සිංහල අවුරුද්ද

13 April, 2013

විශ්වය තුල සිදුවන්නේ චක්‍රීය ක්‍රියාවලින්. දවල් රෑ ඇතිවීම වගේම දෙයක් තමයි පෘතුවිය සූර්ය වටේ රවුමක් කැරකෙන්න වසරක් (ආසන්නව දින 365) ගතවෙනවා කියන එක. චක්‍රීය දෙයක ඕනෑම තැනක් මුල විදියට ගත්තට වරදක් නැහැ මොකද අපි මැවුම්වාදය පිලි නොගන්න හන්ද. නව අවුරුද්ද විදියට වසරේ මොන දිනය ගත්තත් අපි එක ආරෝවක් කරගන්න ඕන නැහැනේ. නමුත් සාමූහිකව හැමෝම එක දිනක් සම්මත කරගන්න එකෙන් යම් එක මතිකත්වයක් ලැබෙනවා විශේෂයෙන් ගොවිතැන සහ වෙනත් සාමූහික එකගතාවයන් අවශ්‍ය වාණිජ කටයුතු ආදියට. නව අවුරුද්ද කියන එක සෑම සංස්කෘතියකටම වගේ අවුරුද්දේ එක එක කාලවලට යෙදෙන්නේ ඔය හේතුව නිසා.

නමුත් බුදුරජානන් වහන්සේ මෙම අත්මවාදයත් මැවුම්වාදයත් දෙකම ප්‍රතික්ෂේපකරලා සත්‍ය මතු කරලා දුන්න. නමුත් භාරතයේ වැසියන් හැමෝම බෞද්ධ උනේ නැහැ. වැඩි පිරිසක් බමුණු දහම දිගටම රැකගෙන ආව. වේද ය මත පදනම් වුන ජෝතිෂ්‍ය විශ්වාශ කරපු හින්දුන් අවුරුද්ද අර්ථ දැක්වුයේ ඔවුනගේ ආත්මවාදී සහ මැවුම්වාදී (ඊශ්වරවාදී) ආගමික දෘෂ්ටියට අනුව. ඉන්දීය අභාෂයෙන් බුදු දහම ලැබුන වගේම  අලුත් අවුරුද්ද ලෙසත් ඒ අභාෂයෙන් අප්‍රේල් මස යොදාගත්තා.එකේ ලොකු වැරැද්දක් නැහැ.  සිංහල අවුරුද්දට අපි ක්‍රමානුකූලව බෞද්ධ ලක්ෂණ එකතු කරමින් සිටිනවා. ඒ අතර හින්දු ජෝතිශ්යේ ඇති මිත්‍යාවන් අපි ක්‍රමයෙන් අත්හරිමිනුත් ඉන්නවා.නමුත්  අපි අතර ජෝතිශ්යෙන් ලාභ සත්කාර ලබන සුළු පිරිසකුත් ඉන්නවා.
 
බොරුවකට අයිසින් දැමීමට යාමෙන් හෝ කෘතිමව ආගමික සංකේත එල්ලීමෙන් එය ඇත්තක කිරීමට නොහැකියි. එක බොරුවක් වැසීමට තවත් බොරු දහයක් කීම කපටියකුට එතරම් කාරයක් නොවුනද බුද්ධිමත් සත්‍යවාදී අයට එය තරම් නොවේ. හොදම දෙය මිත්‍යාව අතහැර සාධනීය දේද රැගෙන සැහැල්ලුවෙන් ඉදිරියට යාමයි. ඔබ දෘශ්ටිගතව බැදුණු සාම්ප්‍රදායික දෙයක් එකවර අත්හැරීමට නොහැකි නම් සංස්කෘතිකමය තලයේ සිට ඒවා කලාට ද කමක් නැහැ. නමුත් එවැනි දේ සාධාරණී කරණය කිරීමට එකිනෙකට කිසිසේත් නොගැලපෙන ආගමික ප්‍රලාප ගොතමින් විහිළු නොසැපයිමටද ප්‍රවේශම් විය යුතුයි.

දෘශ්ටිගතව යමක් තදින් අල්ලා ගැනීම හරියට අබින් කෑමක් වැනි දෙයක්. තමන් ග්‍රහණය කරගත් දෘෂ්ටිය වෙනුවෙන් ඔවුන් ඕනෑම මට්ටමට යන්න පෙලබෙන අතර සත්‍ය මුළුමනින්ම වැහිලා යනවා. කුරානයේ ඇති අමානුෂික දේ පවා ඇතැම් අන්තවාදී ඉස්ලාම් බැතිමතුන් වැරදි ලෙස නොදකින්නේ තමන්ට සම්ප්‍රදය්කව ලැබුණු දෘෂ්ටියට ඔවුන් දැඩි ලෙස බැදිලා නිසා. ඔවුන්ට එය කිසි සෙත් වටහා දිය නොහැකියි. මාක්ස්වාදය වැනි දේශපාලන දෘෂ්ටීන්ට බැදුන උදවියත් හැසිරෙන අයුරු අපි කවුරුත් දැකල තියෙනවනේ.

එක අතකට ඕනෑම දෘෂ්ටියක් දැඩිව අල්ලාගත් අයකු හෝ මිත්‍යාවන් ට මුලාවුවන් තමන්ට රිසි ලෙස පාලනය කිරීමට පහසු බව මුග්ධ පාලකයන් සහ ඔවුන්ගේ අතවැසියන් දන්නවා. ඔවුන් නිතරම මිනිසුන්ව දැඩි ලෙස දෘශ්ටිවාදයන්ට පොල්බවන අතර මිථ්‍යාවන් සමාජය තුල ශූක්ෂමව පතුරනවා. කපටි පාලකයන් කවදත් බලාපොරොත්තුවෙන්නේ බොලද සහ මුලාවූ සමාජයක්. එය කපටි පාලකයන්ට පාලනය පහසු කරවනවා.

අනික් අතට මිත්යාවන් අලෙවි කර ජීවිකාව ගැටගසා ගන්නා පිරිසක්ද සමාජයේ සිටිනවා. ඔවුන් ද මිත්‍යාවන් අභියෝග වන විට ඇතැම්විට දැඩිලෙස කිපී ඉතාමත් වෛරී භාෂාවෙන් පිළිතුරු දෙන්න පෙලබෙනවා..

මිත්‍යාවන්ට සම්‍යක් දෘෂ්ටික සළුපිලි ඇන්දවීමට ගොස් වඩාත් උතුම් වූ දහම විකුර්ති කරගන්නට අවශ්‍ය නැහැ. අන්තවාදීව අතීතයෙන් පැමිණෙන සියල්ල හරි කීම හෝ අනිත් අන්තයට ගොස් සියල්ල ප්‍රතික්ෂේප කිරීමද අවශ්‍ය නැහැ. නිවැරදි සහ සාධනීය දේ රැක ගෙන කලින් කල එල්ලුන කිනිතුල්ලන් ගසා දමා අපි ජාතියක් විදියට ඉදිරියට යා යුතුයි. 


ලැබෙන්නාවූ නව වසර යහපත් එකක් වේවා.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk