චතුස්කෝටික චින්තනය සහ බුදු දහම

29 September, 2012

අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේ ධර්ම දූතයකු ශ්‍රී ලංකාවට වැඩම කර දේවානම් පියතිස්ස රජ තුමාව මුලින්ම හමු වූ මොහොතේ "අඹ පැනය" හා "ඥාති පැනය" විමසීමේ අරමුණු වූයේ එකල සිංහල දීපයේ වැසියන්ට "චතුස්කෝටික" ව පවත්නාවූ ලෝක ස්වභාවයක් තේරුම් ගැනීමට තරම් චින්තන හැකියාවක් තිබේද යන්න පිරික්සිමය.

මිහිදු හිමියන් අසන ලද පැනයන් දෙකම  "චතුස්කෝටික" (four state) චින්තනය මැන බලෙන ඉතා සරල නිදසුන්ය.  එහිදී මුලින් ම .අසන ලද්දේ  අඹ පැනයයි.

මිහිඳු මාහිමි - “මහරජ, මේ ගසෙහි නම කුමක්ද?”
රජු - ස්වාමිනි, මෙය අඹ ගසකි.
මිහිඳු මාහිමි - මේ ගස හැර තවත් අඹ ගස් තිබේද?
රජු - එසේය, තවත් බොහෝ අඹ ගස් ඇත.
මිහිඳු මාහිමි - මේ අඹ ගසත්, ඒ අඹ ගසත් හැර තවත් ගස් තිබේද?
රජු - බොහෝ ගස් ඇත. එහෙත් ඒවා අඹ ගස් නොවේ.
මිහිඳු මාහිමි - රජතුමනි, ඒ අඹ ගසත් අඹ නොවන ගසුත් හැර වෙනත් ගස් තිබේද?
රජු - එසේය ස්වාමිනී, ඒ මේ අඹ ගසයි.

අනතුරුව අනුබුදු මිහිඳු මාහිමියෝ, දෙවනි පෑතිස් රජතුමාගෙන් තමා පිළිබඳත් තම ඥාතීන් පිළිබඳත් පැනයන් විමසා සිටියහ.

මිහිඳු මාහිමි - රජතුමනි, ඔබට නෑයෝ සිටිත්ද?
රජු - එසේය ස්වාමිනී, බොහෝ නෑයෝ සිටිති.
මිහිඳු මාහිමි - මහරජ, ඔබට නොනෑයෝත් සිටිත්ද?
රජු - එසේය ස්වාමිනී, නොනෑයෝ සිටිති.
මිහිඳු මාහිමි - ඒ නෑයොත් නොනෑයෝත් හැර වෙන කිසිවෙක් සිටීද?
රජු - එසේය ස්වාමිනී, ඒ මම ය.
දෙවන පෑතිස් රජතුමාගේ පිළිතුරුවලින් බොහෝ පැහැදුනු මිහිඳු මාහිමියන් පෙරලා මෙසේ ප්‍රකාශ කළහ.

“මහරජ, ඔබ ඥානවන්තයෙකි”

ඊළගට අප තේරුම් ගත යුත්තේ "චතුස්කෝටික" ව යමක් තේරුම් ගත හැකි වීම බොදුනුවකුට වැදගත් ඇයි ද යන්නය. බුදු රජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ධර්මය දේශනා කිරීමට පෙර මෙන් ම අද පවා මිනිස් සිතුවිලි බොහෝ විට හැඩ ගැසී ඇත්තේ ද්විකෝටික (Two state/Boolean logic) තර්කනය මතය. මෙහි පදනම වන්නේ 'ඇත' සහ 'නැත' (වෙනත් වචන වලින් හදුන්වන ව නම් 'ඔවු' සහ 'නැහැ') යන අවස්ථා දෙකක් පමණක් යම් සන්සිද්දීයකට (තර්කයකට) ඇතයි සැලකීමය.

බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත් කාලය වන විට පැවති බමුණු දහම ප්‍රමුඛ අනිකුත් මිත්‍යා දෘෂ්ටින් සියල්ලද ද්විකොටිකව ජීවියාගේ පැවැත්ම පිළිබද විග්‍රහ කරන දර්ශනයන් විය. එක් පිරිසක් මරණයෙන් පසු නැවත ජිවිතයක් නැතය් පවසන විට තවත් පිරිසක් එකම සත්වයා නැවත නැවත ඉපෙදෙමින් මැරෙමින් පවතින බව පවසන ලදී.තවත් පිරිසක් තමන් බලගතු දෙවි කෙනෙකුගේ ගේ කැමැත්තට අනුව කල මැවීමක් බවත් මරණයෙන් පසු ඔහුගේ කැමැත්තට අනුව සදාකාලික ආත්මීය ස්වභාවයක් හිමිවන බවත් විශ්වාශ කළේය. අද පවා බෞද්ධ දර්ශනය හැර අනෙකුත් සියලු ආගමික මතවාදයන් සහ දර්ශනයන් මෙම ඇත හෝ නැත යන ද්විකෝටික තර්කනයේ ප්‍රතිඵලයන්ය.

භෞතික සංසිද්දී මෙන්ම අප එදිනෙද ජිවිතයේ ගනු ලබන සියලුම තීරණ පාහේ ගනු ලබන්නේ ද්විකෝටික චින්තනය භාවිතයෙනි. මිනිසාට ආශාවක් ඇතිවූ විට එය සන්තර්පණය කර ගනී. ඇතැම් විට එය ලබා ගෙන දෙවියන්ට හෝ නොපෙනෙන බලයකට ස්තුති කිරීම ද කරයි. නැතහොත් එය දෙවියන්ගේ කැමැත්ත යය් සිත හදා ගෙන ජිවත් වේ. ධනවාදයට විකල්පයක් ලෙස සමාජ වාදයත් එය එපා වූ විට නැවත ධනවාදයත් ඉල්ලන ද්විකෝටික චින්තනයට හැඩ ගැසුන මිනිසුන් ඇතැම් විට හද ඉල්ලා හඩන නොදරුවන් වැනිය.

අප එදිනෙදා ජිවිතයේ තොරතුරු සැකසීම සදහා භාවිතා කරන පරිඝනකයද මුළුමනින්ම පාහේ ද්විකෝටික තර්කනයන් සැකසීමට හැකි ලෙස නිපදව ඇති උපකරණයකි. දර්ශනය වැනි විෂය ක්ෂේත්‍රයන් වලට පරිඝනකයෙන් අවම සහයෝගයක් පමණක් ලබාගත හැක්කේ එම පරිපත නිර්මාණය කර ඇති ද්විකෝටික ස්වභාවය හේතුවෙනි. (එයින් සාම්ප්‍රදායික පරිඝනකය වැදගත් මෙවලමක් නොවේ යයි අදහස් නොවේ, ව්‍යාපාරික සහ සාමන්‍ය ජීවිතයේ ඇති මහත් කටයුතු සදහා ද්විකෝටික (boolean) තර්කනය ප්‍රමාණවත් ය. නමුත් දාර්ශනික (philosophy) කරුණු සැකසීමට පරිඝනකයේ ඇති සීමාසහිත බව පැහැදිලි වෙයි.)

නමුත් බුදු රජාණන් වහන්සේ අවභෝධ කරගත්තේ ජීවියාගේ පැවැත්මේ සහ සසර ගමනේ ඇති අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම ස්වභාවයය්. මෙය යමෙකුට තේරුම් ගත හැක්කේ සසර ගමනෙහි ඇති චතුෂ්කෝටික සවභාවය තේරුම් ගැනීමෙන් පමණි. මෙය බුදු දහමටම පමණක් ආවේනික වූ භව පැවැත්ම පිලිබදව කරන විග්‍රහයකි. භව ගමන තේරුම් කරගත හැක්කේ චතුශ්කොටික ච්න්තනයෙනි. සත්වයකු මිය ගිය පසු එය එම ජීවයේ අවසානය නොවේ. අනිත් අතට එම ජිවියාම නැවත උපදිනවාද නොවේ. ඊලග උප්පත්තිය කරා යොමු කරන්නේ පසුගිය භවයන්හි සහ මෙම භවයෙහි ඔහු හෝ ය සිදු කරන ලද කර්මයන්හි ශක්තියකි.

නැවත උපදින්න්නේ මිය ගිය පුද්ගලයාමය. (පුනරුප්පත්ති වාදය)
සත්වයකු උපදින්නේ හුදෙක් දේව කැමැත්තට අනුවයි. (මැවුම්/දේව වාදය).


සම්මුති මරණයෙන් පසු සත්වයකු ලෙස නැවත උපදින්නේ කලින් මිය ගිය සත්වයාම හෝ අලුත්ම සත්වයකු නොවන කර්මය නම් ශක්තිය මත තීරණය වන ජිවයකි.

 ස්පර්ශයේ ඇති 'ආශ්වාදය' මෙන්ම 'ආදිනවය' ද එක වර තේරුම් ගැනීමට බෞධය සමත් වන්නේ චතුශ්කොටිකවැව එය විග්‍රහ කරගැනීමට හැකි සමර්ථතව හේතුවෙනි. 'නිස්සරණය' කරා යොමු වන්නේ එම අවබෝධය හේතුවෙනි. අනිත් ආගමික සහ සංස්කෘතික කණ්ඩායම් වලට සාපේක්ෂව බෞධයන් ගහ කොළ සතා
සිව්පාව ඇතුළු පරිසරයද, අනිකුත් මිනිස් ප්‍රජාවන් ආක්‍රමණය කිරීමට නොපෙලබි (නිවටයන් ලෙස අනෙකන්ගේ ආක්‍රමණයට තමන් හිස නැමුවේ යය් මෙයන් අදහස් නොකරේ.) ඔවුන් සමග සහජීවනයෙන් ජිවත් වීමට පුරුදු වුයේ මෙම ගැබුරු ජිවිතාවබෝධය ඔවුන් තුල ඇති වූ බැවිනි.

මෙය මිනිස් චින්තනයේ විප්ලවී අවබෝධයකි. මිහිදු මහා රහතන් වහන්සේ සිදුකරන ලද්දේ මෙම විප්ලවීය අවභෝධය ඇති කරගැනීමට අවශ්‍ය චතුස්කෝටික චින්තනයෙන් එදා සිටි සිංහලයන් පොහොසත් ද යන්න මැන බැලීමය.

බොහෝ අන්තවාදයන් වලට ගොදුරු වන්නේ ද්විකෝටික චින්තනයට ලඝු වූ සමාජයන්ට. ඔවුන් භෞතිකව කෙතරම් දියුණු වුවද අධ්‍යාත්මික සහ සමාජීය වසයෙන් අසහනකාරිව සහ දුක්ඛිතව ජිවත් වේ. බෞධයෝ ලව්කික සහ බෞතික ඇතැම් සංසීදි අවශ්‍ය තැන සරලව ද්විකෝටිකවත්, ජිවිතයේ යථාර්තය සහ භව පැවැත්ම වැනි ගැබුරු කරුණු චතුශ්කොටිකවත් විග්‍රහ කර ගැනීමෙන් සැහැල්ලුවෙන් සහ සතුටින් ජිවත් වන අතර දුක්ඛිත භව චක්රයෙන්ද ක්‍රමිකව එතෙර වේ.

Bookmark and Share Related Posts with Thumbnails

1 comments:

Anonymous said...

මිලින්ද ප්‍රශ්නයේ පුනරුප්පත්තිය ගැන දී තිබෙන පිළිතුරත් මෙවැනි එකකි.

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk