ගොයම් කොලයට මුවාවී වෙඩි තැබීමේ නඩු තීන්දුව- නැවත කියවීම

21 March, 2013

ලංකාවේ අධිකරණයකදී මිනි මැරුම් නඩුවක විභාගයකදී  සිද්දිය ඇසින් දුටු සාක්ෂි කරුවෙක් "සැකකරු ගොයම් කොලයට මුවා වී වෙඩි තබනවා මම දුටුවා ස්වාමිනි" කියා පවසනවා. මිනී මරුව වෙනුවෙන් පෙනී සිටි කුප්‍රසිද්ද නිතිඥයා ඊලගනඩු වාරයට "ගොයම් (වී) කොලයක්" රැගෙන ඇවිත් එය පෙන්වා, මේ වගේ ගොයම් කොලයකට මුවා වී වෙඩි තැබීමක් කරන්නේ කෙසේ දැයි අමූලික විතර්කයක් ගෙනෙන අතර එය පිලි ගන්නා නඩු කාරය චූදිතයා ව මිනි මැරුම් චෝදනාවෙන් නිදහස් කර හරිනවා.

මෙම පැරණි කතාව රස කර කර කවුරු හරි කියනවා ඕගොල්ලොත් සමහර විට අහල ඇති. මේ කතාවේ පැරැන්නන් අතර වීරය වුනේ සිද්දියට අදාළ කපටි නිතිඥය. නමුත් මේ ගැන ඔබ ටිකක් ගැබුරට හිතල බැලුවද?

අපේ රටේ අවජාතක රෝම ලන්දේසි නීති පද්දතිය තුල සමාජය හෝ සංස්කෘතිය ගැන හැගීමකට වඩා මුදල සහ විතර්කයයි මුල් වෙන්නේ. මෙයට අදාළ නඩුකාරයට ගැමි වහරේ "ගොයම් කොලය" කියන්නේ කපා ගොඩ ගැසූ වී ගොඩක් කියන එක පිලි ගන්න තරම් ඔහු ට ජනතාවගේ හැගීම් සහ භාෂාව ගැන සංවේදී තාවයක් නැහැ. නැත්නම් පෙරකදෝරු කෙස් පැලෙන තර්කයට වශී වෙලා ඒක හිස් මුදුනෙන් පිලි ගන්නවා තමන්ගේ තියෙන අමන කමට.

මේක නිතිඥයා ගේ දක්ෂතාවයද?

ඇත්තටම මේක මුදලට මිනි මැරුමක් වෙනුවෙන් පෙනී සිටින නිතිඥයා ගේ කපටි කම සහ අදාළ නඩු කාරයාගේ අමන/උඩගු කමේ සංයෝගයක අවාසනාවන්ත ප්‍රතිපලයක්.

මිනි මරුවන් වෙනුවෙන් එම අපරාදය කල බව දැන දැන මුදලට වහල් වී "ඔහු නිවැරදි කරුය ස්වාමිනි" කියා පෙනී සිට කෙස් පැලෙන අමූලික තර්ක ඉදිරිපත් කරන නිතිඥයන් සියලු දෙනාත් ලෝක ධර්මයන්ට අනුව සැලකිය යුත්තේ අනියම් මිනි මරුවන් ලෙසයි. මෙවැනි උදවිය අපායේ ලෝ දිය බොනවිට කල පව් මතක් කරනු ඇත.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk