Political Bipolar Disorder of JVP

06 February, 2014

ජනතා විමුක්ති පෙරමුණ තම ආරම්බයේ පටන්ම Bipolar disorder තත්වයෙන් පිඩා විදින දේශපාන පක්ෂයක්. ඕක ආරම්භ කලේම රහසිගතව දේශපාලනය කරලා රුසියාවේ, චීනේ වගේ රටවල කළා වගේ සන්නන්ද විප්ලකින් මේ රටේ බලය අල්ලන්න පුළුවන් කියල විජේවීර ට හිතුන නිසා. ඔවුන් හිතන්නේ බහුතර ජනතාව මෝඩයන් බැවින් ප්‍රජාතන්ත්‍රවාදිව කොමිනිස්ට් වාදී ක්‍රමයකට බහුතර කැමැත්ත ගන්න බැරි බව. (කොහොමත් කොමිනිස්ට් වාදය යම් පමණකට හරි තියෙන රටවල පසුව හෝ ප්‍රජාතන්ත්‍රවාදිව චන්ද තියල ජනමතය විමසන පුරුද්දක් නැහැ.) 71 සහ 88 ඔවුන් ඔය සන්නද්ද කැරැල්ල තමයි උත්සහ කලේ.

ඔය කැරලි දෙකම තරුණයන්ට ගෙනාවේ විනාශය සහ මරණය තමයි. මොකද මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත කවදාවත් කොමිනිස්ට් ක්‍රමයට ලැබුනේ නැහැ. බෞධයන් බහුතරයක් සිටින රටකට බටහිරයන්ට මෙන් එක අන්තවාදයකට විසදුමක් ලෙස අනික් අන්තවාදය අලෙවිකරණය ප්‍රයෝගිකව පහසු නැහැ. ඔය අතර තුර සංක්‍රාන්ති සමයන් වල ජවිපෙ තමන්ගේ සන්නද්ද පැවැත්ම සගවා ගෙන වර්ධනය කරගැනීමට කල් මරන්න තමයි ප්‍රසිද්ද දේශපාලනයේ යෙදෙන්නේ. ඒක එතරම් හැගීමකින් කරන දෙයක් නොවන බව විමසිල්ලෙන් බලන කෙනෙක්ට තේරෙන දෙයක්.

ජවිපෙට එකතුවෙන හැමෝම සන්නද්ද ත්‍රස්තවාදයට කැමති අය නෙමෙයි. ඔවුන් අර මතු පිටට පෙන්නන ප්‍රජාතන්ත්‍රවාදී ජවිප දේශපාලනයට රැවටෙන අය. බලය ඇති තැන ජවිපෙ හැසිරෙන්නේ කොහොමද කියල බලාගන්න නම් ඔවුන්ට බලය ඇති රාජ්‍ය විශ්ව විද්‍යාලයක් තුල ඔවුන් හැසිරෙන ෆැසිස්ට්වාදී ස්වරූපය විශ්ලේෂණය කරන්න ඕන.

සමහර ආවේගශීලි තරුණයන් ජවිපේ ඇතුලේ කරන සන්නද්ද දේශපාලනයට මුලින් ආකර්ෂණය උනත් පස්සේ ජීවිත අත්දැකීම් එක්ක යතාර්ථය තේරුම් අරගෙන ප්‍රජතන්ත්‍රවාදී සංකල්ප වලට මාර්ගයට මාරු වෙනවා. ඔය දෙගොල්ල අතර ජවිපෙ තුල අනවරත අභ්‍යන්තර ගැටුමක් තියෙනවා. එක පිරිසක් බලවත් උනාම අනික් පිරිසෙන් කොටසක් බැගින් වරින් වර කැඩිලා යනවා.

විමල් වීරවංස වගේ පොදු ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කරන්න පුළුවන් චරිතවලට සන්නද්ද විප්ලව ගැන ලොකු අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. ඒ නිසා ඔවුන්ට එලියට යන්න වෙන තැනට වැඩ අභ්‍යන්තරිකව සිද්ද උන. ඔය පෙරටුගාමියෝ කියල කොටසක් කැඩිලා ගියේ සන්නද්ද අරගලය පමා වෙනවා කියල උහුලා ගන්න බැරි කොටසක්.

ජවිපෙ නායකත්වය අනුර කුමාරට ලැබුන කියන්නේ සන්නද්ද කොටස යම් පමණකට යලි බලවත් උනා කියන එක. අනුර කුමාර කියන්නේ රහසින් සන්නද්ද අරගලයට වැඩි කැමැත්තක් තියෙන ගුප්ත චරිතයක් බව ඔහුගේ අතීත හැසිරීම් විශ්ලේෂණය කරනකොට බොහොම පැහැදිලියි. සන්නන්ද විප්ලවයක් බැරිම නම් වෙනත් ඕනෑම කුමන්ත්‍රණයක් වෙනුවෙන් ප්‍රතිගාමී පක්ෂයක් හෝ විජාතික බලවේගයක් සමග සහවාසයේ යෙදෙන එක දැඩි අවස්තාවාදියකු වන අනුර කුමාර දිසානායක වගේ චරිතයකට සුළු දෙයක්.


මේ රටට ජාතිකවාදී සහ මානුෂිකවාදී විපක්ෂ කොටස්වල නායකත්වයක් අද වඩාත් තදින් දැනෙන්න පටන් අරගන්නේ ජවිපෙ තුල සිදුවන මෙම වෙනස් කමුත් නිසා. දුර්වල විපක්ෂ දේශපාලනික ක්රියාකාරකම් සහ පාලකයාගේ උද්දච්ච හැසිරීම් තුල අපේක්ෂාභන්ගත්ව යට පත්වෙන මේ රටේ තරුණයන් කොටසක් ජවිපෙ විසින් නැවතත් දන්ගෙඩියට ගෙනයන්න ඉඩ තියෙනවා. නුදුරු අනගතය තුල ජවිප යේ හැසිරීම ගැන සංවේදී කවුරුත් විමසිල්ලෙන් සිටිය යුතුයි. ජවිපයට තියෙන්නේ මොනවගේ අනාගතයක්ද කියල ඇහුවොත් දෙන්න තියෙන පිළිතුර, අනාගතයක් ගැන හිතන්න නම් මුලින් Political Bipolar Disorder තත්වයෙන් මිදීල මිනිසුන් බුද්ධිමත් කියල විශ්වාශ කරන්න කියල, නැතිනම් ඔබව විශ්වාශ කරන තරුණයන්ට නැවත වරක් විනාශයම ගෙන එවි.

Ref::
http://en.wikipedia.org/wiki/Bipolar_disorder

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk