වැඩවසම් වාදයෙන් දිවුනු සිවිල් සමාජයක් කරා....

12 November, 2015

වැඩවසම් චින්තනයක් තියෙන සමාජයක ආණ්ඩුව සහ යටත්වැසියන් අතර තියෙන්නේ ස්වාමි-වහල් සම්බන්දයක්..... ආණ්ඩුවෙන් යැපෙන වහල්ලුන්ට ස්වාමියා විවේචනය කරන්න ආත්ම ශක්තියක් නැහැ...ඒ වෙනුවට අන්ධයකු ලෙස ස්වාමියාගේ ගුණ ගායනය වහලුන්ට උරුමයි...

ශිෂ්ට සමාජයේ ආණ්ඩුවක් සහ පුරවැසියන් අතර තියෙන්න ඕන ගතික සමතුලිතතාවයක් මිසක් චන්දෙදි විතරක් වෙනස් වෙන ස්ථිතික සමතුලිතතාවයක් නෙමෙයි.....පුරවැසියෝ තමන්ගේ ව්‍යාපාර නැත්නම් වෙනත් වුර්තිය කටයුතුවල යෙදෙමින් අනෙකාට හෝ ආණ්ඩුවට (ආණ්ඩුව කියන්නේ බදු ගෙවන පුරවැසියන්ගෙන් යැපෙන සුභසාධන යාන්ත්‍රණයක්) බරක් නොවී හැකි තරම් ස්වාධීනව ජීවත් වෙනවා....

පහුගිය කාලයේ ආණ්ඩුව කල වැරදි ඉවත් කිරීම් සමහරක් නිවැරදි කිරීම් සහ වගකීම් විරහිත වැඩ ක‍ටයුතු ගැන එල්ලවූ චෝදනා හමුවේ ඇති වුන ඉල්ලා අස්වීම් ගැන පුද්ගලිකව හරි කල්ලිවාදීව හරි උදම් අනනවා වෙනුවට යම් නම්යශිලිත්වයක් දැක්වීම ගැන ආණ්ඩුවට ප්‍රසාදය පලකරන්න අවශ්‍යයි........

ආණ්ඩුව පවතින තත්වයන් තුල ගන්න තීරන ගැන පුරවැසියන්ට පැහදිලී කීරීම් කරන්න අවශ්‍ය වගේම පුරවසියනුත් ඒවා දෙස සාධාරණව බලන්න පුරුදු වෙන්න ඕන...අනෙක් අතට සිවිල් සමාජය තුලින් මතුවෙන සාධාරණ විවේචනයන් ට තමන් කන්දෙන බව ආණ්ඩුව ජනතාවට පෙන්විය යුතුයි....

ආණ්ඩුව සහ පුරවැසියන් කියන්නේ එකිනෙකට හතුරු පාර්ශව දෙකක් හරි තල දෙකක ඉන්න දෙපිරිසක් නොවෙන්න ඕන.....

ඉදිරියේ දීත් මේ ගතික සමතුලිතතාවය තුල ආණ්ඩුව සහ පුරවැසියන් අතර ඇති සංවාදය පවත්වාගන්නට උත්සහ කරමු...

වැඩවසම් වහල් සමාජය ක්‍රමයක් වෙනුවට දියුණු සිවිල් සමාජයක් ගොඩ නගන්න කැපවෙමු.....

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk