රංචු ගැසීම සහ ගැස්සවීම

22 April, 2013

"රංචු ගැසීම" යනු ඇතැම් සතුන් තුල දැකිය හැකි ලක්ෂණයක්. ආරක්ෂාව පිණිසත් තම ශක්තිය වැඩිකර ගැනීමටත් රංචු ගැසීම ස්වභාවික තත්වයක් වන අතර නව යොවුන් වයසේදී මෙයට වැඩි නැබුරුවක් තියෙනවා. ස්වභාවික කණ්ඩායම් හැගීම සහ සමගිය කියන්නේ සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය ධනාත්මක දෙයක්.
නමුත් මෙම ස්වභාවික මනෝභාවයට එහා ගිය රංචු ගැස්සවිම උපායශීලි ක්‍රියාවලියකුත් සමාජය තුල පවතිනවා. ඇතැම් පුද්ගලික ආයතන ශ්‍රමය සූරා කමට පහසුවක් ලෙසත්, දේශපාලනිකව මතවාදීමයව රංචු ගස්සවා පසුව ඔවුන්ව සියුම් ලෙස තමන්ට අවශ්‍ය ලෙස පාලනය කිරීමත් කෘතිමව සිදු කල හැකියි.

මෙහිදී තමන්ව සංවිධානාත්මකව රාමු කල මතවාදයේ වහලුන් බවට ක්‍රමයෙන් පත්කරගන්න අතර ඔවුන් සියල්ල එම පටු රාමුව තුලින් දකින්න ගන්න උත්සාහය තුල සමාජයේ ඇති අනෙක් පුළුල් යථාර්තයන් දැකීම මග හැරෙනවා.

මෙසේ අන්ධ භක්තියෙන් සිටින මතවාදීමය වහලුන්ව තමන්ට රිසි ලෙස දැක්කීම සදහා ඒ සදහාම පූර්ණ කාලීනව යෙදී සිටින ව්‍යාපාරික සහ දේශපාලනික නියෝජිතයන්ට හැකි වෙනවා. බැටළුවන්, හරක් වැනි සතුන් තුල තිබු රංචු ගැසීමට තිබුන කැමැත්ත සුනඛයන් යොදා ක්‍රමිකව පාලනය කරගැනීමට මෙය යම් පමණකට සමාන කර දැකිය හැකියි.

http://en.wikipedia.org/wiki/Herd_mentality

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk