සමාවෙයන් ලොකු පුතේ ..

07 November, 2011

තාබුගල ආනන්ද හාමුදුරුවො නම් නුඹලට කතා කලේ ලොකු පුතේ කියල. මාත් කියන්නම් එහෙම්මම. මොනවා කරන්නද මට හිතෙන්නේ නැහැ ලොකු පුතේ. එත් සමහරු මේ අලි මිනිස් පටලැවිල්ල වැරදි කොනින් අල්ලන් මානව හිමිකම් ගැන කතා කරන්නේ. ඉතින් මේ පටලැවිල්ල ගැන වචනයක් ලියන්න හිතුන. එත් මේ වතාවේ මිනුස්සු ගැන හිතල නෙමෙය්. මිනිහෙකුගේ වෙඩි වැලකට හසුවෙලා ඇස් දෙකම පෙනෙන්නේ නැති උබ ගැන හිතල. මට මිනිස් වරිගේ වෙනුවෙන් උබගෙන් සමාව ගන්න හිතුන. එත් අපි ගැනත් පොඩි කතාවක් තියෙනවා ලොකු පුතේ.

කණවැල අල්ලන්න බැරි අපිත් කලේ උඹට කන්න යමක් ලගට ගෙනත් දීපු එක තමා. එත් අපි දන්නවා නුබ මේ නාඹර වයසේ ඉන්න ඕන නිදහසේ උපරිමය අත්විදිමින්. එත් විදුලි රැහැන් ඇදපු මායිමට වෙලා කන්න යමක් ලැබෙනකම් ඔහේ බලාගෙන ඉන්න හිගන්නෙක් බවට උඹව පත් කලේ නිකම්ම මිනිසකුගේ වෙඩි පහරක් නෙමෙය්, මේ සිංහල බෞද්ධ රටේ සත්ව කරුණාව එළවා දමල මානව දයාව ගැන කතා කරපු 1505 දී රට සූරන් කන්න ආපු තක්කඩි රැල තමයි.
අපි ඇවිත් නුඹලගේ රජ දහනේ පැල පදියම් වෙනවනම් නුඹල එක්ක සහජීවනයෙන් ඉන්න ඕනේ කියල අපි දන්නවා. එකය් ඉස්සර අපේ මිනිස්සු නුඹල දැක්කම මග ඇරලා යන්නේ. එකය් අලිමංකඩ බේරලා ගෙවල් හදන්නේ. එත් දැන් ඒ කිසිම සහජීවනයක් නෑ. අපිව ඉස්සරත් නුඹල එක්ක පොඩි පොඩි ගැටුම් නොවුන නෙමේ. ඒත් අපි එව්ව විද දරගත්තෙත් හරිම සුන්දර විදියට.

තාමත් මැවිලා පේනවා තමන්ගේ වරිගේ බේරගන්න දුටුගැමුණු කුමාරයා වගේ ඉදිරියට පැනල වරිගෙට නිදහස ගෙනත් දුන්න පනාමුරේ ඇත් කුමාරයා මැරිලා වැටුන හැටි අර තක්කඩි මොලමුරේ ගේ වෙඩි පාරින්. සුද්දෝ ලංකාවට ඇවිත් පුරුදු කලේ ඔව්ව තමා. අපේ කම වෙඩි තියල උන් ගියා විතරක් නෙමෙය්, මෙහෙ ඉන්න කළු සුද්දන්ට තුවක්කුත් දුන්න. සත්ව කරුණාව කියන එක, මානව දයාව කියල පටු කලේ ඒ පර සුද්දෝ.

මිනිහගේ පැවැත්මට මුළු පරිසරයම වෙනස් කරන්න ඕන කියල උන් අපේ එවුන්ගේ ඔලුව මොට්ට කරලා. දැන් අපේ උන් තිරසන්නු වගේ වැඩ කරද්දී නුඹලට තිරිසන්නු කියල කියන්නේ කොහොමද? අපිට දැන් මේ පටලැවිල්ල විසදගන්න බෑ ලොකු පුතේ. එක පාලකයෝ ගන්න ඕනේ පියවරක්. එත් මේ තකතීරු පාලකයන් හිතන්නේ ඊලග වතාවේදී උන්ට චන්දෙ දෙන මිනිස්සු ගැන මිසක් උබල ගැන නෙමෙය් නේ. රටේ පරිසරය ගැන නොහිත හැම ගහක් කොලක්ම කපල ගිනි පෙට්ටි වගේ කොන්ක්‍රීට් ගෙවල් ගහල ඒවා ඇතුලේ ගව පට්ටි වගේ ජීවත් වේවි වැහු පැටවූ බිහි කරන උන් අන්තිමට පරිසරය ගැන හිතන අපිටත් ඉඩම් ටික ටික හිග කරනවා. ඉතින් අපේ උන් ටික ටික කැලේට එනවා. අපිටත් අදට වඩා හෙට දවස අමාරු වෙනවා මේ පාලකයෝ සහජීවනය ගැන දන්නේ නැතිව දේශපාලනය කරන්න ගියාම. එහෙව් එකේ මුන්ට උබල ගැන හිතන්නවත් බැරි වෙය් මගේ හිතේ.

මොනවා කරන්නද ලොකු පුතේ. හැරිලා අයෙත් වාහනේ ගාවට ආවේ ඇස දෙකේ කදුළු පුරවන් කියල උබට පෙන්නේ නෑ. අයෙත් යනෙන ගමන් උබට කන්න මොනවා හරි ලගට ගෙනත් දෙන්නම්. කතරගම මහසෙන් දෙය්යන්ගේ අඩවියේ උබට තවත් නම් කරදරක් නම් වෙන්න එපා.

සමාවෙයන්.

(උපුටා ගැනීම අන්තර් ජාලයේ "රාවන සොයුරෝ" වෙබ් අඩවියේ කලකට ඉහතදී පලවූ ලිපියක් ඇසුරිනි.)

Bookmark and Share Related Posts with Thumbnails

1 comments:

හිතුමතේට හිතන්න යමක් මේ ලිපියේ අන්තර්ගතයි.. අදමයි මම මේ පැත්තේ ආවේ නම් උපුටා ගැනිමක් උනත් කාලෝචිතයි ගොඩාක්....

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk