බොරුවට දරුවන් තුල ඇති ගිරි ඔතප් බිදින දහම් පාසල් විවාද තරග

14 April, 2013

කුඩා කාලේදී දක්ෂ ළමයන්ට බොරු කියන්න පුරුදු කරන්නේ බොහෝ විට බෞද්ධ දහම් පාසල්. මේ වයේ තියෙනවා විවාද තරග කියල ජාතියක්. කණ්ඩායම් දෙකක් තරගෙට එනවා. විනිශ්ය මණ්ඩලය මාතෘකා වක් දෙනවා. උදාහරණයක් ගත්තොත් "පන්සිල් රැකීම ලෞකික දියුණුවට හේතු වේ" වගේ මාතෘකා. කුසපත් ඇදලා යෝජක පිල සහ ප්‍රතියෝජක පිල තෝරාගන්නවා. දෙන මාතෘකා අනුව බොහෝ විට එක මතයක් හරි අනික වැරදියි. දැන් අර වැරදි පැත්තට විවාද කරන්න උන කණ්ඩායමට හිතට එකග නොමැතිව පට්ටපල් බොරු කියන්න වෙනවා.

ඔය තරග වල මතු කරන්නේ විතර්කය මිසක් සත්‍ය නොවේ. මුසාවාදයට දරුවන්ගේ පුංචි හිත් වල තියෙන ගිරි ඔතප් බිදින්නේ පන්සිල් රකින සමාජයක් හදනවා කියන දහම් පාසල්ම තමයි. මෙම මිෂනාරි මොඩලයේ බෞද්ධ අධ්‍යාපන ආයතන කරන්නෙ සුද්දෝ ඇතිකර ගිය අවජාතික රෝම ලන්දේසි අධිකරණ පද්දතිය තුල සාර්ථක වෙන්න පුළුවන් පෙරකදෝරු ශ්‍රමිකයන්, සහ සමාජය මුලාකරන හිස් දේශපාලුවන් සහ අලෙවිකරුවන් වැනි බඩ රස්සා වලට සුදුසු ලෙස බොරුවට ඇති ලජ්ජා බය කුඩා කාලෙදිම නැති කරන එක මිසක් ඇත්ත කතා කරන සමාජයට යහපත් මනුස්සයෙක් බිහි කරන එක නෙමෙයි.

දක්ෂ කථිකයෝ බිහිකරගන්න ඕනනම් මුලින් මාතෘකා දීල තමන් නිවැරදියි විශ්වාශ කරන මතය වෙනුවෙන් කතා කරන්න හෝ එයට අභියෝග කරන අය සමග වාද කරන්න එම දරුවන්ට නිදහස දෙන්න ඕන. එහෙම උනොත් නම් ඉදිරියේදීවත් නිවහල් චින්තනයක් තියෙන අදීන මිනිසුන් වැඩි වැඩියෙන් බිහිවේවි.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk