නූතන වැදි (ආදී වාසි) පරපුරේ නැගිටීම

25 February, 2013

යුරෝපයේ සුද්දන් සතුන් දඩයම් කරගෙන මස් පුච්චන් කමින් මිලේච්චයන් ලෙස වල් වැදී සිටියදී, අපේ මේ හෙළ භූමිය අනුරාධපුර යුගයේ සිට ම තුල බුදු දහමෙන් අධ්යත්මිකවත්, වාරි කෘෂි කර්මාන්තයෙන් සංස්කෘතිකව සහ ආර්ථිකව දියුණු රටක් ලෙස වැඩුන බවට ඉතිහාසය පැහැදිලි සාක්ෂි දරනවා.

අපේ රටේ පුර වැසියන් විසින් බිහි කල එම මහා සංස්කෘතියට නොයෙක් හේතු මත අවශෝෂණය නොවී වෙන්ව වල් වැදී ජීවත්වුණ ජන කොට්ටාශ වෙන්ව වැඩුන. අපි අද සාම්ප්‍රදායිකව වැද්දන් (ආදී වාසින් කියල අද ඔවුන්ව වැරදි නමක් දාල) කියන්නේ ඔවුන්ට. වැද්දන් බහුතරය බොහෝ විට දඩයම සහ වෙනත් බෞද්ධ මහා සංස්කෘතිය නොගැලපෙන ලක්ෂණයන්ගෙන් යුක්ත වුන. ඔවුන් තුල වුන එම ප්‍රාථමික ලක්ෂණ නිසා ඓතිහාසිකව බෞධයන් වැද්දන් සමග යම් දුරස්ත් බවකින් කටයුතු කලේ. නමුත් අද වන විට ඒ සාම්ප්‍රදායක වැදි ජනතාව බොහෝ දුරට සිංහල බෞද්ධ මහා සංස්කෘතියට අවශෝෂණය වෙලා තියෙන්නේ.

මේ රටේ විශාලතම සංස්කෘතික සහ සමාජීය විකුර්තිය සිදුවුනේ බටහිර ජාතින් විසින් ආක්‍රමණය කිරීමත් සමග. 1948 නිදහස නමින් දේශපාලන බලය පවරලා ගියේ සුදු හාම්පුතුන් විසින් නොයෙක් වරදාන දීමෙන් සහ ඔවුන්ගේ අධ්‍යාපන සහ ආගමික සංස්ථ හරහා බිහි කරගත් ඔවුන්ගේ ආගම සහ සංස්කෘතිය වැලදගත්  කොම්ප්‍රදෝරු කොටස් වලට. 2009 වසරේදී උතුරේ නන්දිකඩාල් කලපුවේදී ත්‍රස්ත නායක පිරිපාහරන් සමග මෙම අව ජාතික කළු සුද්දන් දකුණේදී දේශපාලනිකව පැරදුන. මෙම දේශ පාලනික පරාජය වලක්වන්න බටහිර හාම්පුතුන් නොදරපු උත්සහයක් නැහැ. මෙලෙස දේශපාලනිකව පැරදුනු කොටස් තමයි නූතන ශ්‍රී ලාංකීය දේශපාලනික බලය තුල ආගන්තුකව සැබෑ වැද්දන් වෙලා තියෙන්නේ. බටහිර හාම්පුතුන් සමග රහසිගතව නොයෙක් අභූත යුධ අපරාධ චෝදනා නගමින් චන්දයේ බලය වෙනුවට කෙවිටෙන් තලා ආණ්ඩු පෙරලන්න උත්සහ කරන්නේ මෙම යටත්විජිතවාදී සුදු හාම්පුතුන් සහ ඔවුන් බිහිකර ගිය ස්වදේශීය මානසික දාසයන් ම තමයි.

මොවුන්ට මෙසේ නූතන ආදී වාසින් හෙවත් වැද්දන් ලෙස හැදින් වීමට සිදුව ඇත්තේ ඔවුන්ගේ හිපි සංස්කෘතිය පැරණි වැදි පරපුරේ සංස්කෘතියට බොහෝ දුරට සමානකම් පෙන්වීමත්, මොවුන් යටත් විජිත සහ පශ්චාත් යටත් විජිත සමයන්හි (1505-2009) තිබු පැරණි (ආදී වාසි) මානසිකත්වයෙන් තව දුරටත් නිදහස් ශ්‍රී ලංකාව තුල ජීවත් වීමට දරන විකාර රූපී උත්සාහයත් නිසායි.

ගෝත්‍රික ස්වරූපයෙන් මස් මාංශ පුළුස්සාගෙන කෑම, පිහිට පතා නොපෙනෙන බලවේගයන් ට යැදීම, ඇදුම් ආයිත්තම් වල ස්වරූපය, සහ පවුල් සංස්ථාව තුල ඇති හැසිරීම් ආදිය අනුව මෙම නූතන වැදි සංස්කෘතික කොටසත් පැහැදිලිව හදුනාගත හැකියි.

2009 ට පෙර තමන් ලද සුවිශේසී දේශපාලනික සහ සමාජීය බලය නැවතත් කෙසේ හෝ තම බටහිර හාම්පුතුන් යලි දිනා දෙවි යයි දැඩි බලාපොරොත්තුවෙන් මහා සංස්කෘතියට ආගන්තුකව දිගටම ජීවත්වීමට මේ වන විට දැඩි අරගලයක යෙදෙනවා. තම පරම්පරාවල් බටහිර ආක්‍රමණ නිසා වුන හුදු විකුර්තින් පමණක් බව මොවුන් ගෙන් යම් පිරිසක් කිසි සෙත් පිළිගන්න ඇමති නැහැ. නමුත් බහුතර පිරිස මෙම යතාර්ථය තේරුම් ගෙන ක්‍රමානුකූලව ස්වදේශික මහා සංස්කෘතිය සමග නැවත එක්වෙමින් පවතිනවා.

දේශපාලනිකව  අනාත වුන සහ පවතින යතාර්ථය පිළිගැනීමට අකමැති සුළු පිරිස ඔවුන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් "ආදිවාසින්" ලෙස අන්තර් ජාලය ඇතුළු ව බිම් මට්ටමෙන් පෙළ ගැසීමට දරන උත්සාහය ගැන අපි උපේක්ෂාවෙන් බැලිය යුතුයි.

ඔවුන් හැකි ඉක්මනින්ම මේ රටේ සිංහල බෞද්ධ මහා සංස්කෘතියට අවශෝෂණය උනේ නැත්නම්, තව දශක ගානක් ගියත් මේ ඉන්න විදියටම ආගන්තුක වැදි ජන කොට්ටාශයක් පිරිසක් විදියට ඉන්න සිදු වේවි. තම ඉදිරි අනාගතය ගැන තීරණය ඇත්තේ ආදිවාසින් යයි නිවැරදිව තමන්ව හදුන්වා ගන්න මෙම නූතන වැදි  පරපුර අතෙයි.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk