙනකන් එකිනෙක මරාගත්ත මිනිස්සු හිටිය එකම යුද බූමියක්.

ආසියාව කියන්නේ පරිසරය සමග සහජීවනයෙන් ජීවත් වෙන ජීවන ක්‍රමයක් ගත කරන සමාජ වටපිටාවක්.

කෙනෙක් පිහිය නිපදවගත්තේ සතෙක් මරාගන්න වෙන්න පුළුවන් හැබය් එහෙම කියල තව කෙනෙක්ට එකම ගොවිතැනට උදවු කරගන්න බැරි කමක් නැහැනේ.

ඔවු අපේ විස්වා විද්‍යාල වලින් අන්තිම JVP අන්තවාදියාවත් එලවල නිදහස ලබපු දවසට අපිට අපේම අද්යාපනයක් හදාගන්න පුළුවන්. එතකන් අපිට පවතින ක්‍රමයත් සමග ඉදිරියට යන්න වෙනවා මොකද මම මේ රටේ ලේ හොලවන විප්ලවයක් ගැන මම විස්වාස කරන්නේ නැති නිසා. මම විස්වාස කරන්නේ මිනිසුන්ගේ හිත් තුල දැනුවත් කම තුලින් ඇති වන සමාජ පරිවර්තනයක් විතරඊ.

Nalaka Gamage said...

බහුතරයක් කිව්වා කියල හරි , මොකෙක් හරි ලිව්ව කියල හරි යමක් පිලිගන්න බැ ....

මේ පොතෙර් අන්තිම chapter එක කියවගන්න.
http://goo.gl/Hr0BP

buwa said...

වර්ථමාන ලෝකයේ ආර්ථිකය රඳා පවතින එක ප්‍රධාන සාධකයක් තමයි දැනුම , ඇමරිකාවේ දේශපාලනය මම අනුමත කරන්නේ නැ . දැනුම ඇතුලු නව සාධක රාශියක් මත ගමන් කරන්න පුලුවන් කම තියෙත්දිත් ඇමරිකාව අදටත් බලය හරහා ආර්ථික වාසි ලබා ගැනීමක ඉන්න එක මනුෂ්‍යත්වයට ගැලපෙන්නේ නැ . හැබැයි ඉතින් රුසියාව හා චීනයත් අඩු වැඩි වශයෙන් ඔහොමම තමයි . චීනය ටිබෙටයේ ජනතාව මත මුදාහරිණ ප්‍රචණ්ඩත්ව්යත් , තමන්ගේ රට ඇතුලේ දක්වන ප්‍රජාතන්ත්‍රවිරෝධී බාවයත් මම අනුමත කරන්නේ නැ . ඇමරිකානු රජයේ (හැම රජයකම ) දේශපාලනය ගැන යම් විරෝධයක් තිබුනත් බටහිර ආර්ථික ක්‍රම , සමාජ ක්‍රම ආදිය ගැන විරෝධයක් දක්වන්න හේතුවක් වත් , ඒ රටවල් එක්ක සබඳතා පවත්වල ලබා ගන්න පුලුවන් වාසි ලබා ගන්න එකවත් ප්‍රතික්ෂේප කරන්න මට නම් හෙතුවක් නැ . දැනුම විතරක් නෙවෙයි අද වෙන කොට මුලු ලෝකයම එකිනෙකා මත යැපෙමින් ඉන්නේ . මම දකින විදිහට ලංකාවට මේ වෙලාවේ වඩා වැදගත් සංවර්ධනයේ උපරිම තලයේ ඉන්න රටවල් මිසක් දැවැන්ත බල අරගලයක කොටස් කරුවො වෙච්ච සිඝ්‍ර ගාමි සංවර්ධන වේගයක ඉන්න චීනය හෝ ඉන්දියාව නෙවෙයි (ඉන්දියාව නම් අල්ලපු වැටේ එකා නිසා ශේප් එකේ ඉන්න වෙනව , නමුත් අපේ ආර්ථිකය අනවශ්‍ය ලෙස මේ මේ රටවල් වලට නිරාවරණය කිරීම භයානකයි ). ඒ නිසා තමයි බටහිර වැටිලා ආසියාව නැගිටියන් කියල ප්‍රාර්ථනයක් මගේ නැත්තේ .


දාන්න පහක් .. විශ්ව විද්‍යාල වලින් ජෙප්පො එලවනවට මාත් එකඟයි , අපේම අධ්‍යාපනයක් කෙසේ වෙතත් රටට හා අනාගතයට ගැලපෙන අධ්‍යාපනයක් ගැන තමයි මම විශ්වාස කරන්නේ . මමත් ආකල්ප වෙනස්ක් ගැන විශ්වාස කරන කෙනෙක් හැබැයි ඔබතුමා හිතන පැත්තට නොවෙයි මම හිතන්නේ

පොත ලෝඩ් වෙන්නේ නැනේ . චම්පික මහත්තයගෙ වෙබ් අඩවියේ තියන ලේඛනයකින් ඔය ප්‍රශ්නේ දිහා බලනව කියන්නේ තමිල් නෙට් එකෙන් යුද්ධෙ බැලුවා වගේ වැඩක්

Nalaka Gamage said...

"චම්පික මහත්තයගෙ වෙබ් අඩවියේ තියන ලේඛනයකින් ඔය ප්‍රශ්නේ දිහා බලනව කියන්නේ තමිල් නෙට් එකෙන් යුද්ධෙ බැලුවා වගේ වැඩක්"

නෑ දෙකේ වෙනසක් තියෙනවා. ටැමිල්නෙට් එකේ තියෙන්නේ පරාජිත මත වාදය. මේ පොතේ තියෙන්නේ ජයග්‍රහණය කරපු මතවාදය. http://goo.gl/Hr0BP do save link as to download

buwa said...

ජයග්‍රහනය කලේ යුද්ධය විතරයි .. චම්පිකල කිව්ව විදිහට යුද්දෙන් ප්‍රශ්නය අවසන් නම් ඇයි රජය දෙමල සංධානයත් එක්ක සාකච්ඡා පවත්වන්නේ . මේ රටෙන් කැලි වෙන් කරගන්න හදපු ටැමිල් නෙට් මතවාදයත් , මේක සිංහල බෞද්ධයින්ගේ පමණක් නිජ භුමිය හා එනිසා දේශපාලනික ගැටලුවක් දෙමල ජ්නතාවට නැය කියන චම්පික මහත්තයගේ මතවාදයත් එක තරම්ම අන්තවාදියි . යුද්ධෙ අවසන් කියල ටැමිල් නෙට් එක බෙදුම්වාදය අතැරල නැ . එ නිසා ඒ අන්තවාදයත් තාම තියනව . චම්පිකට රාජ‍ය බලය තිබුන පමණින් මතවාදය ජය ගත්තා වෙන්නේ නැ

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk