ලංකාවේ මිනිස්සු බොන්නේ ඇයි?

16 April, 2015

ශ්‍රී ලංකාව කියන්නේ ඒක පුද්ගල මත් වතුර භාවිතයෙන් ඉහලම තියෙන රටක්.  

මේ ලිපියේ අරමුණ බොන එකෙහි හොද නරක සාකච්චා කිරීම නොවේ... මත් වතුර බිමට හේතු වන පුද්ගල බද්ද සහ සමාජීය කරුණු කිහිපයක් සමාජ විද්‍යාත්මක පදනමකින් සාකච්චා කිරීමයි.

මත් වතුර කියන දෙය විතරක් වෙනම අරගත්තේ හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් වෙනත් කරුණු බොහොමයක් ද ප්‍රමුඛව බලපාන නිසයි. ප්‍රධාන හේතු ඒවායේ බලපෑමේ අනුපිලිවල ලෙස හැගෙන පරිද්දෙන් මෙසේයි.

තමන්වම රවටාගැනීම හෙවත් ජීවිතය රගපෑම (self illusion)
ශ්‍රී ලාංකිකයයෝ බොන්න ප්‍රධාන හේතුව තමන්වම රවටාගැනීම හෙවත් ජීවිතය රගපෑම ට මිනිස්සුන්ට ඇති අවශ්‍යතාවය. මෙම හේතුව ගැන ප්‍රසිද්දියේ කතාකරන්න බොහෝ අය බයයි. අපේ සමාජය ඉතාම සාම්ප්‍රදායික වැඩවසම් සමාජයක්. ඒක ඇතුලේ දේශපාලන බලය, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතන විතරක් නෙමෙයි පවුල් තුල පවා බොහෝ ව්‍යාජයන් තියෙනවා. ඒවා ඇතුලේ ජීවිතය රගපාන්නන් බහුලයි. මේ රගපෑමට උත්තේජයක් වශයන් බොහෝ විට පිරිමින් (පිරිමින් සාමාන්‍යයෙන් රගපෑමට අකමැතියි) බොන්න පෙලබෙනවා. නමුත් මේක ව්‍යාජය තුල තවත් ව්‍යාජයක් බව ඔවුන් නොදන්නවාම නෙමෙයි....  මෙම පිරිස් පසුව මානසික ආතතියට යෝමුවීමේ සම්භාවිතාවත් ඉහලයි. ලාංකික (පොදුවේ දකුණු ආසියාතික) කාන්තාවන් සැලකිය යුතු පිරික් මත්පැන් නැතිවම මෙම රගපෑම ස්වභාවිකව නිහඩව කරන්න පුළුවන් මට්ටමට සංස්කෘතිකව ම පරිනාමනය වෙලා. අනිත් අතට සමාජය තුල කාන්තාවන් ඉතා අඩුවෙන් බොන එක ට  සංස්කෘතික පොලිසියේ සම්භාදකත් සැලකිය යුතු මට්ටමකට බලපානවා. කාන්තාවක් සුපිරි වෙළද සලක පවා මත්පැන් ගන්න යන්නේ බිය මුසු හැගීමකින්...ඒ නිසා එතන කොහොමත් කෘතීම පාලනයක් තියෙනවා... 

තමන්වම රවටාගැනීම හෙවත් ජීවිතය රගපෑම ට බීම කියන හේතුවට පුද්ගලික ජීවිතයේ චර්යාත්මක විසදුම් සොයා ගන්න අතර මිනිස්සු රගපෑමට පොලබවන සමාජ ක්‍රමයේ පරිවර්තනයකුත් අවශ්‍යයි.

ආත්ම ශක්තිය නැති වීම (lack of confidence)
මේක පුද්ගලික සහ සමාජීය ද්විත්ව හේතු ඇති ගැටලුවක්.  අපේ සමාජය ව්‍යාජ හේතුන් නිසා සමහර කරුණු නිශේදාත්මකව බලන්නෙ. එවැනි දේ වලදී පුද්ගලයන් මත් වීම කියන සාධකය භාවිතා කරනවා තමන් සැබෑ ජීවිතයේ බියවන කාර්ය ක්‍රියාත්මක කිරීමට. නමුත් ඒක සම්පූර්ණ ව්‍යාජයක් නැත්නම් රගපෑමක් කියලත් සියලු දෙනා සහ සමාජ ය දන්නවා. ඒ උනාට බොහෝ ව්‍යාජයන් සහිත සමාජයක ජීවිතය රගපාන මිනිස්සු මේක දැන දැන රගනවා... බිව්වම චන්ඩි වෙන්නේ (මේගොල්ල චන්ඩිකම කියවනවා මිසක් සාමාන්‍යයෙන් ගැටුමට යන්නේ නැහැ.) සහ මුලින් තමන් බීල ලිංගික ක්‍රියාකාරීත්වය සදහා තව කෙනෙක් පොළබව ගන්න යොමුවෙන්නේ මේ කොට්ටාශයයි. බීල අවට පිරිසට ඇහෙන්න හයියෙන් කෑගහන සින්දු කියන සහ සමහර විට කුණුහරුප කියන අයත් මේ කොටසේ සාමාජිකයන්. මෙතැනදී අර මුලින් සදහන් කල  self illusion කියන සමාජීය තත්වයත් බලපානවා. එවෙලේ මම බීලානේ හිටියේ කියල කිව්වම සමාජය පිලි ගනී කියල එයාල හිතා ගන්නව. සමාජ ශාලාවල බොන අය සැලකිය යුතු පිරිසකුත් මේ කොටසට ම අයත් වෙනවා.

අධික මානසික පීඩනය (stress)
මේක සිදුවන හේතු බොහොමයක් නිසා සංකීර්න තත්වයක්. මුලින් සදහන් self illusion හේතුවත් මෙයට ඍජුව හෝ වක්‍රව සම්භන්ද විය හැකියි. රවටාගැනීම කියන්නේ ඉතා අප්‍රසන්න දෙයක් එය හුදෙක් රවටා ගැනීමක් පමණක් යන්නෙන් කෙනෙක් ට පලා යන්න බැහැ... මිනිසුන් රැවටීම...පාගා ගැනීම ආදී දූෂණ ක්‍රියා නිතිපතා යෙදෙන බොහෝ අය වැඩියෙන් මත් වතුර බොන්න පුරුදු වෙන්නේ මේ හේතුවෙන්... ඒකාකාරී වුර්තියන්ගේ යෙදෙන්නන්...සහ වුර්තිය ලෙස සත්වඝාතනය, බොරු කියන්න, සොරකම් හෝ වෙනත් දුෂණ ක්‍රියාවලට නිරතුරු යොමුවෙන බහුතරයත් ක්‍රමානුකුලව මානසික පීඩනයට ගොදුරු වෙලා බීමට ඇබ්බැහි වෙනව. විභාග, රැකියා අදායම් මාර්ග හෝ වෙනත් පුද්ගලික කරුනු නිසා අපේක්ෂා භංගත්වයට පත්වන අයගෙන් සුළු පිරිසකුත් පීඩනය දාරගැනිමේ හැකියාවක් නැතිකමින් බීමට යොමු වෙන්න පුළුවන්.

තනිකම (loneliness)
සමහරු තමන්ට ඇතිවන තනිකම සහ පාළුව මකා ගැනීමට මත්පැන් පානයට යොමු වෙනවා. එවැනි සිතුවිල්ලක් පහල වේ නම් ඔබට ඇති සැබෑ ගැටලුව ට විසදුමක් සොයා ගැනීමයි වැදගත් වෙන්නේ....එය පුද්ගලයා මත වෙනස් වෙනවා.... අලුත් දෙයක් සොය බැලීමට හෝ ඉගෙනීමට කාලය වෙන්කිරීම... ක්‍රීඩාව හෝ වෙනත් විනොදාංශයක නිරත වීම, හෝ තමන්ට කාලය වැඩිනම් කෙනෙක්ට උදවු උපකාරී කටයුත්තකට දීමෙන් සමහර විට ඔබට වැඩි තෘප්තියක් ලබාගැනීමට හැකි වේවි... මෙවැනි හේතුවක් තේරුම් ගැනීමෙන් පුද්ගලිකවම ඉතා සරලව විසදුම් සොයා ගත හැකියි...

සගයන්ගෙන් ඇතිවන පීඩනය (peer pressure)
මෙයට බොහෝ විට ගොදුරු වන්නේ පෞර්ෂ ගැටළු ඇති හෝ බොහෝ විට අත්දැකීම් අඩු නව යොවුන් වියේ අයයි. සිතන්න ඔබත් මෙහි ගොදුරක් වූවකු විය හැකියි. හේතුව මෙයත් තමන්ගේ පෞර්ෂ වර්ධනය තුලින් තමන් ම විසදාගත යුතුයි. ඒ සදහා අධ්‍යාපන සහ වුර්තිමය වැනි අංශවලදී ඔවුන්ට උදවු කල යුතුයි.

කාලය ගත කරන්න (time passing activity)
ලංකාවේ බහුතරයක් මල ගෙවල් වල රෑ එළිවෙනකන් මිනිස්සු ඇහැරිලා ඉන්නවා.. මගුල් ගෙවලුත් වරු ගණන් ඇදෙනවා...එන මිනිස්සුන්ට සමහර වෙලාවට කරන්න දෙයක් නැති කමට බොනවා. එවැනි අවස්ථාවලදී විතරක් බොන අය බොහෝ විට මෙම කොටසට අයත්. හේතුව මේක නම්, විසදුම එවැනි තැන්වල අනවශ්‍ය ලෙස දීර්ගව කාලය ගත නොකර ඒවාට සහභාගී වීමයි. නිකන් හම්බ වෙනවට බොන අය වගේම හුදෙක් බයිට් කන්න පෙරේත කමට බොන්න සෙට් වෙන අයත් මේ අතර තුර නැතිවාම නෙමෙයි.

වෙනසකට/වෙනස් හැගීමකට (drink for a change)
ඉහත කිසිම හේතුවක් නැතිව ඉද හිට වෙනසකට බොන සුළු පිරිසකුත් ඉන්නවා. මෙයාල නිතර නොබොන හිතුනම තනිව හරි තව එවැනි සගයෙක් හෝ පිරිසක් එක්ක ඉද හිට බොන අය. උත්සව වලදී පමණක් බොන සමහරුත් මේ වර්ගයේ අය වෙනවා.අගට මේ ගැන සදහන් කරාට නිශ්චිතවම මේ ප්‍රමාණය කියන්න අසීරු කලින් සදහන් කරුණුවලට බදුන් වෙන බහුතරයත් තමන්ගේ බීමට හේතුව ලෙස මේ කරුණ බොහෝ විට ඉදිරිපත් කිරීමයි. නිතර බොන අයනම් මෙම වර්ගයට කොහෙත්ම ඇතුලත් වෙන්නේ නැහැ...

ඇබ්බැහි වූ අය (addicted)
මේ වර්ගයේ බොන අයගේ ප්‍රතිශතයත් සැහෙන ඉහල අගයක් ගත්තත් වෙනම සාකච්චා කලේ මෙයාල අර මුලින් කී හේතු නිස බොන්න පෙලබිලා පසුව (ඇතැම් විට මුලින් කි හේතුව නැතිවත්) මෙම ඵලය නිසා දිගින් දිගට බීමට පෙලබෙන නිසා... සමහරුනම් දිගටම බොන්නේ මුලික හේතුව දිගටම තියෙන නිසා මිසක් ඇබ්බැහි වීම නිසා නොවෙය. ඇබ්බැහිවිමට ප්‍රධාන වන්නේත් දුර්වල පෞර්ශයයි. ජීව රසායනික හේතු තිබුනත් අවභෝධය සහ ආත්ම ශක්තිය ඇති අය එසේ වීම පහසුවෙන් පාලනය කරනවා නැත්නම් එය වලක්වා ගන්නවා.

ඔයාල දකින වෙනත් කරුණුත් තියෙනවනම් ප්‍රතිචාරයක් විදියට සදහන් කලොත් තව කෙනෙක්ට තමන්ව ම තේරුම් ගන්න උපකාරයක් වේවි. බොන නිවැරදි හේතුමුළු සමාජයම දැනුවත් වීම සහ දැනුවත් බව සියල්ලන් දැනුවත් කිරීමෙන් ව්‍යාජ හේතු වලට බොන සැලකියයුතු පිරිසක් එකෙන් වලක්වන්න හේතු වෙනවා...

Bookmark and Share Related Posts with Thumbnails

1 comments:

Anonymous said...

ඇත්ත ඇතිසැටියෙන් හඳුනා ගැනීමක්.

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk