නත්තලේ වාණිජ යථාර්තය

21 December, 2011

අද පවතින ගෝලීයකරණ සමාජීය සහ දේශපාලන වටපිටාව තුල නත්තල යනු ව්‍යාපාරිකයන්ගේ අත්අඩංගුවේ පවතින උත්සවයකි. බහුජාතික ව්‍යාපාරික ආයතන මෙහිදී ඉලක්ක කරනුයේ හුදු කතෝලිකයන් පමණක් නොව සමස්ත ජනතාවමය. එබැවින් මෙහි යථා ස්වරූපය හැදින සිටීම අප සැමටම වැදගත් වනු ඇත. බහුජාතික ව්‍යාපාරික ආයතන හැම විටම උත්සහ කරනුයේ තම ප්‍රචාරණ යාන්ත්‍රනය මගින් පාරිභෝගිකයන් ගොනාට අන්දවිමටයි. ගෝලීයකරණය වූ ලෝකය තුල ජීවත් වන අප නත්තලේ ව්‍යාපාරික අරමුණු සහ ඒ වෙනුවෙන් වන ජනමාද්‍යවල හැසිරීම දැන සිටීම, ඔවුන්ගේ රූකඩ නොවී ජීවත් වීමට උපකාරී වනු ඇත.

නත්තල ඇරබුනේ කෙසේද?
හතරවන ශතවර්ෂය වන විට රෝමන් වරුන් දෙසැම්බර් 17 සිට 24 දක්වා කාලය සෙනසුරු ග්‍රහයාගේ උත්සවය ලෙස සමරන ලද අතර නැටුම්, ගැයුම්, සූදු ක්‍රීඩා ආදිය එහිදී ප්‍රදාන තැනක් ගන්න ලදී. එහි අවසන් දිනය වන දෙසැම්බර් 25 දිනය ප්‍රචලිතව තිබුනේ හිරු දෙවියන් වන්දනා කරන දිනය ලෙසය. එය රෝමන් ජනතාව වඩාත් උද්යෝගීමත්ව සමරනු ලැබූ ජාතික නිවාඩු දිනයක් විය. කතෝලික ආදිපත්‍ය රෝමය පූරා පැතිරවීමත් සමග හිරු සදු ඇතුළු සියල්ල මවන ලද්දේ දෙවියන් වහන්සේය යන මතය ජනතාවට තහවරු කිරීමට මෙම උත්සවය බාදාවක් විය. හිරු වෙනුවෙන් උත්සව පැවැත්වීම වෙනුවට සියල්ල මවන ලද දෙවියන් වහන්සේගේ පණිවිඩය ලෝකයට ගෙන එන ලද දුතයා සැමරීමේ දිනය ලෙස සියුම් ලෙස වෙනස් කරවීම සදහා දෙසැම්බර් 25 ජේසු සමිදාණන්ගේ උපන් දිනය ලෙස නම් කරන ලදී. නත්තල් දිනයේ අද පවා දක්නට ඇති බොහෝ ලක්‍ෂණ වර්තමාන නත්තලට පෙර පැවති රෝමානු සංස්කෘතික උත්සවයේ ශේෂයන් බව බව තේරුම් ගැනීම වැදගත්ය. 

ඇමෙරිකානුවන් විසින් නත්තල ප්‍රතිනිර්මාණය කිරීම
වර්තමානයේ ලොව පුරා සමරන ජනප්‍රිය සංස්කෘතියේ නත්තල යනු 19 වන ශත වර්ෂයේ ඇමෙරිකානු නිර්මාණයකි. ස්වදේශික ජනතාව කෘර ලෙස ගිනි අවියේ බලයෙන් මර්දනය කල බටහිර මිනිසුන්ට ඇමෙරිකානු භුමිය නොඉදුල් සම්පත් නිධියක් විය. වැඩි සම්පත් සහ අඩු ජනගහනය තුල ආක්‍රමණික ඇමෙරිකානු ජාතිය සශ්‍රීකත්වයෙන් බහුල විය. ධනවාදී අර්ථ ක්‍රමය සහ කාර්මිකරණයෙන් පන්නරය ලැබූ ඇමෙරිකානුවන් දැඩි තරගකාරී ලෙස මුදල් සහ සම්පත් පසු පස හබා යාමට පෙලබුනි. ඒ තුල ඔවුන් යම් භෞතික දියුණුවක්ද ලැබීය. ඔවුන්ට එය උත්සවාකාරයෙන් සැමරීමේ හැකියාවක්ද ඒ සදහා නිසර්ග ආශාවක් ඇති විය. මෙය අද ඔවුන් විසින් ගෝලීය කරණය කරන ලද ජනප්‍රිය නත්තලේ ඇරබුමයි. වසර පුරාම එකිනෙක සමග ආත්මාර්ථකාමීව දැඩි තරගයක යෙදෙන ඇමෙරිකානුවන්ට වසරකට වරක් හෝ අනෙකාට යමක් තෑගි දී වැඩ සුහද තාවය පල කර තම අධ්‍යාත්මික හිඩැස වසා ගැනීමේ අවශ්‍යතාවක් ඇති විය. මෙලෙස ඇමෙරිකානුවන් නත්තලට තෑගි දීමේ පුරුද්ද නව ආකාරයකින් අරබන ලදී. මේ සදහා "නත්තල් සීයා" යන සංකල්පය නව ස්වරූපයකින් ප්‍රතිස්ථාපනය කිරීමට ඇමෙරිකානුවන් කටයුතු කරන ලදී. වර්තමාන නත්තල් සීයා යනු  නිව් යෝර්ක් නුවර වැසියකු වූ ක්ලේමෙන්ට් ක්ලාර්ක් විසින් 1822 වර්සයේදී ලියන ලද කවි පන්තියක් ඇසුරින් එම නගර වාසීන් විසින් ප්‍රති නිර්මාණය කරගන්න ලද සංකල්පයකි. ඔවුන්ට අවශ්‍යව තිබුනේ තෑගි බෙදා දීම සදහා යම් චරිතයකි. වර්තමාන නත්තල් සීයා සහ පල්ලිය විසින් පවසන ශාන්ත නිකලස්  තුමා අතර කිසුදු සම්බන්දයක් නැති හුදු වාණිජ චරිතයකි. වර්තමාන ඇමෙරිකානු නත්තල් සීයා තුල ශාන්තුවරයකු සතු විය යුතු සංයමය හෝ ශාන්ත බාවය වෙනුවට ඇත්තේ ධනවාදී සහ පරිභෝජනවාදී කෙළිලොල් චරිත ලක්‍ෂණ බව නොරහසකි.

ශාන්ත නිකලස් තුමා යන මුල් කතෝලික චරිතය තුල දැක්වූයේ ධනවතුන් විසින් දිළින්දන්ට සම්පත් බෙදා දිය යුතුය යන්නය. නමුත් ඇමෙරිකානු ධනවාදය තුල හරය වනුයේ සම්පත් සදහා එකිනෙකා සමග තරග කල යුතු බවය්. මේ අනුව මුල් ශාන්ත නිකලස් තුමාගේ චරිත ලක්ෂණය සහ ඇමෙරිකානු ධනවාදී සංස්කෘතිය තුල මතවාදීමය නොගැලපීමක් තිබුණි. ඇමෙරිකානු නත්තල් සීයා හරහා සියල්ලන්ට තෑගි දිය යුතුය යනුවෙන් මතවාදයක් නිර්මාණය කරන ලදී. මෙය නත්තල ව්‍යපාරීකරණය කරගැනීමේ මූලික සිද්දන්තය බවට පසුව පත්විය. නූතන බටහිර සමාජය තුල මෙම ත්‍යාගිශීලීත්වය යන්න මුළුමනින්ම අමතක කර දමා (එය සිය පවුලේ සාමාජිකයන් ට තෑගි දීම පමණක් හෝ හුදු ප්‍රදර්ශනයකට පමණක් සීමා කර) නත්තල් සමයේ තම තමන් හැකි පමණ බඩු මුට්ටු එකතු කරගත යුතුය යනුවෙන් හැඩගස්වාගෙන ඇත. ජනප්‍රිය (pop) කැරොල් සංගීතය, නත්තල් ගස ආදිය ඇමෙරිකානු ව්‍යාපාරිකයන් විසින් නත්තල ව්‍යාපාරීකරණය කිරීම සදහා පසුව එක් කරන ලදී. 

කොකා කෝලා වෙළද බලපෑම
ඇමරිකානු දේශපාලනය සහ සංස්කෘතිය මුළුමනින්ම පාලනය කරනුයේ ව්‍යාපාරිකයන් සහ ඔවුන්ගේ මහා පරිමාණ ව්‍යාපාර විසිනි. මෙහිදී නත්තල සහ නත්තල් සීයා යන සංකල්පයට අද ලැබී ඇති ප්‍රතිරූපය සකස් කරන ලද්දේ එම බලගතු වෙළද ව්‍යාපාර විසිනි. මෙහිදී බටහිර ධනවාදයේ සංකේතය ලෙස විද්වතුන් විසින් සලකනු ලබන කොකා කොලා ආයතනය විසින් කරන ලද බලපෑම විශේෂිත ය.  සෞම්‍ය දේශගුණයකට උරුම බටහිර රටවල කොකා කොලා පානය බොහෝ විට වැඩි අලවියක් දක්වන ලද්දේ ග්‍රීෂ්ම ඍතුවේදීය. ශීත සමයේ එහි අලෙවිය ඉතා පහල මට්ටමක පැවතිනි. මෙම සිසිල් පානය ශීත සමයේදීත් අලෙවි කරණය සදහා ප්‍රචාරණ උපායක් ලෙස නත්තල් සීයා යන චරිතය යොදා ගැනීමට තීන්දු විනි. නත්තල් සීයා දැඩි හිම සහිත පසුබිමක් සහිත උත්තර ධ්‍රැවයේ සිට පැමිණෙන බවත් ඔහු අත පවා කොකා කොලා බෝතලයක් ඇති බවත් දැක් වෙන අයුරින් මහා පරිමාණ ප්‍රචාරණ ව්‍යාපාරයක් ආරම්බ කරන ලදී. නත්තල් සීයාගේ කබාය සහ හිස් වැසුම වැනි ආයිත්තම් වලට කොකා කොලා පානයේ වර්ණය වන කහට මිශ්‍රිත තද රතු පැහැය මතු කරවන ලදී. අද ඔබ දකින නත්තල් සීයාගේ ප්‍රතිරූපය කොකා කොලා සමගම විසින් ඩොලර් බිලියන ගණනක ආයෝජනයක් කර සිදු කරන ලද ප්‍රචාරණ ව්‍යාපාරයක ප්‍රතිඵලයයි. 

ව්‍යාපාරික අරමුණු මුල්තැන ගත් නූතන නත්තල
නූතන නත්තල තුල මිනිසුන් පොලබවන්නේ හැකි තරම් කා බි වියදම් කර ප්‍රීති වීම මිස දිළින්දන්ට යමක් දීමට නොවේ. ධනවාදය ඉදිරියට යන්නේ අධි පරිබෝජනවාදය මතය.  ව්‍යාපාරිකයන් නත්තල් සමය එන තුරු බල සිටින්නේ වසරේ උපරිම වෙළදාම සිදු කර ගැනීමටය. නත්තල් සීයා යනු එම වෙළදුන්ගේ වෙළද සහායකයෙකි (sales rep). බැලුම් බෝලයක් හෝ සීනි බෝලයක් ළමයින්ට හෝ වැඩිහිටියන්ට දිගුකරමින් ඔහු අමතන්නේ තම ව්‍යාපාරික ස්ථානයෙන් බඩු මිලදී ගන්න ලෙසය.

ව්‍යාපාරිකයන්ගේ දැන්වීම් පසු පස හබා යන ඇතැම් ජනමාද්‍ය ආයතනද දෙසැම්බර් එනතුරු සිටින්නේ ඇගිලි ගනින්මින්ය. දෙසැම්බර් පලවෙනිදා උදාවත් සමග රූපවාහිනී තිරයෙන් හිම වැටෙන්න පටන් ගනී, සිනි බෝල නිවේදකයන්ගේ හිසට නත්තල් පප්පා තොප්පිද දමයි. ව්‍යාපාරිකයන්ගේ නත්තල් වෙළද දැන්වීම් සදහා ජනතාවගේ සිතුවිලි (mood) සකස් කිරීම මෙහි එකම අරමුනය්. නත්තල් සමය තුල වැඩියෙන්ම කල එලි බහින්නේ සුපිරි මස් වෙල්න්දන්ය. ඊලගට මත් වතුර සදහා අනියමින් ප්‍රචාරයෙහි යෙදන සෝඩා සහ අනෙකුත් සිසිල් බීම වෙළද දැන්වීම් වලින් ජනමාද්‍ය උතුරා යයි.

නත්තල යනු ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල ව්‍යාපාරිකයන් විසින් තමන්ට රිසි පරිදි වාණිජකරණය කරගෙන ඇති නාමික ආගමික උත්සවයකි. ඇමෙරිකාවේ සහ බොහෝ බටහිර රටවල අද පල්ලි යන කතෝලිකයන් ඇත්තෙම නැති තරම් ය. එම නිසා බටහිර රටවල දී එයට ලොකු ගැටුමක්ද නැත. බටහිරයන්ට ආගම යනු තම දේශපාලන සහ සංස්කෘතික ආධිපත්‍යයේ තවත් එක් ආයුධයක් පමණි.

නත්තල් සීයා යනු ශාන්ත නිකලස් තුමා යයි පල්ලිය කෙලින්ම පවසනවානම් තම ආගමික මුනිවරයා සහ නත්තල වෙළද ප්‍රචාරණ කටයුතු සදහා බාවිතා නොකරන මෙන් වතිකානුවට අන්තර්ජාතිකවත් ලංකාවේ පල්ලියට ජාතිකවත් බලපෑම් කර පහසුවෙන් වලක්වා ගත හැක. නමුත් යථාර්තයනම් බටහිර ජාතින් කතෝලික ආගමට වඩා තම වාණිජ අරමුණු වලට ප්‍රමුඛතාව ලබා දෙන බවයි. තම මව් රටවල ආදායම් උල්පත් වන බහු ජාතික සමාගම් වල අරමුණු වලට එරෙහි වන්නට වතිකානුව හෝ ආසියානු රටවල පල්ලිය කිසිවිටකත් පෙලබෙන්නේ නැත. රැවුලත් කැදත් දෙකම බේරාගැනීමට අවශ්‍ය ආසියානු පල්ලි කරන එකම ඉල්ලීම නත්තල් මාසයම ව්‍යාපාරිකයන් බුක්ති වින්දාවේ, 25 දිනය පමණක් වත් (එදාට බොහෝ ව්‍යාපාරික ස්ථාන වසා ඇති බැවින්දෝ) පල්ලියට ඉඩ කඩ ලබා දෙන ලෙසය. බටහිරින් ජාතින් විසින් යටත් විජිත කරණය සමග තුවක්කුවේ බලයෙන් සහ වරදානවල ආනුභාවයෙන් පතුරන ලද ආගමික සංස්ථාවක මෙම හැසිරීම ගැන අපි පුදුම විය යුතුද නැත.
Ref:
- Christmas Should be More Commercial
- How Christmas Works (@ HowStuffsWork)
- Santa Clause Wikipage

Bookmark and Share Related Posts with Thumbnails

3 comments:

ashan said...

නත්තල් සීයා යනු එම වෙළදුන්ගේ වෙළද සහායකයෙකි (sales rep)" නත්තල් සියා කියන්නේ වෙළද සහායකයෙක් නෙමෙයි හලෝ... එක එකා තමන්ගේ දේවල් විකුණා ගන්න නත්තල් සියව යොදා ගත්තා මිසක් නත්තල් සියා බලෙන් කඩ වලට රිංගුවේ නෑ. දැන් උඹලගේ බුදු හාමුදුරුවන්ගේ රූපය වෙළඳ භාණ්ඩ වලට දාල තිබුන කාලයක්... උඹල ඔය කියන විදියට එහෙනම් බුදු හාමුදුරුවෝ කියන්නෙත් වෙළද සහායකයෙක් වෙනවා නේද? අනිත් එක මේ රටේ බහුතරය සිංහල බෞද්ධ නේද? එහෙනම් බහුතරයක් ව්‍යාපාරිකයෝ බෞද්ධයෝ නේද? දැන් එතකොට නත්තල සහ නත්තල් සියව විකුනාගන කන්නේ කව්ද? නත්තල් සීයව වෙළඳ සහයකයෙක් කරගෙන තියෙන්නේ කව්ද?

Nalaka Gamage said...

ashan,
ලිපියෙහි දක්වා ඇති සම්පූර්ණ වාක්‍ය මෙසේය.
"""""ව්‍යාපාරිකයන් නත්තල් සමය එන තුරු බල සිටින්නේ වසරේ උපරිම වෙළදාම සිදු කර ගැනීමටය. නත්තල් සීයා යනු එම වෙළදුන්ගේ වෙළද සහායකයෙකි (sales rep)."""""

මෙහි දක්වා ඇත්තේ පවතින යථාර්තය. meajestic city , liberty plaza වැනි සාපු සංකීරණ වලට හෝ keels super වැනි සුපිරි වෙළද සලකට ගොඩ වන ඔබට ඕන තරම් sales rep වැඩෙහි යෙදෙන නත්තල් සීයලා හමුවිය හැක. මෙය බොරු යය් කිව හැකිද? ඔබ මට බැන වැදි පමණින් පවතින යථාර්තය වෙනස් වන්නේ නැත. ඔබ එක්කෝ පවතින යථාර්තය සමග එකග විය යුතුය. එකග නැත්නම් අදාල පූජක ප්‍රස්දී තුමන්ලා ලවා අදාල ආයතන වලට සහ රජයට බලපෑම් කර නවත්වා ගත යුතුය. බෞධයන් , හින්දූන් වැනි ආගමිකයන් තම ආගමික ශාස්තෘන් වහන්සේ හෝ ආගමික සංකේත මෙසේ වෙළදාමට බාවිතයට ඉඩ දෙන්නේ නැත. නමුත් මා ප්‍රශ්න කර ඇත්තේ ශාන්ත නිකලස් තුමා වැනි ප්‍රමුක රද ගුරුවරයකුගේ චරිතය වෙළදාමට යොදාගැනීමා වැලකීමට ක්‍රිස්තියානි පල්ලියට අවංක උවමනාවක් ඇත්ද යන්න පමණි.

එවැනි අවංක උවමනාවක් නැත්නම් පල්ලියටද වෙළද උවමනා තිබෙන බව ඔබටද පිළිගත යුතු වනු ඇත. පල්ලියේ ලෝක හැසිරීම සහ අතීත හැසිරීමද බලා පිළිතුර ඔබ තීරණය කල යුතුය.

iyan said...

යම් කිසි ආගමක පුජනිය පුද්ගලයෙක් වෙළඳ ප්‍රචාරණය සඳහා යොදා නොගැනීමට තරම් මනුෂ්‍යයින් තුල තමන් ගේ ආගමට අනුව හික්මීමක් තිබිය යුතුයි නේද? එක පල්ලියේ වැරද්දක් නෙමෙයි. පල්ලි තියෙන්නේ මිනිස්සුන්ට වැරදි කරන්නයි ඒවා නවත්වන්නැයි විතරක් නෙමෙයි නේ.සිහි බුද්ධිය තියන අය කල්පනා කල යුතුයි මේක හරිද කියල.සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් නත්තල් සීයා විකුණගෙන කති.බොති ,ප්‍රීති වෙති.
අන්තිමට නත්තල් සීයාම එකටත් පළි.

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk