සාර්ථකත්වය සදහා යා හැකි විකල්ප මාර්ගයක්

07 December, 2011

සාර්ථකත්වය සදහා යොදා ගත හැකි සරල සහ පහසු මගක් මීට කලින් අපි සාකච්චා කලා (link).  නමුත් හැමෝම එක වගේ නෙමෙයිනෙ. සමහරු විකල්ප මාර්ගවලට තමයි වඩා කැමති. මෙම රූපයෙන් දක්වන්නේ එම දෙවැනි විකල්ප මාර්ගය. මේකත් ඉතාමත් ජනප්‍රිය ක්‍රමයක්.

ඇතැම් ආයතන වලදී මේ ක්‍රමය තමය් තියෙන එකම ක්‍රමය වෙන්නෙත්. ඒ වගේ තැන වලදී එක්කෝ තමන්ටත් මේ ක්‍රමයට අනුගත වෙන්න සිදු වෙනවා, නැතිනම් එතනින් ඉවත් වෙලා හැකියාවට, දක්ෂතාවට, මනුස්සකමට නිසි තැන දෙන ආයතනයකට මාරු වෙන්න වෙනවා.

තමන්ගේ කුශලතා සහ ගුණ ධර්ම වර්ධනය වෙන නිවැරදි ගුණාත්මක අධ්‍යාපනයක් ලැබුනේ නැත්නම් හරි අධ්‍යාපනය ලබන කාලය තුලදී බොරු කරන්න පුරුදු උන කෙනෙක් නම් තමන්ගේ වෘතිමය ජීවිතය තුල ඒ ගොල්ලන්ට තියන එකම මාර්ගය බවටත් මේ විකල්ප මාර්ගය පත් වෙනවා.

තමන් දැනටමත් මේ ක්‍රමය බාවිතා කරනවද කියල පොඩ්ඩක් හිතල බලන්න. සමහර විට ඔබේ ආයතනයේ ඉන්න වෙනත් අය මේ ක්‍රමය දැනටමත් බාවිතා කරනවා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ව හරියට අදුරගෙන ඉන්න එකත් ඔබේ වෘතිමය ජීවිතයට බොහොම වැදගත් වේවි. 

අවශ්‍ය සුදුසුකම්:
- ලැජ්ජාව නැත්තෙකු වීම
- නිවටයෙකු වීම
- වෘතිමය හෙළුව වසා ගැනීම සදහා හුදු අධ්‍යාපන සහතික සුදුසුකම් (ව්භාග ම  එකම අරමුණු කර කෙසේ හෝ වන පොත් කර සමත් විය යුතුය. එයටත් බියනම් විභාග පවා නැති ජාත්‍යන්තර මට්ටමේ විකල්ප පාඨමාලා ද ඇත.)

අවශ්‍ය ක්‍රියාකාරකම්:
- ලොක්කගේ නැති ගුණ ගායනය (ඔහු/ඇය  ඉදිරිපිට සහ ඔහු/ඇය දන්නා කියන අය සමග)
- ලොක්ක දුටු විට හතරට නැමීම. (ගරු කල යුත්තට ගරු කිරීම සහ බිය නිසා නියාලු වීම යනු දෙකකි)
- ලොක්කන් කියන කරන හැම දෙයම හරි සහ ඔවු යය් කීම.
- තමන්ට අදාල නැති කරුණු සදහා වුව බැනුම් ඇසීමට පුරුදු වීම. ඒ ගැන ආඩම්බරයෙන් අනිත් අය සමගද කීම.
- ලොක්කන්ට කේලම් කීම.
- ලොක්කන් ගේ පුද්ගලික අවශ්‍යතා (තම රැකියාවට හෝ වෘතියට අදාළ නොවන) ඉටුකර දීම.
- ඉතා ඉක්මනින් පරිපාලන තනතුරක් (management post) දක්වා උසස් වීම. එවිට තමන්ට කුශලතා නැති වුවද කුශලතා ඇති පුද්ගලයන් (ඔවුන් දුරින් තබාගන්න අතර) ලවා වැඩ කරවාගෙන තමන්ගේ ජාම යන්තම් හෝ බේරාගත හැක.
- කුසලතා සහිත සැබෑ ලෙස හැකියාවන් පෙන්වන අයකු දුටු තැන ඔහුට හෝ ඇයට ඉදිරියට ඒමට ඇති මාර්ග ඇහිරීම සහ හැකිනම් එවැනි අයට ආයතනය එපා වන ආකාරයට කටයුතු යෙදීම.

මෙම ක්‍රමය රාජ්‍ය සහ පුද්ගලික යන දේඅංශයේම භාවිතා කල හැක. ඕනෑම ආයතනයක අඩු වැඩි වශයෙන් මෙම විකල්ප මාර්ගය ඔස්සේ දියුණු වීමට අවස්ථාව පවතී.

අදාල අනිත් ලිපි:
- A simple formula to success
- Boss Vs leader 

Bookmark and Share Related Posts with Thumbnails

1 comments:

Anonymous said...

එලම කිරි!

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk