අප්‍රේල් මෝඩයන් කව්ද?

31 March, 2013

අප්‍රේල් 1 වෙනිදා ලොකුම මෝඩයන් වන්නේ ජන මාධ්‍යවල මුලාවට හසු වී විහිලුවට යයි බොරු කියමින් අකුසල් රැස් කරගන්නා අය මිස අනුන්ගේ බොරු වලට රැවටෙන්නන් නොවේ.

බටහිරයන් බිහි කල අලෙවිකරණය මත රැදුණු නූතන ධනවාදී ක්‍රමය තුල බොරුකීම ක්‍රීඩාවක් වගේ විනෝද ජනක දෙයක් ලෙස උලුප්පා පෙන්නුවේ නැත්නම් ඔවුන්ගේ මුළු ආර්ථික ක්‍රමයම බිද වැටෙනවා. අනි ත් අතට ඔවුන්ට තමන්ගේ ජීවනෝපායන් තුල කරන බොරුව සහ අනුන් රැවටීම් නිසා ඇති වන හිස් බවින් කලකිරෙනවා.
අප්‍රේල් 1 ද වගේ සංකල්ප බොරුව මත ජීවත්වන සමාජයන්ට එහි බැරෑරුම් කම සගවා තබන්න අත්‍යවශ්‍යයි. බටහිරයන් කොහොමත් මැවුම් වාදය මිසක් කර්ම ඵල විශ්වාශ කරන පිරිසක් නෙමෙයි. අවිද්‍යාවෙන් වැසී සිටින ඔවුන්ට බොරු කීම හුදු විනෝදයක් හෝ ක්‍රීඩාවක් තමයි.

නමුත් අහල ඇතිනේ විහිළුවට තම යහළුවන්ගේ ඇදුම් සැගවූ කුඩා දරුවකුට ඊලග ආත්මයක ලැබුණු කර්ම විපාකය ගැන කියවෙන අපේ පුරාන බන කතාව.

බුදු හාමුදුරුවෝ බුද්ධත්වය ලබා ගත පසුවත් උන්වහන්සේට විටින් විට හිසේ රුදාවක් හැදුනු බවත් එය උන් වහන්සේ පෙර ආත්මයක විහිළුවට මෙන් කල කර්මයක ඵලයක් බවත් උන් වහන්සේම දේශනා කරලා තියෙනවා.

අතීතයේ පටන් බෞධය කියන්නේ දිවි හිමියෙන් සත්‍යම වචනයම රැක ගත්තු අදීන පිරිසක්. රොබර්ට් නොක්ස් ගේ 'එදා හෙළ දිව' කෘතිය කියෙව්වනම් ඔහු එදා සිටි සිංහලයන්ගේ මෙම සත්‍යවාදී ගුණය වර්ණනා කරන විදිය දැක ගන්න තිබුන.

අප්‍රේල් 1 වෙනිදා හැසිරෙන්න ඕන විදිය ගැන තීරණය ඔබේ අතේ.....

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk