දියසේන - මහගම සේකර

14 February, 2013

ඒ කාලෙ මම හිතුවා
දෙදහස් පන්සීයෙදි ඇවිදිල්ලා රට හදන්න
පස්සෙ මටම හිතුනා
ඔක්කොටම ඉස්සෙල්ලා මම හැදෙනව


එහෙම හිතල වැලි දැම්මා හාල් වලට
මිරිස් වලට වතුර ගැහුවා
කිරුවා බොරු පඩියෙං
ගින්දර අරන් ගියා වතුර යටිං
ගත්තා කුරුණෑගල පොල් ඉඩමක්
බැන්දා කසාදයක්
ගෝරිමන්ද සිටාණන්ගෙ වැඩිමල් දූ


තමුසෙලටත් දියුණු වෙන්න ඕනෑ නං
ලක්ෂයක් වුනත් මම දෙන්නං
හැබැයි ගොයියො නිකන් නොවෙයි
ශයිලොක්ටත් දුන්නේ
මස් රාත්තලේ පොළියට


මට දැන් තේරෙනවා
එක් එක් පුද්ගලය තර උනාම
මුළු රටම දියුණු වෙනව
මොකද තමුසෙල කියන්නෙ?}

- බෝඩිම (මහගම සේකර)

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk