සෙලින්කෝ රක්ෂණ මුදලාලි රටේ රථ වාහන අනතුරු ප්‍රවර්ධනය කරන්නේ ඇයි?

12 June, 2012


තම වාහන හප්පා ගන්න රියදුරන්ට රට සවාරි සහ තෑගි භෝග දෙන බවට සෙලින්කෝ රක්ෂණ සමාගම ප්‍රසිද්ද වෙළද ප්‍රචාරයේ යෙදීමට රජය ඉඩ දී බලා සිටින්නේ ඇයි?
මදක් සිතන්න. රටක රථ වාහන රක්ෂණ ව්‍යාපාරය වඩාත් ලාභ දායි ව්‍යාපාරයක් ලෙස වර්ධනය වන්නේ රට තුල රථවාහන අනතුරු වැඩි වන විටද නැතහොත් රට තුල රථවාහන අනතුරු අඩු වන විටද?

සෙලින්කෝ වැනි අසමජ්ජාති ව්‍යාපාරික ආයතන රටේ රථවාහන අනතුරු සිදු කරන්නන්ට තෑගිභෝග සමග රට සවවාරි ද දී හෝ ජනතාව තුල අනතුරු යනු බහුලව සිදුවන හා නරක දෙයක් ලෙස නොසිතිය යුත් දෙයක් බවට මතවාදයක් පතුරන්න මෙවැනි වෙළද ප්‍රචාරණ සහ ප්‍රවර්ධන කරනු ලබය්. දැන් පවතින ධනවාදය තුල ව්‍යාපාරික ආයතන පෙළබි සිටින්නේ කාගේ බෙල්ල මිරිකා හෝ සල්ලි හොයන්නටය. මේ රටේ හරක් බහුල බැවින් මෙවැනි අනතුරු ප්‍රවර්දනය කරන ප්‍රවර්දන ව්‍යාපාර නිදහසේ කරගෙන යාමට රක්ෂණ මුදලාලිලාට හැකියාව ලැබී ඇත.

සෙලින්කෝ වැනි ජනතාවගේ බොටුව මිරිකන් හෝ සල්ලි හොයන සදාචාර විරෝදී ව්‍යාපාරයන් තම "සොර සතුරු රක්ෂණ" ප්‍රවර්ධනය රිසියෙන් පළාත්වල වැඩිම හොරකම් කරන හොරුන් තෝරාගෙන උන්ටද රට සවාරි ලබා දීමට ඉඩ ඇත. එදාටද මෙරට සිටින රූකඩයන් කට බලියාන සිටුනු ඇත.
මේ ආකාරයට තමන්ට ඕනෑම ලෙසකින් ලාභ හබා යාමට ඕනෑම ආකාරයක අලෙවි ප්‍රවර්ධන උපාය මාර්ගයක දීමට ව්‍යාපාරිකයන්ට අවස්තාව දුනහොත් ඉදිරියේ දැකිය හැකි වනු ඇති අලෙවි ප්‍රවර්ධන උපක්‍රම කිහිපයක්;

- පාසලේදී වැඩියෙන්ම කුණු ගාගෙන එන බබාට "sunlight" වෙතින් මාසයකට පිටි කිරි.
- ගෙදර මදුරුවන් ඇතිවන තැන වැඩිම නිවසට "Ninja " මදුරු දගර සමාගමේ අනුග්‍රහයෙන් නිවසට සිරිකත කැන්දන ෆෙන්ශුය් රහස් ගුරුකමක්.
- පොල් සම්බෝලයක් වත් හද ගන්න බැරි ගෘහණි තරුවට "pizza Hut" වෙතින් වසරකට තොල් සහ නිය ආලේපන.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk