මහින්ද යුගයට ටීකාවක් (1 කොටස)

01 January, 2015


මහින්ද 2005 දී ජනාධිපති පදවියට පත්වන්නේ එම මොහොත වනවිට පවතී දේශපාලනික සහ ජාතික අවශ්‍යතාව සැපිරීමට පැවතී යථාර්තයන් තුල වැඩිම විභවයක් සහිත චරිතයක් ලෙස ඔහු ගොඩ නැගී තිබුන නිසයි.

1983 J R ජයවර්ධන නම් දේශපාලන කපටි මහල්ලා ගේ වැරදි ක්‍රියා සහ තීන්දු නිසා ගොඩනැගුනු උතුරේ ත්‍රස්තවාදයත් එයට සමගාමිව 88/89 කාලයේ ගොඩ නැගුනු දකුණේ ත්‍රස්තවාදයේත් අරාජිකත්වය ආර් ප්‍රේමදාස නම් හිස් චරිතයට ජනධිපති පදවියට ගොඩ වෙන්නට ඉඩ සැලසු ව. ඒ විදියටම 2005 වන විට චන්ද්‍රිකා නම් රට දශකයකින් කාලකන්නි කල දේශපාලන පඩන්ගුව රට නැවතත් ත්‍රස්තවාදය හමුවේ අරාජිත කරලා අසරණ කරලා තිබුන.

රනිල් වික්‍රමසිංහ ප්‍රමුක එජාපය තමන්ට බලය ලැබුන අතරමැදි කාලයේදී හැසුරුනෙත් දේශපාලනිකව නපුන්සකයන් ලෙසයි. එජාපය තුල 80ව දශකයේ සිට තිබුන දේශපාලනික නිවට කම නිසාමයි ඔවුන්ගේ දෙවනි පෙල නායකත්වයන් වරින් වර බෝම්බ සහ වෙඩි උන්ඩ වලට අහිමි කර ගත්තේත්.

2005 සමයේ දිගින් දිගටම වන යුධමය පරාජයන් හමුවේ ජනතාවට අවශ්‍ය උනේ එයට සටනින් මුහුණ දියහැකි එඩි ඇති දැඩි නායකයෙක්. එයට සුදුසුකම් මහින්ද සපුරාල තිබුන. විශේෂයෙන් ප්‍රේමදාස පාලනයට විරුද්දව ඔහුගේ නායකත්වයෙන් කල පාද යාත්‍රාව වැනි අරගල ඔහුව පොදු ජන විඥ්ඥානය තුල වීරත්වයට ඔසවල තිබුන. නමුත් චන්ද්‍රිකාගේ පාලන සමය පුරාවටම, සටනින් ත්‍රස්තවාදය පැරදවිය යුතුයි කියන මතයේ මහින්ද ඍජුව පෙනී සිටියේ නැහැ. නමුත් ඔහු නිවට ෆෙඩරල් වාදියෙක් උනෙත් නැහැ. ඒ ඔහුගේ කපටිකම මුසු ශුර කම නිසයි.

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය ප්‍රමුක කරගෙන එම අරගලයේ අනවරතව දී සිටියේ චම්පික රණවක යි. නමුත් ඔහු ජාතික හෙළ උරුමයේ සිටි බැවින් සටනට ජාතික වශයෙන් දේශපාලනිකව නායකත්වය දෙන්න ලැබෙන්නේ නැහැ. එම අවස්තාව ලැබෙන්නේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රීලනීප යේ මහින්දටට යි. මෙතැනදී උග්‍ර බටහිර ගැති කාලකන්නි චන්ද්‍රිකාට එරෙහිව මහින්දට අභ්‍යන්තරව කැරැල්ලක් ගහන්න වෙනවා. එයට ශ්‍රීලනීප යේ ජාතිකවාදී කොටස් සහය දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට අගමැති කම දරපු මහින්දට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන්න චන්ද්‍රිකාට සිදු වෙනවා. චන්ද්‍රිකා  සහභාගිවන මැතිවරණ රැස්වීම වලදී පාක්ෂිකයන්ගේ හු හඩ ප්‍රමුඛ විරෝධයන් මැද්දේ චන්ද්‍රිකා දේශපාලනික කුණු කුඩයට වැටී තම දේශපාලනය අවසන් කරනවා. අදටත් පොදු ජනතාව තුල චන්ද්‍රිකා පිළිබද ඇත්තේ ජුගුබ්සාජනක විරෝධය මුසු පිළිකුලක්. එය එලෙසම ඉතිහාසයේ ලියවේවි.

2005 ජනාධිපතිවරණ සටනින් ජනතා අපේක්ෂාවන් මුදුන්පත් කරමින් රනිල් පරදල මහින්ද දිනනවා. ඒක අයිතිහාසික ජයග්‍රහණයක්. එතැනදී බහුතරයක් සිංහලයන් මහින්දගේ පිටුපස හිටගන්න අතර LTTE ය තම දේශපාලනික මුග්ධ කම පෙන්වමින් උතුරේ ජනය බලහත් කාරයෙන් චන්ද වර්ජනයකට යොමුකරලා තමන්ගේ වල කපාගැනීම ඉක්මන් කර ගන්නවා, ජාතික හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ප්‍රමුඛව සියලු ජාතික බලවේග මහින්ද පිටුපස ගොනු වෙනවා. කොහොමත් ශ්‍රීලනීප ය තුල අරටුගතව ජාතිකත්ව පදනමක් තියෙනවා. ඒක මුළුමනින් සිදින්න චන්ද්‍රිකාට බැරි උනා.

කුරිරු සටනකින් ජයගන්නේ එක පාර්ශවයයි. ඒ නිසා මහින්දට සියලු සම්පත් හරි විදියට යොදල එකට මුහුණ දෙන්න වෙනවා. එහෙම නොවුනොත් ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන බව ඔහු දැනගෙන හිටිය. මහින්ද කියන්නේ එක්තර මට්ටමකට චන්ඩියෙක්. රටකට චන්ඩි දෙන්නෙක් ඉන්න බැරි නිසා මහින්ද සටන දිනවන්න අවශ්‍ය දේශපාලනික සහය ත්‍රිවිද හමුදාවට නොඅඩුව ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු දේශපාලනික ඉතා එඩිතර තින්දුත් ගන්නවා. ඉන්දුනිසියාවටත් එහායින් පිහිටි ඉන්දියන් සාගරයේ ඇත මුහුදට තම නාවික යාත්‍රා යව සිදුකරන නාවික මෙහෙයුම් එහිදී සුවිශේෂී වෙනවා. ඇමෙරිකාව හැර එවැනි දුරදිග නාවික මෙහෙයුම් වල යෙදෙන රටවල් නැති තරම්. බටහිරින් එන පිඩනයටත් මහින්ද චුට්ටක් හරි නැවෙන්නේ නැහැ.

අවසානයේ මිලේච්ච LTTE ත්‍රස්තවාදය පරදල රජයේ හමුදා ජයගන්නවා. දශක දෙකකටත් වැඩ රටේ ගලාගෙන ගිය ලේ ගන්වා කදුළු අදෝනා වලට තිත තියනවා. මිනිස්සු ඒක ප්‍රීතිමත්ව සමරන්නේ නව බලාපොරෝත්තුවකින්.

මහින්ද යුගයට ටීකාවක් (2 කොටස)

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk