වරිගය රැක ගන්න ජනතාව ගොනාට අන්දන දොස්තර මුදලාලිලා

07 September, 2011

මේ රටේ සිටින බටහිර දොස්තරලාට තරම් හොද ආර්ථික විද්‍යා දැනුමක් මහා බැංකුවේ උදවියටවත් නැති තරම්ය. හීන් නූලෙන් තමන්ගේ වැඩකරගැනීමේ කලාවෙන්ද ඔවුන් කෙල පැමිනියන්ය. අප රටේ අමන දනන් බහුතරයක් සිටින තාක් කල් ඔවුන්ට බැටළු හම පොරවාගත් වෘර්ක  බූමිකාව යසට රගපෑමට ඉඩකඩ ඇත.

මේ රටේ විවෘර්ත ආර්ථිකයක් ඇති බව නොදන්නා කෙනෙක් ඇත්නම් එක්කෝ අමුම මුග්ධයෙකි නැත්නම් අංක එකේ කපටි කෛරාටිකයෙකි.  විවෘර්ත ආර්ථිකය තුල වටිනාකම පාලනය වනුයේ ඉල්ලුම - සැපයුම න්‍යාය මත බව අප කවුරුත් දන්නා සත්‍යයකි.
කළු කඩ මුදලාලිට බඩුවල මිල වැඩි කිරීමට උවමනා වූ විට කරනුයේ හිගයක් ඇති  කිරීමය. වෙනත් වචනයකින් කියන්නේනම් සැපයුම අඩු කිරීමය. අද දොස්තර මුදලාලිලා රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන හිතු පරිදි මුදල් උපයනුයේද කළු කඩ න්‍යාය හීන් නූලෙන් බාවිතයෙන්ය. රටේ අවශ්‍යතාවයට සරිලන තරම වෛද්‍යවරුන් බිහි නොවීම සහ ලෝකයේ අන්රටවල ඇති අදික ඉල්ලුම මත  නිදහස් අද්‍යාපනය  ලබා වැඩි ආදායමක් ඉපයීමට විදේස ගතවන වෛද්‍යවරු හේතුවෙන් වෛද්‍ය හිගයක් ඇතිවීම අනිවාර්ය යථාර්තයකි. එතුල රටතුල ඉතිරිවන සීමිත වෛද්‍යවරු පිරිසට දැඩි ඉල්ලුමක් ඇතිවීම මගින් ඔවුන්ට රිසි පරිදි රෝගීන් ගසා කෑමේ ඉඩ කඩක් නිර්මාණය වී ඇත.  ලැබෙන සේවයේ ගුණාත්මක පරිහානියක්ද ඇත.

ආණ්ඩුවකට කිසම
වෘතියක 100%  වෘතිකයන් බිහි කිරීමේ හැකියාවක් නැත. ඉන්ජිනීරුවන්, ගණකාධිකාරීන්, පරිපාලකයන් ආදී සෑම වෘතියකම සැලකියයුතු ප්‍රතිශතයක් බිහිවනුයේ පුද්ගලික අංශය හෝ රජයට අනුබද්ද වෙනත් ආයතන මගිනි. මෙරට දොස්තර මුදලාලිලාගේ කෙස් පැලෙන තර්කවලට අනුව වෛද්‍ය වෘතියට මෙය ගැලපෙන්නේ නැත. ඔවුන් මේ සදහා බාවිතා කරනුයේ ත්‍රස්තවාදයය්. ත්‍රස්තවාදීයාගේ උපාය මාර්ගය වන මිනිසුන් බිය ගැන්වීමය.

පුරාන භාරතයේ බමුණන් තම බලය රැකගැනීමට කලේ වෙනත් කුලයක පුද්ගලයකු වේදය කියවනු ලබූවොත් ඔවුන්ගේ කටට උණු තෙල් වක්කිරීමට නියෝග කිරීමය්. අද වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට කැමති බහුතරක් සිදුන්ගේ ඉරණමද වෛද්‍ය බමුණු කුලය විසින් පාගා දමා ඇත්තේ පැරණි කපටි බමුණන් අනුවම යමිනි.

දොස්තර ත්‍රස්තයන් මෙය අපූරුවට රගදක්වන්නේය. පළමුව ඔවුන් මෝඩ ලාංකිකයන් ගොනාට අන්දවන්නේ පුද්ගලික අංශයෙන් වෛද්‍යවරු බිහිවූවොත් අනිවාර්යයෙන්ම ඔවුන් අදක්ස සහ අඩු තත්වයෙන් යුතු බයානක වෛද්‍යවරු වන බවය්. නමුත් අප කවුරුත් දන්නා සත්‍ය වනුයේ, පුද්ගලික අංශයේ සේවාවන් බොහෝ විට රාජ්‍ය අංශයට වඩා ගුනාත්මක බවය්. මෙය පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට පමණක් වැරදෙන්නේ කෙසේද යන්න එකම දොස්තර මුදලාලි කෙනෙක් වත් විස්තර කරන්නේද නැත. එසේනම්ලොව පුරා ඇත්තේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පමණක් විය යුතුය. මෙසේ සාමාන්‍ය ජනතාව ගොනාට අන්දා බියපත් කරන දොස්තරලා සියල්ලම විදෙස්වල විසේසඤ වෛද්‍ය උපාදි කර පැමිණෙන්නේද එරටවල රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වලින් පමණක්ම විය උතුය.

දෙවනුව මෙම
ත්‍රස්ත දොස්තරලා කරනුයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්දය පවසමින් අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන වර්ජන කිරීමය. පුවත් පත් සාකච්චා වලට පැමිණෙන ඇතැම් වෛද්‍යවරු හැසිරෙනුයේ බෝසත් වරු ලෙසිනි. රටේ වෛද්‍ය අද්‍යපන අවස්ථා වැඩි කිරීමට පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඔවුන් දිවි හිමියෙන් විරුද්ද බව පවසය්. නමුත් මේ බොහෝ දෙනා පුද්ගලික අංශයේ මුදලට රෝගීන්ට බෙහෙත් දෙන චැනල් මාපිලුන්මය. එතනදී පුද්ගලික අංශය හොදය. බහු ජාතික ඖස සමාගම් සමග ගජ මිතුරන් ලෙස "brand name" වලින් ඖස නියමකර මිලියන ගණනින් සන්තෝසම් ලබාගන්න විටද පුද්ගලික අංශයේ වරදක් නැත.

තමන්ගේ වෛද්‍ය බමුණු කුලය තුල යටත් විජිත සමය තුල ඇති කරගත් ඇති අසීමිත සමාජීය සහ න බලය දිගටම රැක ගැනීමේ නොනිමි අසාවෙන් මත්වී සිටින මොවුන්ට කන්න උවමනාවූ විට පමණක් කබරගොයත් තලගොයා වන්නේය.

තමන් කැමැති යමක් ඉගෙනීමට ඇති මූලික අය්තිය ශ්‍රී ලංකාව තුල අද නොමැත්තේ වෛද්‍ය අද්‍යාපනය තුල පමණි.

උසස් පෙළ හදාරන සිසුන් අතරින් අද වඩාත් මානසික පීඩනයකට ගොදුරුවී අද්‍යාපනය කරනුයේ ජීව විද්‍යා සිසුන්ය. වෛද්‍ය විද්‍යා කඩයිම් ලකුණු මට්ටම පසු කිරීම අද යුද්දයකි.
මුදල් යහමින් ඇති සිසුන් A/L අසමත් උවද පිටරට ගොස් වෛද්‍ය උපාදිය ගෙන මෙරට පැමිණ යහතින් වජබෙන්නේය. ප්‍රශ්නය ඇත්තේ එතරම් ආර්ථිකයක් නැති මධ්‍යම පාන්තික දරුවන්ටය.

මේ හරහා පිටරටට ඇදෙන ඇති මහත් ධනස්කන්දය නැවතීමට රජයට වගකීමක් ඇත.

අනෙක් අතට මෙසේ දැඩි තරගකාරීතත්වය හේතුවෙන්  අසහනයට පත්වන තරුණ කණ්ඩායම් තුල සමාජ වෛරය වපුරවා තම දේසපාලන බඩගෝස්තරය රැකගන්නා අන්තගාමී දේශපාලන ව්‍යාපාරයන්ටද මෙම වය රැකගත යුතුව ඇත. ඔවුන්ද ලෝකය මතුපිටින් පමණක් කියවන මනෝරාජික මෝඩ ගිරාපොතකයන් බෝර්ඩ් ලෑලි ඔසවාගෙන පාරට බස්සනු ඇත.   

ජනතාව ගොනාට ඇන්දීමත්, බියගැන්වීමත් නැවැත්වීමට රජය ඍජුව ක්‍රියාකළයුතු  කාලය පැමිණ ඇත.

Bookmark and Share Related Posts with Thumbnails

8 comments:

100%ක්ම එකඟයි...

Chanuka Wattegama said...

Great post. Fully agree with you.

Anonymous said...

ගින්දර වගේ තමඊ. එල!!

Anonymous said...

SB pagawa aran, me hospital ekak wath nethi SAITM eke degree dunnnama, eka hondai da?

Anonymous said...

Asawa thiyena ekata igena gena samajayata yahapathak karanna chance ekak dena eka waradak nemei... mekata wirudda wela ke gahanne....... lankawe private hospital market / channel market ekata suppliersla wedi wenawata baya channel pappala.... heikiyawa thiyena ekata salli deela hari igena ganna puluwannam chance eka dena eka waradak nemei........

Nalaka Gamage said...

This post is now published on lankacnews.com. Here is the link http://lankacnews.com/sinhala/main-news/24268/

Anonymous said...

aththa!!

Dananjaya said...

Nalaka Mahathmaya,
Oba thumage kathawe aththak nathuwa nowei. Namuth Prashnaye pavathina bararum kama gana NOTHEREEEMA pilibadhawa mage balawath kanagatuwa.
A/L pass wela Medicine faculty ekata Yanna thiyana amaruwa hodatama danna manussayek mama.
Ehema Tyeddith CCS, CSS or SSS kiyana result walin hari Commerce, Arts walin AL karapu hari lamayek oya maha lokuwata katha karana Medical college ekata giyahama, Katta kala mahansi wela paadam karapu dupptath lamayekuta sidda wena asadaaraneta waga kiyanne kauda?

Prashnayak diha eka paththakin witharak balala theerana walata nigamana walata elabenna epa. Prashnaya Vinivida dakinna.

Oba thumata puluwan ita passe kawada hari dawasaka gihin, dan ledakata dukakata beheth gannawa wage baya nathuwa beheth ganna?
Yam Vurthiyaka GUNATHMAKA BHAWAYAK thiyanwa. E de raka gaththe nathnam, Ethanin ehata sidda wena de katath therenawa.

Dostharala ekenek dennek karana dewal diha balala hama Dosthara kenekma ee gaanata dala hithana epa.

Api Upakalpanaya karamuu....
Oba thumatath kauru hari kiwwoth "Oba thuma rata gana hithanwa kiyala hithuwata, yatin karana wada api nodannawa nemei" kiyala, Hithata amarui neda?

Anna e wage thama. Me Prashnaya diha as arala balana Dostharalatath sidda wenne oya de.

Poddak Hithala, Prashnaya diha nawatha warak balanna.
Sthuithiy!!

සංවාදයට විවෘතයි!

 
 
 

අද දෙරණ

ලංකා සයිබර් නිවුස්

defence.lk