CHOGM ගැන රටේ හරක්ට තේරෙන සිංහලෙන්

30 October, 2013

එදා එකිනෙකා එක්ක කාකොටා ගනිමින් අලසව හිටපු අපේ මුතුන් මිත්තන්ට යුරෝපෙන් ආපු මංකොල්ල කාරයෝ ටිකක් ගහල යටත් කරගෙන ඔවුන්ගේ වහල්ලු විදියට කාලයක් තබාගෙන ඉන්නවා. එදා සුද්දොත් එක්ක කෙලින් හැප්පුන අතලොස්සට රටේ බහුතර රදල පැලැන්තියේ සහය ලැබෙන්නේ නැහැ. දිගින් දිගටම වහල් වැඩ අරගන්න අතර අපේ මුතුන් මිත්තන් ගේ වහල් බාවය යුරෝපයෙන් ආපු යටත් විජිත ස්වාමින් අතර හුවමාරු වෙනවා. අන්තිමට ඔවුන්ව යටත් කර ගන්නේ බ්‍රිතාන්‍යයි.

මේ අතර කාලයක් යනවිට මොවුන් යුරෝපයේ දීම මොවුන් එකිනෙක කා කොටාගන්න පටන් ගන්නවා. තමන්ගේ මහ ගෙදරට තර්ජන සහ ආක්‍රමණ දරාගන්න බැරි වෙනකොට බ්‍රිතාන්‍ය සුද්දට වැඩියෙන්ම සුවච කීකරුව හිටපු සීයල ටික තෝරාගෙන එවුන්ගේ නහය විදලා පිටේ CHOGM පච්චෙ කොටලා මේ රට අත ඇරල දානවා.

මේ රට අද දක්වා පාලනය කරපු දේශපාලක සහ නිලධාරි පැලැන්තියේ බහුතරය මේ මානසික වහල්ලුන්ගෙන් පැවතුනේ. මෙහෙ බලය ලබාගෙන තියෙන සමහරක්ට පැවැත්මක් තියෙන්නේ උන් හදල ගිය ක්‍රමය ඇතුලේ තමයි කියල ඔවුන් හොදටම දන්නවා. දැන් අපේ පරම්පරාවේ සම හරක් අර මදාවිගේ වහල්ලු වෙලා හිටිය එවුන් ගෙන් තාමත් තෝන් ලනුව ගලවගන්න බැරි උන පරම්පරාවල නිවටයෝ ටිකකුත් එකතු කරන් පැරණි ස්වාමියාගේ වංශේ දැන් ඉන්න එවුන් ලග දනින් වැටිලා පින්සෙන්ඩු වෙලා කොහොම හරි ගෙන්නගෙන, තෝරන් ගහල ප්‍රශස්ති කියල, බාල් නටල උන්ගේ යටත්විජිත ස්වාමිත්වයත් අපේ යටත් වැසි බලු ගැති බාවයත් සමරලා සාජ්ජ දානවා.  

මේ අතර හිතන්න මොලයක් නැති රටේ ඉන්න බහුතරයක් බූරුවෝ සහ කොටලුවො අනේ මෙතරම් නම් අභිමානයක් අපිට තවත් කොයින්දැයි කියමින් සාදු කාර දෙමෙන් පෙරහැර කරනවා, කවි මඩු පවත්වනවා, සහ ඇතැම් හාමුදුරුවරු උන්ට පින් අනුමෝදනා කරමින් බෝධි පූජාත් කරනවා.... 

කාන්තාවක් වෙලත් 1976 දි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙරට නොබැදි සමුළුවව පවත්වල එහි සභාපති තනතුර ලබාගෙන රටට විශාල ගව්රවයක් ලබාදුන්නා. නමුත් එංගලන්තේ මහා රැජින යාවජිව නායකත්වය දරන ස්වාමි-වහල් මොඩලයකින් පවත්වාගෙන යන CHOGM එකෙන් අපිට ලැබෙන අලයක් නැත. සුද්ද තම අධ්‍යාපන, භාෂා සහ දේශපාලනික ආධිපත්‍ය රටවැසියන්ට තහවරු කර මෙරට සිටින ඔවුන්ගේ අතවැසි පැලැන්තියේ බලය තහවරු කිරීම හැර ජාතික ධනය විනාශකරමින් වහල් කම අභිමානයක් යයි ජනතාව ගොනාට අන්දමින් මේ කරන ජෝගි නැටුමෙන් රටට ඇති පලයක් නැහැ.

අපව කාලයක් යටත් කරගෙන සිටියී යයි අපි දිගින් දිගටම සුද්දාට වෛර කරන්නේ නැහැ. නමුත් වහල් කම සමරන සමුළු මේ බිමේ පවත්වන අමනයන් ගැන නම් ඇත්තේ පිළිකුලක් බව කියන්න මැලි වෙන්නෙත් නැහැ.

අපේ රටේ නිවට අමනයන් ලවාම අපේ වහල්කම අභිමානයක් ලෙස කියවගන්න සමත් වූ සුද්දන් කෙතරම් බුද්ධිමත් ද? එදත් අපේ ජාතිය සුද්දට යටත් වුනේ මොලේ නැති නෝන්ජලයන් නිසා නොවේද? අද කියල වෙනසක් තියෙනවද? අපේ මුතුන් මිත්තන් එදා සුද්දට යටත් නොවුනානම් අපිට මේ තුන් තිස් පැය පුරා ජනමාධ්‍ය වලින් කියන අලජ්ජි "අභිමානය" කොයින්ද? මේක එච්චරම අභිමානයක් නම් ආපහු මේ රට පාලනය කරන්න කියල තවත් වහල් ගිවිසුමක් ගහල උන්ටම පාලනය බාරගන්න කියමුද?

සම්භන්දිත ලිපි:
- සුද්දෝ ආවේ රට කරන්න

Bookmark and Share Related Posts with Thumbnails
 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk