ජ.වි.ප ය සහ බ්‍රිතාන්‍ය නව යටත්විජිත වාදයේ කදෝපැණි සහජීවනය (කෙටි සටහන)

04 February, 2013

මතුපිටින් බලන පැගිරන්ට පෙනෙන්නේ මාක්ස්වාදී ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන බවයි.

නමුත් යතාර්තයනම් ජ.වී.ප ය විසින් බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රලියාවේ අධ්‍යාපන කර්මාන්තය මත පදනම්වූ ආර්ථිකයට රාජකීය සේවයක් සිදු කරන බවයි.

London A/L / EdExcell සහ අනෙකුත් බ්‍රිතාන්‍ය/ඔස්ට්‍රේලියානු පුද්ගලික උපාධි පාටමාල සහ වෙනත් වුර්තිය පාටමාලා වෙනුවෙන් මේ රටෙන් පිටතට පොම්ප කරන හැම පවුමක්/ඩොලරයක් වෙනුවෙන්ම දහදිය ලේ කදුළු සලා ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සටන්කාමි කේඩරයන් ය.
රාජ්‍ය විශ්ව විද්‍යාල වලට සහ මෙරට පුද්ගලික ව්‍යවසායකයන්න්ට උපාධි මට්ටමේ පුද්ගලික පාටමලාවක් ඇරබිමට විරුද්ධව ජ.වී.ප ය සිසුන් උසිගැන්වන තාක් කල් බ්‍රිතාන්‍ය/ඕස්ට්‍රේලියානු දේශපාන හිවලුන්ට රජ මගුල් ය.

එක ජාතියක ඇට මිදුළු වලට කා වැඩි ඇති පුද්ගලික සහ වුර්තිය කුහකත්වය තවත් ජාතින් ට හොද මුදල් ඉල්ලමක් බවට පත්කරගෙන ඇත්තේ කාගේ වරදින්දයි මොලයක් ඇතිනම් හිතා බැලීමට කාලයයි.

ජ.වී.ප ය පිටුපස සමජාවාදය ගැන යම් අක් මුලක් හෝ ඇති රුසියාව, කියුබාව හෝ චීනය සිටි බවක් ඔබ කිසි දිනක හෝ අසා ඇද්ද?

ජ.වී.ප ය සහ කුරුටුගාමින්ගේ සියලු සැප විහරණයන් සහ දේශපාලනික සහය බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව විසින් දරන්නේ ඔවුන් ගෙන් තමන් ගේ සේවා මූලික ආර්ථිකයට සිදුවන මූලෝපායික වැදගත්කම ඉතා හොදින් දන්නා බැවිනි.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk