Little Buddha - උසස් තත්වයේ බෞද්ධ සිනමා කෘතියක්

04 May, 2012



1990 දසකයේ බිහිවූ අර්ධ වෘතාන්ත බෞද්ධ චිත්‍රපටියකි. සිනමා කෘතිය තුල සිනමාත්මක සුන්දර කතාවක් සමග බුද්ධ චරිතය සමාන්තරව දිග හැරේ. ටිබෙට් බුදු දහම (100% ථෙරවාදී බුදු දහම නොවේ) මත පදනම් ව ගොඩනගා ඇත. බටහිර සිනමාකරුවෙක් අතින් බිහි වුවද රසිකයා තුල ශ්‍රධාව සහ බුද්ධිමය අවදිකිරීමක් ඇතිවන ලෙස නිපදවන ලද උසස් නිර්මාණයකි.

මෙම නිර්මාණයේ නම ලෙස 'Little Buddha' ලෙස යොදා ඇත්තේ බුදු දහමට එමගින් අපහාසයක් කිරීමට නොව ටිබෙට් බුදු දහමේ සදහන් ලාමා වරයකුගේ ලෙස තෝරාගන්න කුඩා ළමයකු වටා කතාව ගොඩ නැගී ඇති බැවිනි. චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඉතාලි ජාතික බර්නාඩෝ බර්ටුලුචි  සම්මානලාබී අධ්‍යක්ෂ වරයෙක් වන අතර සියලු නළු නිලියන් විශිෂ්ට රගපෑමක යෙදේ. ථෙරවාදී සිංහල/ඉංග්‍රීසි සිනමාකෘති බිහිවීම හිග පරිසරය තුල මෙය ඉතාමත් හොද තත්වයේ නිර්මාණයකි.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk