හම්බන්තොට ලක ලැහැස්ති කරන පොදුරාජ්‍ය මණ්ඩලිය සමුළුව කා සදහාද?

11 February, 2013

සුද්දන් රටවල් ආක්‍රමණය කර ස්වදේශික කාන්තාවන් දූෂණය කල බවද තවත් දේශීය කොටස් නොයෙක් වරදාන අපේක්ෂාවෙන් තම අබුවන්ව පවා සුද්දන් සමග සයන ගත කිරීමට යැවු බවත් ඉතිහාසය සනිටුහන් කර ඇත. නිවටකමත් පරගැති බවත් ඔවුන් ගේ පරම්පරාවල ජානගතවී ඇත.


පොදුරාජ්‍ය මණ්ඩයේ අරමුණ කලින් යටත් වී සිටි රටවලට වාර්ෂිකව එය මතක් කරවා දීමත්, පැරණි හාම්පුතා වන බ්‍රිතාන්‍ය එය යටත් වැසියන්ගේම රටවලට ගොස් සැමරිමත්ය. එසේ වාර්ෂික සැමරුමට අදාළ රටට යාමට පෙර තමන්ට අවශ්‍ය කොන්දීසි සැපිරීමට බස්තම උලුක් කරමින් සත්තම් දැමීම බ්‍රිතාන්‍ය කිරීටය තවමත් සිදු කරයි.

අධ්‍යාපනය සහ වෙනත් ආර්ථික ආධිපත්යන් බ්‍රිතාන්‍ය දිගටම පවත්වා ගන්නේ මෙම පොදු රාජ්‍ය මණ්ඩලය හරහා බැදුණු ආර්ථික සහ සමාජීය ව්‍යුහය හරහායි. ඒ ඒ රටවල දී පර ආක්‍රමනිකයන්ට තම ජාතිය පාවාදී නොයෙක් වරදාන වෙනුවෙන් කැබුරු කොම්ප්‍රදෝරු සමාජයේ වර්තමාන පුරුක් වලට පොදුරාජ්‍ය මණ්ඩලය සහ බ්‍රිතාන්‍ය යනු ආඩම්බරයට කාරණයකි. මන්දයත් ඔවුන් තවමත් සුද්දන් ඇතිකර ගිය ආර්ථික මොඩලයේ පලප්‍රයෝජන ලබන සුළුතරයට අයත් වන බැවිනි.

රනිල් කොලබ දී පරන්ගි ආක්‍රමණයේ 500 වැනි සංවස්තරය සමරන්න ගිය එකත්, බ්‍රිතාන්‍ය සුද්දන්න්ගේ යටත් විජිත වල බලු ගැත්තන් සහ හාම්පුතාගේ වාර්ෂික හමුව පැවැත්වීමට මහින්ද තම ගම් ප්‍රදේශය වන හම්බන්තොට සූදානම් කිරීමත් එකම මට්ටමේ නිවට තීරණයි. මෙම නිවට නියාලු තීරණ ගැන ආණ්ඩුව තුල සිටින දේශප්‍රේමින් මර නින්දේය. මෙවුන් රෙදි ගලවා හෝ මේවාට සහභාගී වන්නටද බැරි නැත.

ජාතියක් සැබවින් නිදහස ලබනුයේ සිංහල, දෙමල, මුස්ලිම් හෝ බර්ගර් යන ඕනෑම ජන කොටසක සිටින මෙම මානසික වහලුන් පරදා සැබෑ ජාතිකත්වයක් ඇති ස්වදේශිකයන් පාලන බලය දිනා ගැනීමෙනි. 

සබැදි:

- ජ.වි.ප ය සහ බ්‍රිතාන්‍ය නව යටත්විජිත වාදයේ කදෝපැණි සහජීවනය (කෙටි සටහන)

 

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk