ආණ්ඩුව මගියා සහ පුද්ගලික බස් සේවා මාෆියාව

13 February, 2012

අපේ රටේ පුද්ගලික බස් රථ කර්මාන්තය යනු (විවෘතත් නැති සන්වෘතත් නැති) විකෘති ආර්ථික මොඩලයකට අනුව ක්‍රියාත්මක දෙයකි. ලංකාවේ ධාවනය වන පුද්ගලික බස් රථ බොහොමයක් පාරට දම ඇත්තේ අයිති කරුවන් ගේ පුද්ගලික ආයෝජනයන් ගෙන් නොව මුල්‍ය ආයතන (finance companies) වලින් අධි පොලියට ණය ගැනීමෙනි. මේ හේතුවෙන් බස් මගියාව තලා පෙලා සුරා කෑමෙන් ගන්න ලාභයෙන් පවා වැඩි කොටසක් ගෙන පොහොසත් වන්නේ ඒ මුල්‍ය ආයතන මය. අනිත් අතට ලංකාවේ තිබෙන සේවා අතරින් මිනිසුන්ව රස්තියාදු කරන, අසික්කිත ලෙස සේවා දායකයන්ට සලකන කාලකන්ණිම ව්‍යාපාරය පුද්ගලික අංශයේ පොදු ප්‍රවාහන සේවයයි. 
බොහෝ මාර්ගවල ධාවනය වන පුද්ගලික බස්රථ වලට මගියා ඇතුල් විය යුත්තේ තම ආත්ම ගෞරවය උගසට තැබීමෙන් පසුවය. කොන්දොස්තරලාගේ රැවුම් ගෙරවුම් වලට අමතරව කන පැලෙන්නට අවර ගණයේ සංගීතයද ලැබේ. බසය ගමන් කරන්නේ රියදුරාට අවැසි වේගයෙන් කොට කොටා මිස නියමිත කාලසටහනකට අනුව නොවේ. ශ්‍රී ලංකික පොදු ජනතාවගේ මානව හිමිකම් දිනපතා වැඩියෙන්ම කඩ කෙරෙනුයේ බස් රතු තුල බව මේවාට හුරු වී ඇති ජනතාවටම අද අමතක වී ඇත. ඩොලර් වලට පමණක් විදි බසින මානව හිමිකම් ක්‍රියාකාරින්ටද මෙව්වා පෙනෙන්නේ නැත. 
පැය ගණන් පොදු ප්‍රවාහන සේවා තුල රස්තියාදු වී මානසික පීඩනයෙන් රැකියාවට එන මිනිස්සුන්ගේ ඵලදාය්තාවය ගැන කවර කතාද. ඵලදාය්තාවය ගැන කතා කරන මහා වියතුන්ට සහ ආණ්ඩුවේ පඩි ලබන උපදේශකයන්ට අප රටේ පුද්ගලික අංශයේ පොදු ප්‍රවාහනයේ තියෙන කාල නාස්තිය නොපෙනෙන්නේ එක්කෝ ඔවුන් අන්ධ බැවිනි, නැතහොත් මෙය ශ්‍රී ලංකික ජාතියේ කරුමයක් යයි ඔවුන් විශ්වාශ කරන බැවින් විය යුතුය.

පුද්ගලික බස් මුදලාලිලා ගේ තිබෙන සාමුහික කේවල් කිරීමේ බලය සහ ප්‍රවාහන සේවයෙහි ඇති අත්‍යවශ්‍ය ස්වභාවය හේතුවෙන් මෙම අංශය දියුණු කිරීම නීති රීති සහ දැඩි පාලනය මගින් කිරීමට යාම එතරම් සාර්ථක වන්නේ නැත. එම ක්‍රමය සාර්ථක වන්නේනම් මේ වන විට ප්‍රශ්නය විසදී තිබිය යුතුය. ලංගම සහ පුද්ගලික අංශය බස් ගාස්තු සහ කාල සටහන් ආදීන් ඒකාබද්ද කිරීමට යාම ආදිය මගින් මෙම තුවාලය දැන් වණයක තත්වයට පත් වෙමින් පවතී. සත්‍ය වශයෙන්ම විය යුතුව තිබුනේ ලංගම තරගකාරී ලෙස (ගුණාත්මක සේවයෙන් සහ මිල මට්ටමින්) ක්‍රියාත්මක කර එම තරගකාරිත්වය මත ප්‍රවාහන සේවා කර්මාන්තය වඩාත් ඵලදායි කිරීම සහ වඩා ගුණාත්මක සහ වාසිදායක සේවයක් මගියාට සැලසීමය. මෙතැනදී ලංගමය දියුණු කිරීම සදහා ඉතා අවංක සහ කාර්යක්ෂම නිලදාරීන් පත් කිරීමත් අත්‍යවශ්‍ය සාධකයකි. 
පුද්ගලික බස් හිමියන් ගාස්තු වැඩි කිරීමට තර්ජනය කරන විට ඉන්ධන සහ වෙනත් සහනාධාර ලබා දීමට යාම තවත් අලුත් ප්‍රවණතාවයකි. මෙවැනි පැලැස්තර විසදුම් වලින් තව තවත් දුෂණයන්ට ඉඩ සැලසේ. වියයුතුව ඇත්තේ ආණ්ඩුව එම සහනාධාරයනුත් ලංගමට දී වැඩි වැඩියෙන් ලංගම බස් ධාවනයට යෙදවීමය. 
දැන් සිදුවන්නේ මගියා ප්‍රාණ ඇපකරු ලෙස තබාගෙන වර්ජනයන් කර එමගින් ආණ්ඩුවට තර්ජනය කර තම ඉල්ලීම් ආණ්ඩුවෙන් දිනාගෙන පසුව ආණ්ඩුව බස් ගාස්තු වැඩි කේරුවේ යයි ජනතාවට ගොනාට අන්දවාගෙන සුපුරුදු පරිදි කාලකන්නි සහ මර්ධනකාරී සේවය දිගටම මගී ජනයාට ලබා දීමය. පුද්ගලික බස් හිමියන්ගේ ඉල්ලීම් අසාධාරණ යයි කියමින් කල් මරණ ආණ්ඩුව ද අවසානයේ බොහෝවිට පුද්ගලික සහ ලංගම යන සේවාවන් දෙකේම ගාස්තු වැඩි කරයි.
දැන් බස් මුදලාලිලා බය නැතිව වැඩි ගාස්තු ඉල්ලා තර්ජනය කරන්නේ ඔවුන් ඉල්ලන ගාස්තු වැඩිකිරීම ලංගම බස් සේවයටද කරන බව සහ සුද්දෙන් දන්නා නිසාය. නමුත් සිදුවිය යුතු දේනම් දිගින් දිගටම බස් මුදලාලි ලා තර්ජනය කරන්නේනම් ආණ්ඩුව අවම වැඩි කිරීමකට පමණක් එකග වීමය. නමුත් හැකිතරම් දුරට ලංගම බස් රථවල ගාස්තුව පුද්ගලික අංශයේ ගාස්තුවට වඩා අඩු මට්ටමක පවත්වාගෙන යා යුතුය. මෙය අනාගත වර්ජන තර්ජන හමුවේ ආණ්ඩුව වඩාත් ශක්තිමත්ව මුහුණ දීමට හේතු වේ.
මෙවිට සාමාන්‍ය ජනතාව වැඩි වැඩියෙන් හැකි සෑම විටකම ලංගම බස් වල සේවය ලබා ගැනීමට පෙළබිම ස්වභාවික තත්වයකි. මෙමගින් ලංගම ආදායම ඉහල යන අතර පුද්ගලික අංශයට ගුණාත්මක සහ කාර්යක්ෂම සේවයක් ලබාදීම තුලින් ලංගම සමග තරග කිරීමට සිදුවේ.  මීට පෙරද යම් කාල සීමාවක් තුල පුද්ගලික අංශයේ සහ ලංගම බස් සේවය අතර ගාස්තු වෙනසක් පැවති අතර එම කාලය තුල ජනතාව ලංගම බස් සේවය වැඩියෙන් බාවිතා කිරීමේ ප්‍රවනතාවක් තිබුණි.
අද පවා ඇතැම් ප්‍රදාන මාර්ගවල (කොලබ ආශ්‍රිතව ගාලු පාර, හයිලෙවෙල් පාර ආදියේ) පුද්ගලික අංශයේ ප්‍රවාහන සේවාවල යම් ගුණාත්මක දියුණුවක් ඇත්තේ එම මාර්ගවල බොහෝ මාර්ග අංක යටතේ ධාවනය කෙරෙන බස් රථ අතර යම් තරගකාරිත්වයක් ඇති බැවිනි. අනෙක් අතට පොලිසිය හරහා රථවාහන නීති දැඩිව ක්‍රියාත්මක කිරීම සහ අනවශ්‍ය ලෙස අවශේෂ බස් නැවතුම් පලවල්වල කාලය කා දමන බස් රථවලට දැඩි නීති ක්‍රියාත්මක කිරීමද අත්‍යවශ්‍ය කරුණකි.
මෙම යාන්ත්‍රනය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සදහා ලංගම බස් තමන්ගේ කාල සටහනක් අනුව (ඒකාබද්ද කාලසටහනක් නොවේ) නියමිත වෙලාවට දාවනය කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එවිට සාමාන්‍ය ජනතාව ලංගම බස් වලට ක්‍රමයෙන් පුරුදු වනු ඇත. එදාට ඔය ගිරිය පුප්පන් චන්ඩින් මෙන් කෑගසමින් ජනතාව ප්‍රාණ ඇපයට ගෙන ආණ්ඩුවට තර්ජනය කරන බස් මුදලාලිලාට තම ක්‍රමෝපායන් ගැන නැවත සිත බලන්නට සිදු වෙනු ඇත. 
ජනතාවගේ ඉල්ලුම නැතිව කිසිදු ව්‍යාපාරයකට පැවතිය නොහැකිය. රටේ ආර්ථික දියුණුවට විශාල පහරක් වී ඇති මෙම පොදු ප්‍රවාහන ප්‍රශ්නයට ආණ්ඩුව පැලැස්තර විසදුම් දෙමින් සිටියා දැන් හොදටම ඇතිය. අදුරට තර්ජනයන් හෝ ශාප නොකර පොදු ජනතාවගේ නාමයෙන් එක පහනක් හෝ දැල්වීමට දැන් වත් ආණ්ඩුව උත්සහ ගත යුතුය.

Bookmark and Share Related Posts with Thumbnails

5 comments:

ish said...

vedak venne ne..anduveth inne private bus karayan ta support 1ka deela sltb 1ka vinasa karanna hadana ballo.
& sltb 1keth inne taman vedakarana tena gena kisima hegimak neti ewn..ice gahala mase antimata padiya ganna vitarai mun danne

ish said...

vedak venne ne..anduveth inne private bus karayan ta support 1ka deela sltb 1ka vinasa karanna hadana ballo.
& sltb 1keth inne taman vedakarana tena gena kisima hegimak neti ewn..ice gahala mase antimata padiya ganna vitarai mun danne

ish said...

vedak venne ne..anduveth inne private bus karayan ta support 1ka deela sltb 1ka vinasa karanna hadana ballo.
& sltb 1keth inne taman vedakarana tena gena kisima hegimak neti ewn..ice gahala mase antimata padiya ganna vitarai mun danne

Anonymous said...

vedak venne ne.anduveth inne private bus karayanta support 1ka denna ballo..untath one sltb 1ka vinasama karala danna..& sltb 1k inna ewntath taman ge de gena kisima hegimak ne..
ice gahannai.mase antimata padi gannai tamai danne mun..& sltb 1keth drivers la condalata wada anik crew 1ka vedine..sltb 1ka hadana be ohoma tiyeddinam

Anonymous said...

vedak venne ne.anduveth inne private bus karayanta support 1ka denna ballo..untath one sltb 1ka vinasama karala danna..& sltb 1k inna ewntath taman ge de gena kisima hegimak ne..
ice gahannai.mase antimata padi gannai tamai danne mun..& sltb 1keth drivers la condalata wada anik crew 1ka vedine..sltb 1ka hadana be ohoma tiyeddinam

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk