මහින්ද යුගයට ටීකාවක් (2 කොටස)

01 January, 2015

 මහින්ද යුගයට ටීකාවක් (1 කොටස)
cont..
# සටනින් ත්‍රස්තවාදය පැරදවීම #
LTTE ය සටනින් පරාජයත් සමග මහින්දගේ ප්‍රතිරූපය විශාල ලෙස ශක්තිමත් වෙනවා. ත්‍රස්තවාදය පරදවන විටත් මහින්දගේ රජය යන්තම් වැඩි චන්ද දෙක තුනකින් එල්ලිලා තියෙන්නේ. සටන පැවතී අවසන් වසර දෙක තුලම ඔහුගේ ආණ්ඩුවේ අයවැය චන්ද විමසීමේදී පරාජය කරන්න විපක්ෂය සහ එවකට සිටි ජවිපෙ උත්සහ කරත් ඒවා ව්‍යවර්ථ වෙන්නේ එජාපයේ (කරු ජයසුරිය ඇතුළු කොටස්) සහ ජවිපෙ ඇතැම් කොටස් (නන්දන ගුණතිලක/විමල් වීරවංශ)  වල සහයෙන්.

# පසමිතුරන් එක්වීම #
ත්‍රස්තවාදය සටනින් පැරදවීමත් සමග ඔහුගේ ප්‍රතිරූපය ශක්තිමත් වීමේ පසුබිම තුල ඔහුට එරෙහි උන කොටස් ඔහුට සමීප වෙන්න පෙලබෙනවා. දුමින්ද සිල්වා වගේ දේශපාලනික පාදඩ චරිත එහිදී ප්‍රමුඛ වෙනවා. ඒ අතර තමන්ට සමීප කොටස් අතර සිටි ඇතමුන් වන්දිභට්ටයන්, බම්මන්න ආදී මෙකි නොකී ආකාරවලින් මහින්දව මුරුන්ග අත්තේ තබා පුම්බන්න පටන් ගන්නවා. හදිසියේම නායකයා රජෙක් වෙනවා. ජනාධිපති නිල නිවස රජ මන්දිරය වෙනවා. රාජපක්ෂ පවුල රාජකීය පවුල වෙනවා. වෙනස ඇරෙබෙන්නේ එහෙමයි.

# සරත් ෆොන්සේකාගේ දේශපාලන විගඩම #
මේ අතර බටහිර ගති නිවට ප්‍රතිපත්ති නිසා කුජිතව සිටි වික්‍රමසිංහ තම ආරක්ෂාවට පසෙක සිටි සරත් ෆොන්සේකා කරලියට ගේනවා. ඒ පිටුපස ත්‍රස්තවාදය යොදාගෙන රුකඩ නැටවූ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල තානාපති නිලධාරිනුත් ඉන්නවා. සරත් ෆොන්සේකා දේශපාලනයට ආගන්තුක චරිතයක්. ඔහු හැසිරෙන්නේ දේශපාලකයකු ලෙස නොවෙයි, නොහික්මුණු දාමරිකයකු ලෙසයි. චන්දය ලං වෙත්ම ඔහු එල්ල කරන "සුදුකොඩි චෝදනාව" ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුල දෙවැනි වන්නේ "මිලේනියම් සිටි" බුද්ධි නිලධාරීන් පාවාදීමට පමණයි. විදුලි පුටු සංකල්පය කරලියට ගෙනාවේ මහින්ද නොවෙයි, සරත් ෆොන්සේකායි. රට හමුදා ආඥාදායකත්වයකට යන ලක්ෂණ පහළවීම තුල මහින්ද වඩ වඩාත් දේශපාලනිකව ශක්තිමත් වෙනවා. සරත් ෆොන්සේකාගේ දේශපාලනික ආගමනය සියල්ල කණපිට හැරවූ අවාසනාවන්ත සිද්දියක්. චන්දයෙන් පසුව ඔහු ව සිරගත කල විට ජනතාවගෙන් වැඩි ප්‍රතිරෝදයක් ගොඩනැගෙන්නේ නැත්තේ මැතිවරණ සමයේ ඔහු හැසිරුණ මුග්ධ සහ වියරු ස්වරුපය නිසාමයි.

# මහින්දගේ දෙවැනි පාලනය #
2010 වසරේ ෆොන්සේකා පරදා ඇරබෙන මහින්ද ගේ දෙවැනි පාලනය ඔහුගේ සහ රටේ අවසනාවන්ත යුගයක්. 2010 න පසු අපි දකින්නේ ඊට කලින් සිටි මහින්ද වෙනුවට වෙනස් චරිතයක්. එයට එම පරිසරය හැදු විපක්ෂය සහ විශේෂයෙන් ෆොන්සේකා ගේ හැසිරීමත් යම් හේතුවක් උනා. නමුත් එය නිදහසට කරුණක් නෙමෙයි. දැඩි දේශපාලනික පීඩනය හමුවේ මහින්දගේ සිහිය විකල් උනාද කියලත් හිතෙනවා. නමුත් මහින්දගේ සැබෑ මුග්ධ චරිතය ඔහුගේ දෙවැනි පාලනය තුල මතු වුන බවයි සමස්තයක් විදියට හැගෙන්නේ. දෙවැනි පාලන සමයේ ඔහුගේ හැසිරීම හේතු තුනක එකතුවකින් විග්‍රහ කරන්න පුළුවන්.
(1) ලෝකයේ මිලේච්චතම ත්‍රස්තවාදයට එරෙහි කුරිරු සංග්‍රාමයක් සහ ඒ සමගම ෆොන්සේකා නම් හමුධාපතිවරයා කල දේශපාලන මුග්ධ ක්‍රියාවලිය (යකා නැටීම) හමුවේ මහින්ද මානසිකව දැඩි පුද්ගලයකු වීම හෝ එම පීඩනය තුල ඔහුගේ මානසික විපර්යාසයක් වීම.
(2) යුද ජයග්‍රහණයත් සමග ලැබුන දේශපාලනික ස්ථාවටත්වය හමුවේ ඔහුට ලං වුන අවස්ථාවාදීන් මහින්දව අන්දා ලාභ ප්‍රයෝජන ගැනීම තුල ක්‍රමයෙන් දුෂිත අලජ්ජි පාලනයක් බවට දෙවැනි පාලන කාලය පත් වීම.
(3) මහින්ද තුල සිටි ග්‍රාම්‍ය, හීනමානයෙන් හෙබි වැඩවසම් සැබෑ චරිතය මතු වීම.

සම්භන්දයි....

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk