CHOGM හමුවේ රග දැක්වෙන බ්‍රිතාන්‍ය-ඉන්දීය-ශ්‍රී ලංකා වඩිග පටුන

09 November, 2013

CHOGM යනු බ්‍රිතාන්‍ය තම පැරණි යටත් විජිත වහලුන් එකට එකතු කර ලෝකෙට පෙන්වන ඔවුන්ගේ සැමරුමයි. මෙයට අබමල් රේණුවක හෝ අභිමානයක් ඇති රටක් හෝ නායකයකු කැමැත්තෙන් යන්නේ නැත. ආර්ථිකව අන්ත අසරණව සිටින අප්‍රිකානු සහ ආසියානු රටවල් මෙයට නොගිහින් බැරි කමට යන්නේ බ්‍රිතාන්‍යන් විසින් තම රටවල සමාජය තුල ඇතිකළ විකුර්තින්ගෙන් ගොඩ ඒමට නොහැකිව ඔවුන් මතම තවමත් රදාපවතින බැවින් යන්තම් හෝ තම පැරණි හාම්පුතාව ශේප් කර තබා ගැනීමටයි. නමුත් ආර්ථික අර්බුධ හමුවේ හෙම්බත් වී සිටින බ්‍රිතාන්‍යට දැන් නම් පැරණි යටත් විජිත රටවලට දිය හැකි ලැබූ ඇටයක් ද නැත. එබැවින් දැන් දැන් පැරණි වහල් රටවල් බොහොමයක් බලන්නේ CHOGM වහල් සමුළුව මග හැරිමටයි.
While Ireland had not actively participated in the Commonwealth since the early 1930s and was content to leave, other dominions wished to become republics without cutting their ties with Britain. The issue came to a head in April 1949 at a Commonwealth prime ministers' meeting in London. Under the London Declaration, India agreed that, when it became a republic in January 1950, it would accept the British Sovereign as a "symbol of the free association of its independent member nations and as such the Head of the Commonwealth". Upon hearing this, King George VI told the Indian politician Krishna Menon: "So, I've become 'as such'". The other Commonwealth countries recognised India's continuing membership of the association. At Pakistan's insistence, India was not regarded as an exceptional case and it was assumed that other states would be accorded the same treatment as India.
Ref: http://en.wikipedia.org/wiki/Commonwealth_of_Nations#Republics

විශාල රටක් වූ ඉන්දියාවට CHOGM හි සුවිශේෂී පිළිගැනීමක් ලබාදිය යුතු බවට මුල සිටම ඉන්දියාවෙන් බ්‍රිතාන්‍යට බලපෑම් තිබිණි. නමුත් තවත් එක පැරණි යටත් විජිතයක් වූ ඉන්දියාවටත් CHOGM හි දී කාටත් බෙදන එකම හැන්දෙන් බෙදනු ලැබිණි. අද වන විට ඉන්දියාව සීග්‍ර ආර්ථික වර්ධනයක් ලබාගනිමින් සිටින නව ලෝක බලවතුන් ලෙස නැගෙන BRIC සන්දානයේ එක පතාක කුලුනකි. තව දුරටත් මෙම වහල් මලදාන ගානේ බඩ ගෑමට ඉන්දීය බමුණන්ගේ ද කැමැත්තක් දැන් දැන් නැත.

අඩන්න ඉන්න එකාට ඇගිල්ලේ අනින්නැහේ  දකුණු ඉන්දීය දේශපාලන බයිස්කෝප් කඩමාලු මතුකළ සිංහල විරෝදය හමුවේ නවදිල්ලියේ බමුණන්ට පොටක් පෑදුනි. දැන් මන් මොහාන් සිං කොලබ පවත්වන බ්‍රිතාන්‍ය වහල් සැමරුමට නොඑන්නේ ලංකාවේ රජයට විරෝධය පාන ලෙස දකුණු ඉන්දියානු දේශපාලකයන් කරන බලපෑමටයි කියා එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකුම මරා ගැනිමට හැකිව ඇත.

අනිත් අතට මෙහිදී බ්‍රිතානයේ හැසිරීමද පරිස්සමින් තේරුම් ගත යුතුයි. මුල සිටම කොලබ සමුළුව වර්ජනය කරන්නේ වැනි හඩක් බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය හරහා මතු කෙරනි. නමුත් තමන්ගේ සවුදිය පුරන මංගල්ලයට බ්‍රිතාන්‍ය කිසිවිටෙකත් නොගිහින් සිටින බව මොලේ කළදක් හෝ ඇති අයකුට වැටහිය යුතුය, බොරු සත්තම් දැමීම කරනුයේ තම බල පුලුවන්කාරකම් පෑමට බව පැහැදිලි දෙයකි. අනිත් අතට කැනඩාව, ඔස්ට්‍රලියාව වැනි සුදු හම ඇති තමන්ගේ ලේ නෑයන් සිටින රටවල් ලංකාවට පීඩනය කිරීමට යයි සැමරුම වර්ජනය කරන විට බ්‍රිතාන්‍ය එයට නිහඩවම සහය දී, ඉන්දියාව කෙසේ හෝ මෙයට ගෙන්න ගැනීමට වලිකන්නේ තම පැරණි වහලුන්ව ලෝකෙට පෙන්වන මංගල්ලයේ ඉන්දියාව නැති වුවහොත් එය තමන්ට මදි කමක් යයි බ්‍රිතාන්‍ය සිතන නිසා බව අපි තේරුම් ගත යුතුයි. ඉන්දියාව අවසන් මොහොතේ හෝ මෙයට එක කරවා ගැනීමට බ්‍රිතාන්‍ය උපරිම දේශපාලනික පීඩනය යොදනු ඇත.

මූලාශ්‍ර:
- ඉන්දීය අගමැති ආයුතු බව බ්‍රිතාන්‍ය කියයි - ඔහු නොඑනු ඇතැයි ඉන්දීය මාධ්‍ය කියයි
- http://en.wikipedia.org/wiki/Commonwealth_of_Nations#Republics

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk