නූතන වැදි (ආදී වාසි) පරපුරේ නැගිටීම

25 February, 2013

යුරෝපයේ සුද්දන් සතුන් දඩයම් කරගෙන මස් පුච්චන් කමින් මිලේච්චයන් ලෙස වල් වැදී සිටියදී, අපේ මේ හෙළ භූමිය අනුරාධපුර යුගයේ සිට ම තුල බුදු දහමෙන් අධ්යත්මිකවත්, වාරි කෘෂි කර්මාන්තයෙන් සංස්කෘතිකව සහ ආර්ථිකව දියුණු රටක් ලෙස වැඩුන බවට ඉතිහාසය පැහැදිලි සාක්ෂි දරනවා.

Read more...

මාර පරාජය

19 February, 2013

මේ සසර තුල අපි සැවොම කවදා හෝ මාර පරාජය කල යුතුය. එතෙක් අනේක විද දුක් විදිමින් සසරේ මන් මුලාව ඇවිදීමට සිදු වේ. බුදු රජාණන් වහන්සේ එය තනිවම ජයග්‍රහණය කර, අප කෙරෙහි කරුණාවෙන් මාර්ගය පෙන්වන ලදී. සටන ඇත්තේ අවිද්‍යාව නමැති අභ්‍යන්තර සතුරා සමගමය. සියලු සටන් අතර මෙය අපගේ ප්‍රමුඛ සංග්‍රාමයයි. ශිල, සමාධි සහ ප්‍රඥාව ඒ සදහා ඇති ආයුධයි.

Read more...

පරම සුන්දර සතුට

17 February, 2013

නූතන මිනිසා අනවරත තරගයක යෙදෙන්නේ සතුට සොයමින් නොවේද? ඒ සදහා ඔවුන් නොකරන කැපකිරීමක් නැති තරම් ය. රටවල් හෝ ප්‍රදේශ නොයෙක් උපක්‍රම යොදාගෙන ආක්‍රමණ කරමින් ඍජු සහ වක්‍ර ක්‍රියා මාර්ග වලින් මිනිසුන් මරන්නේ, බොරුවෙන් රවටන්නේ  මෙම වැඩි වැඩියෙන් සතුට සොයන මිනිසුන්, ජනවර්ග සහ රටවල් නොවේද? මේ සියලු දේ අවසානයේ ඔවුන් සැබවින්ම සතුට ලබනවාද නැතිනම් වඩ වඩාත් අසහනයෙන් සිටිනවාද යන්න සමාජය දෙස බලා තේරුම් ගත යුතු දෙයකි.

Read more...

දියසේන - මහගම සේකර

14 February, 2013

ඒ කාලෙ මම හිතුවා
දෙදහස් පන්සීයෙදි ඇවිදිල්ලා රට හදන්න
පස්සෙ මටම හිතුනා
ඔක්කොටම ඉස්සෙල්ලා මම හැදෙනව


එහෙම හිතල වැලි දැම්මා හාල් වලට
මිරිස් වලට වතුර ගැහුවා
කිරුවා බොරු පඩියෙං
ගින්දර අරන් ගියා වතුර යටිං
ගත්තා කුරුණෑගල පොල් ඉඩමක්
බැන්දා කසාදයක්
ගෝරිමන්ද සිටාණන්ගෙ වැඩිමල් දූ

Read more...

අනේ බොල කූඹින්නේ...(නූතන පද වැල)

අනේ බොල කූඹින්නේ...
තොපටත් රජෙක් ඇත්තේ...
අපටත් රජෙක් ඇත්තේ.....

තොපේ දුක තොප රජුට පෙනෙන්නේ...
අපේ දුක අප රජු නොම දන්නේ...
දුකපත් අය හට දුක වැඩි වන්නේ...
සැමවිට දුදනන් මෙහි රජයන්නේ....

Read more...

ඉංග්‍රීසියේ වහලුන් සහ විකටයන්

අපේ රටේ ඇතැමුන් කෘතිමව කට පුංචි කර ඉංගිරිසි සහ ඇතැම්විට සිංහලත් සුද්දගේ උච්චාරණයට (accent) මෙරටදී කතා කිරීමට දරන ජුගුබ්සාජනක උත්සාහය අනුකාරකවාදී මානසික වහලකු හදුනාගැනීමට හැකි පහසුම ක්‍රමයයි.

හිම වැටෙන අධික සහිත පරිසරයේ පරිනාමනය වූ සුද්දන් අනවශ්‍ය ලෙස කට නොඇරිමට හේතුව අධික ශීතල වාතය පෙනහළුවලට ඇතුල්වීමෙන් බේරීමයි. එම කටුක ශීතල පරිසරයට එය ස්වභාවික හැසිරීමක් සහ එයින් මතුවන ස්වභාවික උච්චාරණයකි.

Read more...

හම්බන්තොට ලක ලැහැස්ති කරන පොදුරාජ්‍ය මණ්ඩලිය සමුළුව කා සදහාද?

11 February, 2013

සුද්දන් රටවල් ආක්‍රමණය කර ස්වදේශික කාන්තාවන් දූෂණය කල බවද තවත් දේශීය කොටස් නොයෙක් වරදාන අපේක්ෂාවෙන් තම අබුවන්ව පවා සුද්දන් සමග සයන ගත කිරීමට යැවු බවත් ඉතිහාසය සනිටුහන් කර ඇත. නිවටකමත් පරගැති බවත් ඔවුන් ගේ පරම්පරාවල ජානගතවී ඇත.

Read more...

දෘෂ්ටිගත නොවෙමු (කෙටි සටහන)

ඔයාල කවුරුත් කැමතිද මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයෙක් එක්ක කතා කරන්න? නැතිනම් අන්තවාද්දීව සමහර ආගම් හෝ දෘෂ්ටි අදහන චරිත වලට? එවැනි පුද්ගලයන්ගේ හැසිරීම් හරිම ජුගුබ්සාජනකයි සහ විකාර රූපී නේද? මෙවැනි උදවිය දිවි හිමියෙන් පෙනී සිටින්නේ සත්‍ය වෙනුවෙන් නෙමෙයි තමන් අදහන දෘෂ්ටිය වෙනුවෙන්. නමුත් ඒ අය හිතන්නේ ඒ ගොල්ල තමයි නිවැරදි සහ අනිත් අය මෝඩයෝ කියල.

Read more...

ජන මතය සහ "ගරිල්ලා මාර්කටින්"

04 February, 2013

ග්‍රෙගරි මහ අධිකාරම්:
"ඔය මහජන මතය කියන එක තියෙනවා නේද? ඒක හරියට පරණ බංගලාවක තිබුණාය කියන අවතාරයක් වගේ, කවුරුත් ඕක දැකපු කෙනෙක් නැහැ. හැබැයි හැමෝම ඕකට බයයි. මම නම් දැන් ඕකට බය නැහැ. දැන් ඔය මහජන මතය කියන අවතාර හදන්න advertising firm වලටත් පුළුවන්."

"ප්‍රශ්නයක් අහන්නද?"

"අපි ගෙවන මුදලට වඩා වැඩි මුදලක් තිසර අපිට ගෙවන බව පෙනෙනවා."

Read more...

නායකත්වය, හීනමානය සහ ජනතාව (කෙටි සටහන)

ජේ. ආර්. ට එදා නායකත්වය දීමට වැඩි උවමනාවක් තිබුනේ ගාමිණීට හෝ ලලිත්ටය. නමුත් ජනතාව ඉල්ලුවේ ප්‍රේමදාස මහතාවයි.

චන්දය දිනුවද තම හීන මානය නිසා ලලිත් ඇතුලත් මුදලි මහතාට බිය වූ ප්‍රේමදාස ඔහුගේ තටු කපන්න සිතා වඩා දුබල ඇමතිකමක් දුන්නේය.

Read more...

ජ.වි.ප ය සහ බ්‍රිතාන්‍ය නව යටත්විජිත වාදයේ කදෝපැණි සහජීවනය (කෙටි සටහන)

මතුපිටින් බලන පැගිරන්ට පෙනෙන්නේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන බවයි.

නමුත් යතාර්තයනම් ජ.වී.ප ය විසින් බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රලියාවේ අධ්‍යාපන කර්මාන්තය මත පදනම්වූ ආර්ථිකයට රාජකීය සේවයක් සිදු කරන බවයි.

Read more...
 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk