මස් කඩ මුදලාලිලා, බේබද්දන් හා හිගන්නන් විවරණ ලැබූ මෙත් බුදු හිමියන්ට අන්දන ඉරාජ්/දුක්ගන්නාරාල

22 November, 2011

"ඔය ඔබේ ලගට විත් සිගමන් අයදීති අසරණ විලසින් මෙත් බුදු හිමියන් දැයි අනේ තවම අපි නොදනිම්......." - ඉරාජ් / දුක්ගන්නාරාල
ඔබත් ගෞතම බෝධි සත්වයන් වහන්සේගේ අතීත බවයන් විස්තර කරන ජාතක පොත් වහන්සේ කියවා ඇත්ද? විවරණ ලබා ඇති බොධි සත්වයන් වහන්සේලා බේබද්දන් වූ බව හෝ අසරණ සිගන්නන් ලෙස කිලිටි වැරහැලි ඇද සිගමන් අයදමින් ජීවත් වූ යේ යය් ඔබ අසා තිබේද? බෝධි සත්වයන් වහන්සේ නමක් මැරයකු, සත්ව ඝාතකයකු හෝ මස් කඩ මුදලාලි කෙනෙකු වී ඉපදී මට හැකි ද?
බුදු වරුන්ට අපහාස කරන මෙම මිනිසුන් සියුම්ව පහර දෙන්නේ ත්‍රිවධ රත්නයෙන් ප්‍රමුක වූ බුද්ධ රත්නයට නොවේද? ථෙරවාදී බුදු දහමට මෙසේ සියුම් අයුරින් පහර දෙන නූතන ධන වැද්දන් ට ඔබත් රැවටුනිද, ඔබත් ඔවුන්ගේ රසිකයන්ද?
පිපෙනා.. මලකට ... ගලනා.. දොලකට... දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි කොය් ලොව යන්නේ... මරණින් පස්සේ... පින් පව් එනවා... අපි පසුපස්සේ...

Bookmark and Share Related Posts with Thumbnails

8 comments:

Anonymous said...

meka bawuddayek neweyi neda? Dukgannaya kiyanne hari haman jaathakayak thiyana ekek neweyi. may wage ababbayo gahala elewwe nathnam ratama iwarayi.

Anonymous said...

කෙසේ වුවත් මොහු සමහර බවුද්ධයන්ට වඩා හොදි බුද්ධ දර්මය තේරැම් අරන් ඈති බව පෙනේ

Anonymous said...

ඉරාජ් සහ දුක්ගන්නාරාළ වැනි හිස් මිනිසුන් පුම්බා තබන්නේ කවුදැයි ඇස් ඇර බලන්න. වැටත් නියරත් ගොයම් කන විට කියන්නට කෙනෙක් නැතුවාසේ ජාතික යැයි කියන මාධ්‍ය වලින් මොවුන්ට ලැබෙන ප්‍රතිචාරයත් ඉහළ තැන් වලින් මොවුන්ට ලැබෙන අනුග්‍රහයත් ගැන කියන්නට කෙනෙක් නැත.
තල්මසුන්ගේ හකු පන්නන්නට, කසිප්පු පෙරන්නට, කංසා බොන්නට කතා කරන ගීත යැයි කියාගන්නා මේ විකාර දෙඩවිලි වල අළුත්ම මුහුණුවර හෙළි කරන්නේ මෙය සංවිධිත කුමන්ත්‍රණයක් බව නොවේද?

Anonymous said...

Nodakin Muge Sinduwa..

Anonymous said...

මේක නොදැන කරපු දෙයක් වෙන්න බෑ. ඉතාම නින්දිතයි. එහෙම පෙරුම් පුරා දැනට දෙව්ලොව ඉපදී ඇතැයි විශ්වාසය තිබෙද්දීත් ඒ චරිතයට සියුම්ව මඩ ගසනවා. මෙත් බෝධිසත්වයින් අර්ථ දැක්වෙන්නේම දැනට දෙව් පදවි ලබා ඇත්තකුය යන කරුන නිසා, මෙහි මෙත් බෝසත් හැටියට ඔහු වෙනයම් දෙයක් අදහස් කලා වෙන්නට බෑ.
සියළු ආඅගම් වලට අපහාස කල නොහැකි අන්දමට නීති ගෙන ඒම අත්‍යවශ්‍යයි. යම් ගීයක් තහනම් කල යුතු නම් මෙය එහි උඩින්ම තැබිය යුතුයි.
ඉරාජ් දුකා යන දෙදෙනාම ධන වැද්දන්, ඉරාජ් සම්බන්ධ හැම ගීතයකටම ඔහුගේ මූන අනියමින් හෝ රින්ගා ගන්නට දරන උත්සාහය සිනා උපදවන සුළුයි. වචනයක් දෙකක් හැසිරවීමට දැනගත් පමනට ජාතික ආත්මය පාවාදෙන දුකා ද එවන්ම බොරු කාරයෙක්!

සෝරෝ said...

මේ සිංදුවෙත් ප්‍රධාන භූමිකාක් සමන්තබද්ද රඟපාලා තියෙන හැඩයි..
මම කිවුවේ වීඩියෝ එකේ නෙවෙයි..

Anonymous said...

සකුර්දගාමී උනාට පසුව කරපු වැදගත් ධර්ම සාකච්චාවක්.

http://www.youtube.com/watch?v=ehEes137bmw&feature=related

Anonymous said...

ඉරාජ් දුක්ගන්නාරාල ගැන විවේචන මටත් තියනවා. නමුත් මම හිතන්නේ මේ ලිපිය සහ මේ කොමෙන්ට් දාලා තියෙන්නේ ඒ ගීතය අහන්නේවත් රෑප රාමු බලන්නේ වත් නැතිව කියලා. ඒ තමයි ලංකාවේ විචාරකළාව(විචාරය කරන්නේ කළාකෘතිය රසවිදීමකින් තොරවයි) පැහැදිලිවම මේකෙන් කියවෙන්නේ අපි සංසාරයේ අතරමංවෙලා ඉන්නේ අපිව නිවැරදි මාවතට ගන්න කෙනා(බුදුවරයෙක් නම්) කොයි ආකාරයකින් පැමිණ අප යහමගට යොමුකරත්දැයි අපි නොදනිමු කියායි. මම හිතන්නේ මේක කාලෝචිත ගීතයක්. මේ ගීතයේ මට තියන ප්‍රධාන අවුල පිටිදූවේ සිරිධර්ම චීවරධාරියව ගැනීමයි. නමුත් ඒ ගැනත් වැඩිය හිතන්න දෙයක් නෑ මොකද මේ රෑපරාමුවල ඉන්නේ නළුවන් නිසා. අනික ලංකාවේ ගොඩාක් චීවරධාරීන් නළුවන්ම පමණක් වන නිසා එතනින් එහාට ඒ ගැන කතාකරන්න යෑමම තේරැමක් නෑ. ඉරාජ්ගේ සංගීතයට පුද්ගලිකව මම කැමති නෑ නමුත් එහෙම කියලා එයාව ලේබල් කරන එකෙත් තේරැමක් නෑ. මොකද අද ඉන්නේ කළාකාරයෝද ව්‍යාපාරිකයන්ද කියලා වෙන්කරන්න සමාජ නිර්ණායකයක් නොමැති නිසා.

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk