skip to main |skip to sidebar
සිටියෝ විසිත්ත කාමරයෙහි
කළු කබා මහත ටයි
තරබාරු ප්‍රබුවරු
පීරා අතින් කෙස් ගෙනත්
තට්ටය යන්තමින් වසාගත්..
සිටියෝ මෝරපු ගැහැණු
බැඳ උස කොණ්ඩා හා
ගන දෙතොල් උල් නිය ඇති
බලමින් නෙත්කොනෙන් ගර්වයෙන්
මැකෙන රූ සිරියට මුක්කු ගසමින් ..
සිටියෝ ගැටවර ගටවරියෝ
අවුල් දික් කෙස් වලු ඇති
පුම ඉතිරි ලිඟු වෙනස නැති
යන එන මඟක් නොම දැන
අතරමන් වුවන් මෙන.......
- ප්‍රබුද්ධ (මහගම සේකර)
0 comments:
Post a Comment