බුද්ධිමතා සහ කපටියා නිවැරදිව හදුනා ගනිමු

02 November, 2014

බුද්ධිමතා: තමන්ගේ ම දර්ශනයක්/චින්තනයක් ඇත.
කපටියා: අවස්තාවාදයම තම පැවැත්ම කර ගනී. (වැල යන යන අතට මැස්ස ගසයි)

බුද්ධිමතා: ප්‍රශ්න සහ ගැටළු විසදයි.
කපටියා: ප්‍රශ්න සහ ගැටළු සුක්ෂමව වවාගෙන කයි.

බුද්ධිමතා: සමාජය පොදු සාධක හරහා එකතු කරයි.
කපටියා: සමාජය නොයෙක් දෘෂ්ටිවාද වලින් බෙදයි.

බුද්ධිමතා: අව්‍යාජව කියන දේ කරයි. (සත්‍යවාදී වේ)
කපටියා: ව්‍යාජව එකක් කියා තවෙකක් කරයි. (අලජ්ජිව බොරු කියයි)

Read more...

පරණ/අලුත් අවුරුද්ද ගැන මට හිතෙන හැටි

11 April, 2014

ජනවාරි මාසයේ අවුරුදු සැමරූ ශ්‍රී ලාංකිකයෝ අප්‍රේල් මාසේ ආයෙත් අවුරුදු සමරනවා. එකක් කියන්න ඕන අවුරුද්දට දෙපාරක් එකම විදියට අවුරුදු සමරනවනම් ඒක ගොන් පාර්ට් එකක් වෙන්න ඕන. ඒක නිසා තමයි අපි වෙනස දැනගෙන ඒ ඒ අවුරුදු අවස්ථානුකූලව සමරන්න ඕන. 

ව්‍යාපාරික සහ වුර්තිය ජීවිතයේ අපි වසරක් ලෙස පටන් ගන්නේ ජනවාරි 01. විශ්ව ගම්මානයක බැදිලා ඉන්න අපිට ඒ යතාර්ථයෙන් පලා යන්න බැහ. එහෙම සැලකුවම ව්‍යාපාරික සහ වුර්තිය අර්ථයක් (මට) අප්‍රෙල් වල එන අවුරුද්දේදී නැහැ. (පාරිභෝගික භාණ්ඩ අලෙවියේ යෙදෙන ව්‍යාපාරිකයන්ටනම් ව්‍යාපාර සරු වීම කියන අර්ථයෙන් අප්‍රේල් අවුරුද්ද වැදගත් වෙන්න පුළුවන්. නමුත් ව්‍යාපාරික කටයුතු සලසුන් කිරීමේදී ඔවුන් පවා අවුරුද්දක් ලෙස ගන්නේ ලෝකයේ බහුතරය අතර භාවිතාවන ජනවාරි-දෙසැම්බර් වසර.)

Read more...

අම්බරුවන්ගේ දේශයෙන් ඔබ්බට.......

24 March, 2014

අපේ රටේ තරම් බුද්ධිමත් කියාගන්න අම්බරුවෝ බහුතරයක් ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැහැ. උදේට ලෝකෙට පරකාසෙට ලොකු ජාතික පාසල්වලට යන ශිෂ්‍යා ආයෙත් ඉස්කෝලේ ඇරිච්ච ගමන් ටියුෂන්  පන්තියට යනවා ඉගෙන ගන්න කියල. ලාංකිකයන්ගේ ලමා කාලය ගෙවෙන්නේ උදේ ටයි හවසටයි දෙපාරක් එකම දෙය කරන්න. එකම දේ දෙපාරක් කරන්න පොඩිකාලේ උගන්වන්නේ මේ ව්‍යාජය මත පදනම් වුන අධ්‍යාපනය නෙමෙයිද? ලෝකේ අනිත් රටවලත් හැම දේම දෙපාරක් උගන්වනවාද? විසුලුම වැඩේ කියන්නේ සමහර විට පාසලේ විෂය උගන්වන ගුරුවරයම හවසට තමන්ගේ ටියුෂන් පන්තියට තමන්ගේ පන්තියේම ළමයි ගෙන්වා ගැනීම.

Read more...

Political Bipolar Disorder of JVP

06 February, 2014

ජනතා විමුක්ති පෙරමුණ තම ආරම්බයේ පටන්ම Bipolar disorder තත්වයෙන් පිඩා විදින දේශපාන පක්ෂයක්. ඕක ආරම්භ කලේම රහසිගතව දේශපාලනය කරලා රුසියාවේ, චීනේ වගේ රටවල කළා වගේ සන්නන්ද විප්ලකින් මේ රටේ බලය අල්ලන්න පුළුවන් කියල විජේවීර ට හිතුන නිසා. ඔවුන් හිතන්නේ බහුතර ජනතාව මෝඩයන් බැවින් ප්‍රජාතන්ත්‍රවාදිව කොමිනිස්ට් වාදී ක්‍රමයකට බහුතර කැමැත්ත ගන්න බැරි බව. (කොහොමත් කොමිනිස්ට් වාදය යම් පමණකට හරි තියෙන රටවල පසුව හෝ ප්‍රජාතන්ත්‍රවාදිව චන්ද තියල ජනමතය විමසන පුරුද්දක් නැහැ.) 71 සහ 88 ඔවුන් ඔය සන්නද්ද කැරැල්ල තමයි උත්සහ කලේ.

Read more...
 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk