පරණ/අලුත් අවුරුද්ද ගැන මට හිතෙන හැටි

11 April, 2014

ජනවාරි මාසයේ අවුරුදු සැමරූ ශ්‍රී ලාංකිකයෝ අප්‍රේල් මාසේ ආයෙත් අවුරුදු සමරනවා. එකක් කියන්න ඕන අවුරුද්දට දෙපාරක් එකම විදියට අවුරුදු සමරනවනම් ඒක ගොන් පාර්ට් එකක් වෙන්න ඕන. ඒක නිසා තමයි අපි වෙනස දැනගෙන ඒ ඒ අවුරුදු අවස්ථානුකූලව සමරන්න ඕන. 

ව්‍යාපාරික සහ වුර්තිය ජීවිතයේ අපි වසරක් ලෙස පටන් ගන්නේ ජනවාරි 01. විශ්ව ගම්මානයක බැදිලා ඉන්න අපිට ඒ යතාර්ථයෙන් පලා යන්න බැහ. එහෙම සැලකුවම ව්‍යාපාරික සහ වුර්තිය අර්ථයක් (මට) අප්‍රෙල් වල එන අවුරුද්දේදී නැහැ. (පාරිභෝගික භාණ්ඩ අලෙවියේ යෙදෙන ව්‍යාපාරිකයන්ටනම් ව්‍යාපාර සරු වීම කියන අර්ථයෙන් අප්‍රේල් අවුරුද්ද වැදගත් වෙන්න පුළුවන්. නමුත් ව්‍යාපාරික කටයුතු සලසුන් කිරීමේදී ඔවුන් පවා අවුරුද්දක් ලෙස ගන්නේ ලෝකයේ බහුතරය අතර භාවිතාවන ජනවාරි-දෙසැම්බර් වසර.)

අප්‍රේල් වල එන අවුරුද්ද යොදා ගන්නේ කොහොමද කියල බැලුවොත් පැහැදිලිවම එක හින්දු ජෝතිශ්යෙන් බව අවිවාදිතයි. අනාත්ම දර්ශනය පිළිගන්න මම ජෝතිෂ්‍ය පිලි නොගන්න නිසා මට මේකේ මූල හේතුව ගැන උනන්දුවක් නැහැ. එහෙම උන පලියට මේක අවුරුද්දක මුලක් විදියට පිලි නොගන්න හේතුවක් කර ගන්නත් ඉක්මන් වෙන්නේ නැහැ. ජනවාරි 1 වසරක මුල ලෙස ගැනීම ගැනත් කියන්න තියෙන්නේ බහුතරය හේතුව ගැන නොව දිනය ගැන එකග නම් එය කවද උනත් කමක් නැති බවයි. අපේ මහ පොලව ඉර වටා ඉලිප්සාකාර ගමනක යෙදෙන්නේ. මැවුම්වාදය පිළිනොගන්නා නිසා මේ ගමන කොතනින් අරබේනවද සහ අවසන් වෙනවද කියන එක ගැන මට වද වීමක් නැහැ. ඉලිප්සයේ කොතන මුල කියල ගත්තත් කමක් නැහැ. වැදගත් වෙන්නේ වටයක් කැරකිලා ආපහු අලුත් වටයක් පටන් ගන්නවා කියල තේරුම් ගන්න එකයි. එහෙම නැතිනම් අපිට ඍතු විපර්යාස, දේශගුණ වෙනස්කම් වලට සංවේදී වෙන්න බැරි වෙනවා. ආයෙත් ඉතින් කියන්න තියෙන්නේ ඕකටනම් දෙපාරකට අවුරුදු දෙකක් අවශ්‍ය නැහැ. එකක් ඇති.

දැන් ඉතින් ඉතුරුවෙන හේතුව තමයි කාලයක් තිස්සේ (නුවර යුගයේ හිටපු හින්දු රජවරුන්ගේ උවමනාවට) මේක අපේ සමාජ ගත කර තිබු නිසා සහ ඒ ආශ්‍රිතව යම් සංස්කෘතික ක්‍රියා කාරකම් ගොඩ නැගී ඇති නිසා මේකත් සමරමු කියන එක. ඇත්තටම මට මේ අප්‍රේල් අවුරුද්ද සමරන්න තියෙන එකම හේතුව ඔච්චරයි. එහෙම නැතිව තොරොම්බල් වෙළෙන්දන් ලොකු සද්දයක් දාල අවුරුද්ද අපිට විකුනන්න හදන එකට ඇන්ඳෙන්න ඕන නිසාවත් (එම අර්ථයෙන් නම් මේ වෙළෙන්දෝ වසරකට නව අවුරුදු තුන හතරක් එනවනම් තවත් කැමති වේවි.), අප්‍රේල් අවුරුද්දෙන් ව්‍යාපාරික හෝ වුර්තිය කටයුතුවල නව පරිච්චේදයක් ඇතිවෙන නිසාවත්, මම ජෝතිෂ්‍ය සහ ඒ අනුව ගොඩ නගා ඇති නොනගතය සහ නැකත් කරුණු අනුගමනය කරන නිසාවත් නොවේ. ඕකට වෙන වෙන බොරු විච්චූරණ හේතු එල්ලා හෝ නැකත්/නක්ෂත්‍රය මිනිස්සුන්ව ගොනාට අන්දා හීන් නූලෙන් පවත්වාගන්න හදන හැමදාමත් ජනතාවට අමූලික ඵලාපල කතන්දර කියමින් අපායට යන්න මාර්ගය සකසාගන්න කේන්දර සහ නැකත් කියන්නන්ගේ ගේ චාටු හේතු පාට මට වැදගත් නැත.

අප්‍රෙල් අවුරුද්ද ගැන මම යම් පමණකට උනන්දු හුදෙක් මේ වටා කාලයක් ගොඩ නැගී ඇති යම් සංස්කෘතික හර පද්දති වල යම් වටිනාකමක් දකින නිසා සහ අධි ක්‍රියාශීලි සමාජයක ජීවත්වෙන අපිට අප්‍රේල් අවුරුදු සතියේදී සමාජයක් ලෙස පොදුවේ යම් නිවාඩුවක් දිනා ගන්න සමත්වෙලා තියන නිසා. විශේෂයෙන්ම කර්මාන්තශාලා ආදිය වසා දමන්නේ සහ වුර්තිකයන්ට තමන්ට ලැබිය යුතු වාර්ෂික නිවඩු ආදිය ලබාගන්න ශ්‍රී ලාංකික සේවායෝජකයන් බොහෝවිට ඉඩකඩ ලබාදෙන්න හුරුවෙලා තියෙන්නේ අප්‍රේල් අවුරුදු සමයේ. ඉපදිච්ච දවසේ ඉදල විනාඩියට 72 වතාව බැගින් සෑම අවුරුද්දකම 37 843 200 වාරයක් කම්පනය වෙන හදවතට අප්‍රේල් අවුරුදු නිවාඩු කාලේ වත් විවේකයක් දෙන එක වැදගත්.

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk