නායකත්වය, හීනමානය සහ ජනතාව (කෙටි සටහන)

04 February, 2013

ජේ. ආර්. ට එදා නායකත්වය දීමට වැඩි උවමනාවක් තිබුනේ ගාමිණීට හෝ ලලිත්ටය. නමුත් ජනතාව ඉල්ලුවේ ප්‍රේමදාස මහතාවයි.

චන්දය දිනුවද තම හීන මානය නිසා ලලිත් ඇතුලත් මුදලි මහතාට බිය වූ ප්‍රේමදාස ඔහුගේ තටු කපන්න සිතා වඩා දුබල ඇමතිකමක් දුන්නේය.

නමුත් ඔහුව අවසානයේ ඝාතනය නොකලේ නම් බොහෝ විට ජනපතිවීමට තරම් ජවයකින් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ගොඩනැගුවේය. ජනතාව ඔහුපසු පස කදවුරු බැද ගත්තේය.

මහින්ද කම්කරු ඇමති වි ජනප්‍රසාදය දිනගනිවි යයි බියවී චන්ද්‍රිකා ඔහුට පව්කාර ධිවර ඇමතිකම දුන්නේය. නමුත් ජනතාව නුදුරු කාලයකදීම ඔහුව ජනපති පුටුවට ඔසවා තැබුවේය.

ලොක්කන් බිය වන්නේ තමන්ට වඩා ප්‍රභල චරිතයන්ට බව ඉතිහාසය ඕනෑතරම් සාක්ෂි සපයනු ඇත. පන්දුවක් බලහත්කාරයෙන් සැමදාමත් ජලයේ ඔබා තැබිය නොහැක. එය ස්වභාවිකවම උඩට එනු මිස.......

මේ රටේ ජනතාව සිටින්නේ දේශපාලකයන්ට වඩා ගව ගණනක් ඉදිරියෙන්ය... ඊලග නායකයන් තනන්නේ ජනතාව මිස ඉන්න නායකයා හෝ කුලියට ලියන ජනමාධ්‍ය නොවේ...

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk