| Tweet |
|
සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි ඒ ඇයි මගෙ හොඳ අම්මේ
සෙන්පති කමටයි නැව්පති කමටයි නමගිය සිංහල ආරේ
ගතිනෑරේ පුත ඒකයි ඔබ හට මේ ගැන එතරම් ආශා
මහ පඬිඳුන් ගැන මහ කිවිඳුන් ගැන කතා අහනකොට අම්මේ

මහ පඬිරුවනට මහකිවිවරුනට තෝතැනි වූ ලක්දෙරනේ
හෙල පුතෙකුවැ ඔබ ඉපදුන පිනටයි ඒ ගැන එතරම් ආශා
හේන් කුඹුරු ගැන ගොපලුලියන් ගැන කතා අහනකොට අම්මේ

ඈත එපිට සිට ගොවිරජ දහනකි සෝබන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසාවෙන් ඒ ගැන එතරම් ආශා
එඩිතර කම් ගැන බිය නැතිකම් ගැන කතා අහනකොට අම්මේ

එඩිතර කමටයි බියනැති කමටයි පෙරසිට සුපතල හෙලයේ
ඉපදුනු ඔබ තුල ඒ ගති නැති නම් ඒ නොවැ පුදුමය පුතුනේ

0 comments:
Post a Comment