සිංහලයන්ගේ විකුර්ති දේශපාලනය සහ එහි අභියෝග (කෙටි සටහන්)

04 March, 2013

#1 රටක පොදු ජනතාවට දේශපාලනය කල හැකි ක්‍රම දෙකකි. පළමු ක්‍රමය නම් චන්දය දින ඉතාමත් නිවැරදිව දේශපාලනය කර ඊලග චන්දය තෙක් සැහැල්ලුවෙන් අනෙකුත් කාර්යන්හි නියැලීමයි. දෙවැනි ක්‍රමය නම් මැතිවරණ දිනයේ පළමු දෙය වරද්දාගෙන ඊලග චන්දය තෙක් තමන් පත් කර යැවු නියෝජිතයන්ට රට කරවන හැටි ඉගැන්වීමයි. ශ්‍රී ලාංකිකයන් බහුතරය අයත් දෙවැනි කොටසටයි.

 #2 මේ රටේ දේශපාලනයේ ඇති ජරාජීර්ණ දූෂණයට සහ මැර බලය පැරදවීමට ඇති ප්‍රධාන අභියෝගය දේශපාලුවන් නොව තමන්ට ලැබෙන නොයෙක් වරදාන වලට ණය ගෙවන්න දිවා රෑ දෙකේ දේශපාලුවන් ගේ කුණු රෙදි හෝදමින් සහ සමාජය තුල සැබෑ ප්‍රශ්න කතා කරනු වෙනුවට හුදු පක්ෂ පාට ලෙස ජනතාව බෙදා තැබීමට නිරතුරු උත්සහ කරන කොළ රතු නිල් පාක්ෂිකයන්ය.

#3 සැබැ සමාජ සටන ඇත්තේ හොද සහ නරක අතර මිස දේශපාලන පක්ෂ හෝ ජාතින් අතර නොවේ. සෙසු අරගල අතර මෙම ප්‍රමුඛ අරගලය අපි කිසි විටකත් අමතක හෝ අතපසු නොකළ යුතුයි. සෙසු සමාජ අරගල සියල්ල පළමු අරගලයේ කොටසක් ලෙස අවස්ථානුකූලව කිරීමට අවශ්‍යවන සුළු අරගලයන් පමණක් විය යුතුයි. ප්‍රමුඛ අරගලය කර අරිමින් වෙනත් අරගල වලට පමණක් එක්වන පුද්ගලයන්ගෙන් අපි වඩාත් ප්‍රවේසම් විය යුතුයි.

#4 කපටි දූෂිතයන් සහ කම්බා හොරුන් නිතරම කරන්නේ "මේ සමාජය කොහොමත් දූෂිතයි... ඔව්ව වෙනස් කරන එක ලේසි නැහැ...පවතින ක්‍රමය යටතේ මුලින් සාර්ථක විය යුතුයි..." ආදී දේ කියමින් දූෂණය සහ වංචාව සාමාන්‍යකරණය කිරීමයි.  මොවුන් ගැන අපි වඩාත් කල්පනාකාරී විය යුතුයි. එක අතකින් තමන් කරන වැරදි ගැන අභ්‍යන්තරයෙන් ඇතිවන අසහන කාරී හැගීමෙන් තමන්වම රවටා ගැනීමට එලෙස කියයි. අනෙක් අතට සමාජය තුල තමන් කරන වැරදි 'සාමාන්‍ය' දේ ලෙස සැගවීමට ඔවුන් නිරන්තර උත්සාහයක යෙදේ. කුමන කපටි/චාටු කතා කිව්වද කෙරුවද තම හර්ද ශාක්‍ෂිය සහ කර්මය ඉදිරියේ ඔවුන් අන්ත අසරනයන් ය.  

#5 හොරුන්, වංචාකරුවන් සහ දූෂිතයන් ගෙන් මුළුමනින්ම තොර සර්ව සාධාරණ සමාජයක් අතීතයේ තිබුනේද නැත, අනාගතයී කිසි දිනකත් බිහි වන්නේද නැත. නමුත්, තරා තිරම නොබලා හොරාට හොරා ලෙසත්, වන්චාකරුවාට වංචාකාරය ලෙසත් මුහුණට පැවසීමට තරම් දිරියක් ඇති සහ ඔවුන්ට නොරැවටිමට තරම් බුද්ධියක් ඇති මිනිසුන් බහුල සමාජයක් බිහිකර ගැනීම වෙනුවෙන් අපි ජයග්‍රාහි අරගලයක යෙදෙන්නෙමු.

#6 බහුතරයක් මිනිසුන් බිය විය යුත්තට බිය නොවී, බිය නොවිය යුත්තට බිය වේද, ලැජ්ජා විය යුතු තුච්ච දේට ලජ්ජා නොවී, ලජ්ජා නොවිය යුතු දෙයට ලජ්ජා වේද, එය විකුර්ති සමාජයකි. ශ්‍රී ලාංකික සමාජය මෙම ව්‍යාධියෙන් ගොඩ එමින් සිටී. 

#7 කවුරුන් කැමති වුවත් නැතත් අද ජාතික දේශපාලනයේ මතවාද නිර්මාණ කරන සහ ඒවා නිවැරදි ලෙස ඔප මට්ටම් කරන තිබිරි ගෙය අන්තර් ජාලයයි. එයිනුත් Face Book සමාජ ජාලයේ සාමාජිකයන්ට වැඩි සමාජ දේශපාලන බලයක් හිමිව ඇත. එදා දේශපාලකයන් මතවාද ගොඩ නගද්දී ජනතාව ඒවාට එකතු විනි. නමුත් අද ජනතාව පෙරට විත් මත වාද ගොඩනගද්දී, දේශපාලකයන්ට ඒවාට අවනත වන්න සහ එකතු වන්නට බල කෙරී ඇත.
  

Bookmark and Share Related Posts with Thumbnails

1 comments:

අපේ රටේ මනුෂ්‍යයින් අනික් අයට බනින්න හරි ආසයි..තමුං තැනෙනවාට වඩා අනෙකා විවේචනය කිරීමට බොහෝ දක්ෂයි...
කිසිවෙක් කිසිවක් වෙනස් කිරීමට සැබෑ උවමනාවක් වත් කැපවීමක් වත් නැහැ..ඔහේ කරන්නන් වාලේ ආන්ඩුවට ක්‍රමයට බැන බැන ඉන්නවා..

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk