වෘතීකයන් නිවැරදිව කියවමු

11 October, 2013

ලෝකයේ "නරක වෘතීන්" සහ "හොද වෘතින්" යයි දෙකක් නැහැ. ඇත්තේ "නරක වුර්තින්" සහ "තමන් වෘතියේ යෙදෙන ස්වභාවය අනුව හොද හෝ නරක තීරණය වන  වෘතින්" යන දෙවර්ගයයි.

මස් මරන්නෙකු, හොරකු, වංචනිකයකු යනු පළමු ගනයේ නිසර්ග පාපතර වුර්තිකයකු වෙනව. ඒ තුල ඔහුට හොදක් කල හැකි මගක් ඇත්තෙම නැහැ. දෙවැනි වර්ගයේ වුර්තින්හි නියැලෙන අයෙක් තමන් ධාර්මික හා ගරු කටයතු අයකුද, නැතහොත් අලජ්ජි පාපතරයකුද යන්න ඔහු වෘතියේ නියැලෙන පිලිවල අනුවයි තීරණය වෙන්නේ. අපේ වෘතිය කරනකොට මේ වගේ වැරදිත් කරන්න වෙනවා කියල කියන ආත්ම වන්චනිකයනුත් අපිට සමාජයේ දකින්න ලැබෙනවා. නමුත් වෘතියක යෙදෙන ආකාරය තමන් චේතනාත්මකව ගනු ලබන තීරණ සහ ක්‍රියාවන් බැවින් එහි පලවිපාක වලින් ඔවුන්ට කිසි විටකත් පලා යන්න බැහැ.

බොරුව තම ජීවිකාවෙ කොටසක් කරගත් අයකුට අයකුට තම හෘද සාක්ෂිය වංචා කල හැක. නමුත් තමන් බොරු කියන්නේ මුදලට ඇති තන්හාව නිසා චේතනාත්මකව බැවින් කියන බොරුවක් බොරුවක් පාසා එම පාපියා අකුසල් රැස්කරයි. එතැන් පටන් ඔහු එම වරදෙහි හවුල් කරුවකු බවට පත්වෙයි. තමන්ගේ මුවින් හෝ පෑනින් හෝ වෙනත් නිර්මාණාත්මක ස්වරූපයකින් පිටවන දෙයෙහි වගකීම තමන් සතුය. ඒ සදහා තමන් මුදලක් හෝ වේතනයක් අයකර ගනී. එබැවින් එම ක්‍රියාවන් සදහා වන වගකීමෙන් සහ එයට ලැබෙන කර්ම විපාකයන්ගෙන් ඔහුට ගැලවිය නොහැක. බොහෝ අලෙවිකරණ සහ ප්‍රචාරක වුර්තිකයන් නැති ගුණ මැවිමට හෝ ජනතාව ප්‍රයෝගයෙන් රැවටීමට තම හැකියාවන් යොදාගැනීම තුල කප්පරක් අකුසල්ම රැස් කරයි.

යම් මිනී මරුවකු/වංචනිකයකු බොරු කාරයකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකු ඔහු වෙනුවෙන් පවසන හැම වචනයක් පාසාම කර්ම රැස් කරයි. එහිදී "මම මෙහි පවසන්නේ මාගේ සේවාදායකයා පැවසූ දෙය" යි පවසා ඔහුට කර්මයෙන් ගැලවිය නොහැකියි. තමන් වරදකරුවකුව බේරාගැනීමට මුදලට තම ශ්‍රමය ලබාදීම ඇරබු මොහොතේ පටන් ඔහු එම වරදෙහි හවුල් කරුවකු බවට පත් වෙනවා. එතැන් පටන් දෙදෙනා එම වරද  සංවිධානාත්මකව ඉදිරියට ගෙන යයි. එකම වෙනස නීතිඥයා එම වරදට තම හවුල්කාරකම සපයන්නේ තරමක් පසුව වීම පමණයි.

මිනී මරුවකු බොහෝ විට තම ජිවිත කාලය තුල  ඝාතනය කරන්නේ එක් අයකු හෝ කිහිප දෙනකු පමණි. නමුත් මිනි මරුවන් වෙනුවෙන් නිර්ලජ්ජි බොරු කියන්නෙකු සැලකිය යුත්තේ සැලසුම්ගත සමූහ ඝාතකයකු ලෙසයි. එවැනි ජඩ පවුකාරයන් සමාජයේ ඕනා තරම් මෝඩ ජනයාගේ පිළිගැනීම් මැද ජීවත්වනු දකිය හැකියි. නිරතුරුව මුදලට ඇති තන්හාවම නිසා වංචනිකයන් වෙනුවෙන් තම ශ්‍රමය කැප කරන්නා සමාජ පිළිලයකි. අනෙක් අතට තම හෘද සාක්ෂියට එකගව සත්‍යයයි සැක හැරගෙන පමණක් ඒ වෙනුවෙන් පෙනී සිටින නීති වෘතිකයකු තම වුර්තිය ජීවිතය තුල බොහෝ කුසල් රැස්කර ගනී.

උතුම් වෛද්‍යවරයකුට අසීමිත දයාවකින් රෝගීන් සුවපත් කල හැකියි. නමුත් දොස්තර මුදලාලි කෙනෙකුට රෝගීන්ව  පෙනෙන්නේ වවාගෙන කෑ හැකි ඉල්ලමක් ලෙසයි. එවැනි මාපිලන් බොහෝ විට ඖෂධ මාෆියාවේ සේල්ස් රෙප් කමත් අපූරුවට කරගෙන යයි. එතුල රෝගියා කායිකව සහ මානසිකව විදවන විදවිල්ලට වෛද්‍යවරයා කවදා හෝ විපාක ලබනු ඇත.

ගුරු ප්‍රතිරූපයකට ශිෂ්‍යකු යනු දැනුම විකිණිය හැකි, නැතහොත් අන්දාගෙන කුමක් හෝ බොරුවක් යන්තමට උගන්වා මුදල් ගසා කෑ හැකි මෝඩ පාරිභෝගිකයකු ලෙස දකින්නටද හැකියි, තවත් සමාජ පරපෝෂිතයකු හෝ නිකමෙකු බිහි කිරීමට තම වුර්තියට අවංකව කැප නොවුණු ගුරුවතුන් අතින් බොහෝ විට සිදු වෙයි. ඇතැම්විට බොරු කීමට, වංචා දූෂණ සිදු කිරීමට සිසුන්ට මග පෙන්වන්නේද වංචනික ගුරුවරුන්මයි. නමුත් සැබෑ ගුරුවරයකු කරනුයේ විනය සහ හැකියවා තුලින් සමාජයට යහපතක් මිස බරක් හෝ පිළිලයක් නොවී ජීවත්වීමට සිසුන් පෙළගැස්වීමත්. ඒ සදහා ඔවුන්ට පරිපූර්ණ දැනුම සහ නිපුණතාවයන් ලබා දී මත් ය.

රජයේ සේවයේ යෙදෙන පඩියට සරිලන සේවයක් නොසපයන සහ විශේෂයෙන්ම පගාවට, දූෂණය නිර්ලජ්ජිව කරනු ලබන උදවියද සමාජයට පිලිලයන් පමණක් නොව තම රැකියාව හරහා බොහෝ සේ පව් රැස්කරගන්නෝ යි. බලයෙන් මත්වී එය යුතු ලෙස යොදාගෙන වැජබෙන්න උත්සහ දරන බොහෝ දේශපාලකයන්ටද තම සසර ගමන තුල කර්මය ඉදිරියේ වග උත්තර කරුවන් වීමට සිදු වේ.

ගොවිකම වැනි අතීත සමාජයේ පැසසුම්ලද වුර්තින් පවා අද කරන ආකාරය අනුව ක්‍රමයෙන් පවුකාර ක්‍රියාවන් බවට පත්වෙමින් ති බෙනවා.කෘමිනාශක සහ වෙනත් රසායනිකයන් පරිභෝජනයට යොමුවුන ගොවියා යනු එක පැත්තකින් ඍජු ප්‍රාණ ඝාතකයෙක්.  අනෙක් අතට වස විස ඇති ආහාර නිපදවීමෙන් පිළිකා වැනි බොහෝ විදවා මිය යන රෝගීන් සමාජයට බිහිකිරීමට වක්‍ර දායකත්වයක් ඔහු සපයනවා. මඩ සෝදාගත් කල රජකමට වුව සුදුසු වුනේ අවිහිංසාවාදී ගොවිකමේ යෙදුන පැරණි ගොවියා මිස බහුතරයක් වන නුතන මෝඩ් ගොවියන් නොවන බව පැහැදිලි විය යුතුයි.

මිනිසුන් මැනිය යුත්තේ කරන වෘතියේ නාම පුවරුවෙන් හෝ අදින පළදින ටයි කෝට් වලින් නොව කරන වුර්තිය කෙතරම් අවංකව සහ ධාර්මිකව යෙදෙන්නේද යන්න මතයි. එසේම අපි මිනිසුන්ට සැලකිය යුත්තේ උගත්කමට හෝ බලවත් කමට නොව ගුණවත් කමටයි. වැරදියට භාවිතා කරන උගත් කමින් කට්ට කපටි කයිරාටිකයකු බිහිවන අතර ඔහු බොහෝ සේ අකුසල් රැස්කරගෙන දුගතියටම පාර කපා ගනියි. වැඩවසම් සහ පසුව යටත්විජිතවාදී සමාජ ක්‍රමය තුලින් උරුමවූ වුර්තිය බෝර්ඩ් ලෑලි සහ ටයි කොට් වලට මුවාවී සිටින මෙවැනි සමාජ පරපෝෂිතයන්ගේ කලිසම් සමාජය ඉදිරියේ ඔලුවෙන් ගැලවීමටද අපි කිසිසේත් පසුබට නොවිය යුතුයි.

දැන් ඉතින් මේ පවත්නා තරගකාරී සමාජයේ ධාර්මික රැකියා කොහේදැයි යාමේ ප්‍රශ්ණ කල හැකියි. නමුත් හොදින් ඇස් ඇර බැලුවොත් එවැනි පස් පවින් තොරව තමන් බොහෝ කුසල්ද රැස්කරගනිමින් කල හැකි වුර්තින් ඕනා තරම් ඇති බව පෙනේවි. ඒවා අධික ලාභ ලැබියහැකි පාපතර වුර්තිමය භූමිකා තරම් ප්‍රකට නොවනවා විය හැකියි. නිවැරදි ජීවිකාවක යෙදෙන අයකු දිනයක් අවසානයේ මම අද දිනය තුල මෙතරම් යහපත් ක්‍රියා කළේය ලෙස සිතා ලබන ආත්ම තෘප්තිය දිනය පුරා වංචාව බොරුව සහ ව්‍යාජත්වය වපුරන හිස් මිනිසුන්ට කිසි සෙත් ලැබිය නොහැකියි. එවැනි අශික්කිතයකුට දිනය අවසානයේ සිහි කල හැක්කේ අද දවස තුල ම මෙතරම් බොරු කිව්වෙමි, මිනිසුන් මුලා කලෙමි ආදී වශයෙනුයි.

නිරතුරුව වැරදි ජීවනොපයන්හි යෙදෙන්නන් තමන්ගේ සිත්තුල නිරතුරුව ඇතිවන අසහනය යටපත් කරගැනීමට බොහෝ විට තෝරා ගන්නේ හැන්දෑවට මත්වතුර බි පියවි ලෝකයෙන් මායා ලෝකයකට මාරුවීමයි. නමුත් මේ කිසිවකින් හෝ ඔහු පසුපස එන කර්ම විපාකයන්ගෙන් බේරීමට නම් නොහැකියි.

පවට ආයෝජනය කර උපයනා ලාභයෙන් ලෝකයට පෙනෙන්නට පින් කිරීමෙන් සමාජ බලයක් ලබාගෙන තම කළු චරිතයට  සුදු හුණු තවරා නුගත් අමන ජනයාට පෙන්වීමට හැකියි. නමුත් බුද්ධිමතුන් සියල්ල විනිවිද නිරුවත් සත්‍යම දැකිය යුතුයි. කර්මය ඉදිරියේ භව ගමන තුල වැරදි ජීවනෝපායේ යෙදෙන්නන් කොහොමත් අසරණයි. සමාජයද සාම්ප්‍රදායික වැඩවසම් හෝ යටත් විජිත නෂ්ටාවශේෂ මත බිහි වුන වෘතික බෝර්ඩ් ලෑලි ලෙස නොව ඔවුන්ගේ සැබෑ හැසිරීම දෙස බලා ඔහු මහත්මයකුද නිර්ලජ්ජි පාපතරයකුද යන්න නිගමනය කර සුදුසු පරිදි ඔවුනට සැලකීමට දැන්වත් වගබලා ගත යුතුයි.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk