පොදු රාජ්‍ය මණ්ඩලය අපිට අභිමානයක්ද? (FAQ)

23 October, 2013

Q: පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් යනු?
A: අතීතයේ බ්‍රිතාන්‍යට යටත්ව පැවතී රටවල් අතරින් තම යටත් විජිත ගැති බාවය දිගටම ප්‍රසිද්දියේ පෙන්වීමට කැමති රටවල් එකතු කරගෙන බ්‍රිතාන්‍ය විසින් පිහිටුවාගනු ලැබූ සංගමයකි.

Q: පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයා කවුද?
A: නිල බලයෙන් බ්‍රිතාන්‍ය රැජින/රජු ට යාවජිව නායකත්වය හිමියි.

Q: පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර බෙදීමක් පවතීද?
A: ඔවු එය ස්වාමි-යටවැසි මොඩලයට ව්‍යවස්ත්තාපිතව බිහිකළ මණ්ඩලයකි.  බ්‍රිතාන්‍ය එහි යාවජිව නායකයා වන අතර අනෙක් රටවල් හුදෙක් සාමාජිකයන් පමණි. මෙයිනුත් බ්‍රිතාන්‍ය සුදු ජාතිකයන් බහුතරයක් පවතින ලෙස ජනපද පිහිටුවා ගත් ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල් කිහිපයක් මෙම සංවිධානයේ වරප්‍රසාද ලත් ස්වාමි පන්තියක් ලෙසත් සෙසු අප්‍රිකානු සහ ආසියානු කොලනි පැරණි යටහත් භූමිකාවත් රග දැක්විය යුතුය. ස්වාමි භූමිකාවෙහි යෙදෙන රටවල් අතලොස්ස නිරන්තරයෙන් අනෙක් රටවලට නොයෙක් හේතු දක්වමින් තර්ජන සහ අඩන්තේට්ටම් කිරීම සිදු කරයි.

Q:බ්‍රිතාන්‍යට යටත්ව සිටි සියලු රටවල් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත්තේද?
A: කලකට බ්‍රිතාන්යන්ට යටත්ව තිබුනද ආර්ථික, දේශපාලනික සහ වෙනත් අභිමානයන් තිබු ජාතින් මෙයට එක් නොවුනි. එමරටවල් කිහිපයක් නම් කුවේටය, බහරේන්, කටාර්, මියන්මාරය සහ මීට දශකයකට පමණ පෙර නැවත චීනයට පවරාගත් හොංකොං රාජ්‍ය ද කිසිදා පොදුරාජ්‍ය මණ්ඩලය එක් නොවුනි.

Q: සාමාජිකත්වය ලබාගත් රටවලට මෙයින් රටවලට ඉවත්විය හැකිද?
A: අදාළ රටවල පාලකයන්ට දේශපාලනික තීන්දුවක් ගෙන පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්විය හැකයි.

Q: එසේ පසුව ඉවත්වූ රටවල් මොනවාද?
A: සිම්බාබ්වේ, ගැම්බියාව.

Q: පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සැබෑ අරමුණ කුමක්ද?
A: මහා රැජින ප්‍රමුඛ බ්‍රිතාන්‍ය දේශපාලනික නායකත්වයට තම යටත්විජිත ස්වාමිගේ පැරණි අභිමානය සැමරීමටත් යටත් වැසි රාජ්‍යන්ට එම අතීතය නැවත මතක් කර දීමත් සිදු කරන සංකේතාත්මක ප්‍රිය සම්භාෂණයකි.

Q: පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වයෙන් අපිට කිසිදු වාසියක් නැද්ද?
A:මුල්කාලයේ නම් අපේ රටවලින් උරාගත් සාරයෙන් කොටසක් යම් ආධාර වශයෙන් ලබාදුන්නා. යුරෝපයේ ණය අර්බුදය සහ නිම නොවන බටහිර ආර්ථික අවපාතය තුල මෙම ආධාර ප්‍රදර්සනාත්මක සොච්චම් දේ පමණි. ශ්‍රී ලංකාවටනය ආධාර අද වැඩිපුර ලැබෙන්නේ ආසියාවේ දෙපටින් නැගී සිටින චීනය සහ ජපානය වැනි රටවලිනි.

Q: පොදු රාජ්‍ය මණ්ඩලය පවත්වා ගැනීම තුල බ්‍රිතාන්‍යට ඇති වාසිය කුමක්ද?
A: බහුජාතික සමාගම් (දුම්කොළ සමාගම, Uniliver ආයතනය, පිටිකිරි සමාගම්, ඖෂධ සමාගම් ආදිය මගිනුත්) හරහා තම ආර්ථක ආධිපත්‍ය දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය වහල් මානසිකත්වය පැරණි කොල්නිවල ජනතාව තුල දිගටම පවත්වා ගැනීමටත් විශේෂයෙන්ම අධ්‍යාපන සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය විකිණීම හරහා මෙම වහල් මානසිකත්වයක් ඇති රට වලින් දිගින් දිගටම තම රටට මුදල් අද්දවා ගැනීමටත්  බ්‍රිතාන්යට හැකිවී ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලය හරහා තම වෙළද සහ අධ්‍යාපන ආධිපත්‍ය දෙවැනි පන්තියේ සාමාජික රටවල් වලට බලෙන් පටවා ඇති බැවිනි. බ්‍රිතාන්‍ය උපාධි සහ වෙනත් පුද්ගලික පාටමාල සදහා ලාංකික ශිෂ්‍යන් ගොදුරු කර ගැනීම තුල (ඒවාට විකල්ප පාටමාල රට තුල තරගකාරිව ගොඩ නැගීම වැළකීමේ කොන්තරාත්තුව ජ.වී.පෙ ප්‍රමුක කුනුවූ මාක්ස් වාදීන් ලබා ගෙන ඇත.) මෙරටින් පිටරට යවන්නේ අහින්සක දෙමවුපියන් මැද පෙරදිග ලේ කදුළු වගුරා රටට ගෙනෙන විදේශ විනිමයයි.

Q: පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළු පවත්වන්නේ කවර රටවලද?
A: බොහෝ විට එය පවත්වන්නේ වරප්‍රසාද ලත් සුදු බහුතරයක් වෙසෙන බ්‍රිතාන්‍ය, කැනඩාව, ඔස්ට්‍රලියාව වැනි රටවලයි. අනිත් යටත් විජිත් වූ රටවල් (විශේෂයෙන්ම මෑත භාගයේදී) මෙය පැවැත්වීම බාරගන්නට එතරම් උනන්දු වන්නේ නැත. නමුත් ආර්ථිකව සහ දේශපාලනිකව අසරණ රාජ්‍යන් ආර්ථිකහෝ වෙනත් පීඩනයන් හේතුවෙන් මෙය පැවැත්වීමට ඇතැම්විට ඉදිරිපත් වේ.

Q: ලංකාවේ සමුළුවට නොඑන බවට ඇතැම් රටවල් නිතර තර්ජනය කරන්නේ ඇයි?
A: පිනාගේ ගෙදර මගුලක් කියූ පලියට කෝරලේ මහතා එයට පැමිණෙන්නේ නැත. වරින් වර පිනා ගොස් පින්සෙන්ඩු විය යුතුය.

Q: පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව පැවැත්වීම අපිට අභිමානයක්ද?
A: :-)

මූලාශ්‍ර:
- http://en.wikipedia.org/wiki/Commonwealth_of_Nations

සම්භන්දිත ලිපි:
- සුද්දෝ ආවේ රට කරන්න

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk