වන්දිභට්ට මුග්ධයන් හමුවේ රජුගේ ඉරණම!

21 April, 2012

යුද්දයක් පවතින සමයේ රණ ගී ගැයීම කල යුතුය. එහි වැදගත් කොටසක් ලෙස තම නායකයා ගේ ගුණ වයා සතුරු නායකයාට කුඩුවෙන්න පහර දිය යුතුය. ජනතාවගේ මොරාල් එක උපරිමයෙන් තබාගෙන කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටන ජයක්ග්‍රහනය කරා මෙහෙය වීමට ITN 'විමසුම' එදා ඉටු කල කාර්ය පැසසිය යුතුය.
නමුත් දැන් රටට ඇත්තේ වෙනත් අභියෝගයන් සහ අවශ්‍යතාවයන්ය. යුද්දය පැවති සමයේ ස්වරුපයෙන් වන්දිභට්ට ගායනා වර්තමානයේ සිදු කිරීමෙන් වන්නේ ජනතාවට ඔහු එපා කරවීමය. දැන් විකාශනය වන විමසුම වැඩසටහන මහින්ද රාජපක්ෂ ජනාදිපතිතුමා එක දිගට මාසයක් බැලුවොත් එතුමාටම ම තමන්ව එපාවෙනවා සිකුරුය.යුද්දය පවතී සමයේ ප්‍රිය කල විමසුම වැඩසටහන මටනම් දැන් මහත් කොන්දොස්කිරියාවකි. රටේ සිදුවන වැරදි පවා සාධාරණී කරණය කරමින් කුණු සෝදන ජුගුබ්සාජනක ස්වරුපය දකින ජනතාවගේ යකා නගින්නේ සහ එහි කෝපය පිටවන්නේ පිටපත ලියන මහින්ද අබේසුන්දර නම් ලියන අප්පු හෝ වාචාල ලෙස එය කියවන මදුනිකා කරපුටුගල නම් කට හැකර කාන්තාව සමග නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමගය.

මේවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට නොතේරේ නම්, ආර් ප්‍රේමදාස ජනාදිපතිවරයාට වුන දෙයට නොදෙවෙනි දෙයක් සිදුකරගෙන ජනතාව අතර කුජිත වීමට මහින්දටත් සිදු වනු ඇත. අද සිටින වන්දිභට්ටයන්, භම්මන්නන් සහ වටේට සිටින අනෙකුත් ගුල්ලන් කිසිවකු එදාට මහින්ද අසල නොසිටිනු ඇත.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk