විෂ්ණු දේව පිළිතුර

23 September, 2011

මේක මම පොඩිකාලේ අහල තිබුණ කවියක්. මේ දවස් වල lankacnews එකේ ලබන අව්රුද්ද ඇතුලත ලෝක විනාස වෙනවා කියල එකෙන් ගැලවෙන්න සූත්තරයක් විදියට මන්තරයකුය්, යන්තරයකුය් publish කරලා හරිම සන්තෑසියක්. ඒ ලිපියට  ප්‍රතිචාරයක් විදියට මේ කවිය පාටකයෙක් පලකරලා තිබුනම මතකය අලුත් උන. පොඩ්ඩක් google එකේ හොයල බලද්දී විසිතුරු බ්ලොග් එකේ එම කවිය ගැන විස්තරාත්මක සටහනක් තිබුන. එක රසවත් වගේම අර්ථවත් නිසා නැවත පල කරන්න හිතුන. මේක උපුටාගැනීමක් පමණයි. සටහනේ අයිතිය විසිතුරුගේ බ්ලොග් එක සතුයි.

එය අගනුවරින් දුර බැහැර පෙදෙසක පිහිටි පන්සලකි. මෙම පන්සලේ විෂ්ණු දේවාලයක්ද විය. දිනක් මෙම පන්සලේ විසූ ජිනරතන නම් හාමුදුරුවන්ට සිය අවශ්‍යතාවයකට කොළඹ නගරයට යාමට උවමනා විය. එකල හැටියට මෙය තරමක් දුෂ්කර ගමනකි. ජිනරතන හාමුදුරුවෝ සිය ගමන යාමට සූදානම් වී විෂ්ණු දේවාලයට ගොස් දෙවියන් යැද සිය ගමන සාර්ථක කරවා දෙන ලෙස  ඉල්ලූහ. අනතුරුව උන්වහන්සේ කොළ කැබැල්ලක  පහත කවිය ලියා  දේව රූපය ඉදිරිපස එල්වා ගමනට පිටත් විය.



සුර රද උපුල්වන් මම හෙට කොළඹ       යමී
මගෙ අදහසට දිව නෑ සිත් යොමා         නැමී
යන කාරණය ඉ‍ටුවුවහොත් කමල්         හිමී
තෙල් මල් පහන් රන්මල් දම් ගෙන       පුදමී


ජිනරතන හිමියන් මෙම කාර්යය කරන අයුරු එම වෙලාවේ පන්සලේ සිටි උපාසක මහතෙක්ද දු‍ටුවේය. කුහුලෙන් මඩනා ලද සිත් ඇතුව දේවාලයට ගිය ඔහුට එම කවිය දක්නට ලැබිණි. බුද්ධ පුත්‍රයෙක්ව සිටගෙනත් දෙවියන් යැද පිහිට පතන ජිනරතන හිමියන් ගැන ඔහුට සිනා පහළ විය. හාමුදුරුවන්ට මෙහි ඇති වරද පහදා දිය යුතුය. මදක් කල්පනා කල ඔහු එම කවිය ලියූ කොළය ගෙන එයට පහතින් පහත කවිය  ලියා තිබූ තැනම එල්ලුවේය.


තෙල් මල් පහන් මට කුමටද            ජිනරතනේ
දුල්වන් මාල පළඳින සිරිකත               මැරුණේ
වල්පල් නොකර මින් මතුවට බුදු           සසුනේ
ගොන්කම් නොකර සිල්දම් රකු බුදු        පුතුනේ

උපුටා ගැනීම:

http://visituru.blogspot.com/2011/09/blog-post_22.html

Bookmark and Share Related Posts with Thumbnails

3 comments:

හපොයි මට යන්න බැරි වුනොත් එදාටමයි මේ බ්ලොග් වල හොඳ හොඳ දේවල් වෙන්නේ. මේ දැන් තමයි ඒ පැත්තෙ ගියේ. ඒක හරියට Lotus Buddhism වල වෙනම සංස්කරණයක් වගේනේ!
රචනා ශෛලිය වෙනස් වෙලා වගේ? :D
උපාසක මහත්තයත් මාර කවියෙක් නොවැ?

නාලක -
මා ලියූ සටහන ප්‍රයෝජනවත් වීම ගැන සතු‍ටුයි. මේ කතන්දරය මගේ නිර්මාණයක් නොවන,සත්‍ය සිදුවීමක් බැවින් උපුටා ගැනීම ගැනද ගැටලුවක් නැත. මගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත් බව සටහන් කලාට බොහොම ස්තූතියි. ඔබට ජය!

Nalaka Gamage said...

විසිතුරු,
මේක සමාජයේ තිබුන කවියක් උනත් එක අන්තර්ජාල ගත කරණයේ ගෞරවය විසිතුරුට දෙන්න ඕනනේ. අනිත් එක මම කවි පදය google search කරද්දී result එකට ආවෙත් ඔබේ අඩවිය විතරය්. ඒ කියන්නේ බොහෝ විට cnews එකේ comment එක දාපු පුද්ගලයත් ඔබේම පාටකයෙක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා.
ඔබේ ලිපිය පළවුණු දවසෙම තමය් comment එක දාල තිබුනෙත් , එදාම මම comment එකත් දැකල, original ලිපියත් google search කරලා හොයා ගත්ත. තොරෝරතුරු කොතරම් වේගයෙන් හුවමාරු වෙනවද. ඒක අතුරු කතාවක්. :-)

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk