බිරීමේ යතාර්ථය..

04 December, 2015

දඩයම් බල්ලාගේ ජන්ම පුරුද්ද සද්දයක් ඇහුන ගමන් බුරන එක...

ගෙදරකට නොදන්නා කෙනෙක් අවොත් අමුතු දෙයක් උනොත් ඒකා බුරනවා.... 


මොනවා උනත් අපේ සමාජයේ මිනිස්සු කාලයක් තිස්සේ ආරක්ෂාවට කියල බල්ලෙක් හැදුව... 


හැබැයි ඉතින් හොරුන්ට බුරන වැඩේ මිසක් ගෙදර ට යමක් ලැබෙන දෙයක් කරගන්න වගකීමක් දෙන්න ඉගි කලොත් බල්ල හැමදාමත් කුලෑටි කමට හැන්ඟෙනවා... 

Read more...

වැඩවසම් වාදයෙන් දිවුනු සිවිල් සමාජයක් කරා....

12 November, 2015

වැඩවසම් චින්තනයක් තියෙන සමාජයක ආණ්ඩුව සහ යටත්වැසියන් අතර තියෙන්නේ ස්වාමි-වහල් සම්බන්දයක්..... ආණ්ඩුවෙන් යැපෙන වහල්ලුන්ට ස්වාමියා විවේචනය කරන්න ආත්ම ශක්තියක් නැහැ...ඒ වෙනුවට අන්ධයකු ලෙස ස්වාමියාගේ ගුණ ගායනය වහලුන්ට උරුමයි...

ශිෂ්ට සමාජයේ ආණ්ඩුවක් සහ පුරවැසියන් අතර තියෙන්න ඕන ගතික සමතුලිතතාවයක් මිසක් චන්දෙදි විතරක් වෙනස් වෙන ස්ථිතික සමතුලිතතාවයක් නෙමෙයි.....පුරවැසියෝ තමන්ගේ ව්‍යාපාර නැත්නම් වෙනත් වුර්තිය කටයුතුවල යෙදෙමින් අනෙකාට හෝ ආණ්ඩුවට (ආණ්ඩුව කියන්නේ බදු ගෙවන පුරවැසියන්ගෙන් යැපෙන සුභසාධන යාන්ත්‍රණයක්) බරක් නොවී හැකි තරම් ස්වාධීනව ජීවත් වෙනවා....

Read more...

චේ අවන් හල සහ කොමිනිස්ට් වාදය

කොලබ, කිරුලපන-පාමංකඩ මාර්ගයේ බොහොම සුපිරි අවන් හලක් තියෙනවා "Che By Relish (Cafe Che)" කියල.

චේ ගුවේරා කියන්නේ තමන් 'විශ්වාශ කල' දේශපාලනයක් බිහිකරන්න කියල මිනිස්සු දහස් ගණනින් මරා දමන්න නායකත්වය දුන්න කෙනෙක්. ඒක පැත්තකින් තියමු..... ඔහු ලේ හලමින් කැපවුණේ සුපිරි සමානාත්මතාවය නැත්නම් කොමිනිස්ට්වාදය වෙනුවෙන් කියනවනේ.......

Read more...

ලංකාවේ මිනිස්සු බොන්නේ ඇයි?

16 April, 2015

ශ්‍රී ලංකාව කියන්නේ ඒක පුද්ගල මත් වතුර භාවිතයෙන් ඉහලම තියෙන රටක්.  

මේ ලිපියේ අරමුණ බොන එකෙහි හොද නරක සාකච්චා කිරීම නොවේ... මත් වතුර බිමට හේතු වන පුද්ගල බද්ද සහ සමාජීය කරුණු කිහිපයක් සමාජ විද්‍යාත්මක පදනමකින් සාකච්චා කිරීමයි.

මත් වතුර කියන දෙය විතරක් වෙනම අරගත්තේ හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් වෙනත් කරුණු බොහොමයක් ද ප්‍රමුඛව බලපාන නිසයි. ප්‍රධාන හේතු ඒවායේ බලපෑමේ අනුපිලිවල ලෙස හැගෙන පරිද්දෙන් මෙසේයි.

Read more...

මහින්ද යුගයට ටීකාවක් (2 කොටස)

01 January, 2015

 මහින්ද යුගයට ටීකාවක් (1 කොටස)
cont..
# සටනින් ත්‍රස්තවාදය පැරදවීම #
LTTE ය සටනින් පරාජයත් සමග මහින්දගේ ප්‍රතිරූපය විශාල ලෙස ශක්තිමත් වෙනවා. ත්‍රස්තවාදය පරදවන විටත් මහින්දගේ රජය යන්තම් වැඩි චන්ද දෙක තුනකින් එල්ලිලා තියෙන්නේ. සටන පැවතී අවසන් වසර දෙක තුලම ඔහුගේ ආණ්ඩුවේ අයවැය චන්ද විමසීමේදී පරාජය කරන්න විපක්ෂය සහ එවකට සිටි ජවිපෙ උත්සහ කරත් ඒවා ව්‍යවර්ථ වෙන්නේ එජාපයේ (කරු ජයසුරිය ඇතුළු කොටස්) සහ ජවිපෙ ඇතැම් කොටස් (නන්දන ගුණතිලක/විමල් වීරවංශ)  වල සහයෙන්.

Read more...

මහින්ද යුගයට ටීකාවක් (1 කොටස)


මහින්ද 2005 දී ජනාධිපති පදවියට පත්වන්නේ එම මොහොත වනවිට පවතී දේශපාලනික සහ ජාතික අවශ්‍යතාව සැපිරීමට පැවතී යථාර්තයන් තුල වැඩිම විභවයක් සහිත චරිතයක් ලෙස ඔහු ගොඩ නැගී තිබුන නිසයි.

Read more...
 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk