දෘෂ්ටිගත නොවෙමු (කෙටි සටහන)

11 February, 2013

ඔයාල කවුරුත් කැමතිද මාක්ස්වාදී පක්ෂයක සාමාජිකයෙක් එක්ක කතා කරන්න? නැතිනම් අන්තවාද්දීව සමහර ආගම් හෝ දෘෂ්ටි අදහන චරිත වලට? එවැනි පුද්ගලයන්ගේ හැසිරීම් හරිම ජුගුබ්සාජනකයි සහ විකාර රූපී නේද? මෙවැනි උදවිය දිවි හිමියෙන් පෙනී සිටින්නේ සත්‍ය වෙනුවෙන් නෙමෙයි තමන් අදහන දෘෂ්ටිය වෙනුවෙන්. නමුත් ඒ අය හිතන්නේ ඒ ගොල්ල තමයි නිවැරදි සහ අනිත් අය මෝඩයෝ කියල.

ඉතින් මේගොල්ලන්ට ඇයි මෙහෙම උනේ. දෘෂ්ටිවාදීව යම් මතයක් අල්ල ගත්තම සත්‍ය සහ යතාර්ථය මුළුමනින්ම වැහෙනවා. ඊට පස්සේ ඒ මතය තමන්ගේ ඔළුවට දාපු නායකයෝ කියන ඕනෑම දෙයක් හරි කියල පිළි අරන් වහල්ලු වගේ තමයි  හැසිරෙන්නේ. යම් පමණකට හෝ මධ්‍යස්තව ලෝකය දිහා බලන ඕන කෙනෙක්ට එවැනි අයගේ හැසිරීම ගැන ලොකු අනුකම්පාවක් ඇතිවෙන්නේ.

අපි කව්රුත් අන්තවාදීව දෘෂ්ටිගත වුනොත් අපිත් එහෙම තමයි හැසිරෙන්නේ. අනිත් අතට මෙහෙම අන්තවාදීව දෘෂ්ටිගත වුන අයව පසුවෙන් අන් අයට ඕන විදියට දක්කන්න හරි ලෙහෙසියි. මොකද, මෙවැනි උදවිය හරි වැරැද්දට වඩා දෘෂ්ටියක් විදියට ගත්ත මතය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනි සිටින්න උත්සහ ගන්නවා. ඒක තර්ක කිරීමක්, වාද කිරීමක් වගේම ආයුද සන්නන්ද ව්‍යාපාරයකට බැදිම දක්වාම වර්දනය වෙන්න පුළුවන්.

ඕගොල්ලෝ කවදාවත් කවුරුත් කියන පලියට අන්තවාදී දෘෂ්ටි වලටනම් අහුවෙන්න එපා. මොකද එහෙම උනොත් තමන්ට සත්‍ය සහ යතාර්ථය ආවරණය වෙනවා. යම් කෙනෙක් දැනට එහෙම දෘෂ්ටි වලට අහු වෙලා නැත්නම් එක වාසනාවක්.

කුඩා කාලේ ඉදල පවුල් පසුබිම් ආදිය නිසා එවැනි දෘෂ්ටි අල්ලගත්ත කෙනෙක්ට එව්වයෙන් මිදෙන්න අභ්‍යන්තරව ලොකු සටනක් කරන්න වෙනවා. හැබැයි එහෙම අයත් ඒ සටන කරන එක හරි වැදගත්. මේ කරුණ තමයි බුදු හාමුදුරුවෝ දේශනා කලේ "ඔබ සතු මිත්‍යා විතර්ක සිද, සැහැල්ලු කරගෙන පටිසෝතගාමිව සසරෙන් එතෙර වෙන්න" කියල.

සබැදි ලිපි:
- Ego - The birth of the ‘False Center’ - Part 1
-The ego and the society - Part 2
 

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk