| Tweet |
|
හත් මුහුදින් එපිට ගුගුරුවා.....
බත දොයි.. උගුරු දණ්ඩ..
හත් දෙය්යන් බලා ඉද්දි
සුද්දෝ ආවේ රට කරන්න
මහත්වරුනි දන්නවාද
සුද්දෝ ආවේ රට කරන්න...//
ඇත් දත් ගම්මිරිස් කුරුදු
මැණික් අරන් එතෙර යන්න
ලක් මවුන්ගේ දරු පැටවුන්
වහල් කමේ තියාගන්න
වැවු බිද රන් කොත බිමලා.....
වැවු බිද රන් කොත බිමලා
දාගැබ පිට කොඩි දමන්න
මහත්වරුනි දන්නවාද
සුද්දෝ ආවේ රට කරන්න...//
යෝද කදු වළලු වටලා
වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා
එතෙර විදේසේට යවන්න
ඉර නොබහින පොලව වටේ.....
ඉර නොබහින පොලව වටේ
කතිර කොඩිය ලෙල දෙවන්න
මහත්වරුනි දන්නවාද
සුද්දෝ ආවේ රට කරන්න...//
සත්තු වගේ මඩ කාගෙන
දිව කාගෙන බර අදින්න
උත්තම අදිරාජ්ජෙකට
ජීවිත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා.....
අනේ අපොයි අපිත් ගියා
පය පාමුල වහල් වෙන්න
මහත්වරුනි දන්නවාද
සුද්දෝ ආවේ රට කරන්න...//
හත් මුහුදින් එපිට ගුගුරුවා.....
බත දොයි.. උගුරු දණ්ඩ
හත් දෙය්යන් බලා ඉද්දි
සුද්දෝ ආවේ රට කරන්න
මහත්වරුනි පේනවාද
අදත් එනවා රට කරන්න //
ගායනය - සුනිල් එදිරිසිංහ
බත දොයි.. උගුරු දණ්ඩ..
හත් දෙය්යන් බලා ඉද්දි
සුද්දෝ ආවේ රට කරන්න
මහත්වරුනි දන්නවාද
සුද්දෝ ආවේ රට කරන්න...//
ඇත් දත් ගම්මිරිස් කුරුදු
මැණික් අරන් එතෙර යන්න
ලක් මවුන්ගේ දරු පැටවුන්
වහල් කමේ තියාගන්න
වැවු බිද රන් කොත බිමලා.....
වැවු බිද රන් කොත බිමලා
දාගැබ පිට කොඩි දමන්න
මහත්වරුනි දන්නවාද
සුද්දෝ ආවේ රට කරන්න...//
යෝද කදු වළලු වටලා
වන හිස මුඩු බිම් කරන්න
කෝපි තේ රබර් වවලා
එතෙර විදේසේට යවන්න
ඉර නොබහින පොලව වටේ.....
ඉර නොබහින පොලව වටේ
කතිර කොඩිය ලෙල දෙවන්න
මහත්වරුනි දන්නවාද
සුද්දෝ ආවේ රට කරන්න...//
සත්තු වගේ මඩ කාගෙන
දිව කාගෙන බර අදින්න
උත්තම අදිරාජ්ජෙකට
ජීවිත පූජා කරන්න
අනේ අපොයි අපිත් ගියා.....
අනේ අපොයි අපිත් ගියා
පය පාමුල වහල් වෙන්න
මහත්වරුනි දන්නවාද
සුද්දෝ ආවේ රට කරන්න...//
හත් මුහුදින් එපිට ගුගුරුවා.....
බත දොයි.. උගුරු දණ්ඩ
හත් දෙය්යන් බලා ඉද්දි
සුද්දෝ ආවේ රට කරන්න
මහත්වරුනි පේනවාද
අදත් එනවා රට කරන්න //
ගායනය - සුනිල් එදිරිසිංහ


2 comments:
සින්දුවේ download link එකේ අවුලක් තියනවා..බලන්න පුළුවන්ද?
අනිත් එක word verification අයින් කාලොත් comment කරන්න ලේසියි.
ස්තුති රූ. down load ලින්ක් එකේ අවුල හැදුව. Word verification ඕන කරලා තිබුනේ spam ආපු හන්ද හන්ද. ඔන්න එකත් ඉවත් කලා බලන්න. :-)
Post a Comment