බිරීමේ යතාර්ථය..

04 December, 2015

දඩයම් බල්ලාගේ ජන්ම පුරුද්ද සද්දයක් ඇහුන ගමන් බුරන එක...

ගෙදරකට නොදන්නා කෙනෙක් අවොත් අමුතු දෙයක් උනොත් ඒකා බුරනවා.... 


මොනවා උනත් අපේ සමාජයේ මිනිස්සු කාලයක් තිස්සේ ආරක්ෂාවට කියල බල්ලෙක් හැදුව... 


හැබැයි ඉතින් හොරුන්ට බුරන වැඩේ මිසක් ගෙදර ට යමක් ලැබෙන දෙයක් කරගන්න වගකීමක් දෙන්න ඉගි කලොත් බල්ල හැමදාමත් කුලෑටි කමට හැන්ඟෙනවා... 


හද මෝරන සමහර කාලෙකට බල්ලා පොදුවේ සමාජයේ මිනිස්සුන් ව හපාකන්න පනිනවා. එහෙම පිස්සු වැඩි උනොත් මිනිස්සු පොල්ලක් කඩාගෙන බල්ලව එලවල දානවා....

ඇත්තටම මිනිස්සු බල්ලෝ හදන හේතු විවිදයි....

ගමේ ආරක්ෂාවට කිව්වට මොකෝ....  වැඩිම පිරිසක් බලා පොරොත්තු වෙන්නේ තමන්ගේ ආරක්ෂාවට.... 

ගමේ ඉන්න වැඩ කරන මිනිස්සුන්ගේ වස්තුව ආරක්ෂා කරනවා කිව්වට මු ඇත්තටම වැඩිපුර ගැවසෙන්නේ ගමේ ඉන්න උකටලී කම්මැලි බොරුවෙන් ජීවත් වෙන එවුන් ගේ ගෙවල් වල පිලි කන්නේ....

මොකද බල්ල දන්නවා බුරන්න විතරක් දන්න ලොවෙත් නැති තමන්ගේ පැවැත්ම තියෙන්නේ ඒ වගේ අය අතර කියල....


තමන්ගේ ශක්තියෙන් ජීවත් වෙන අයට අමුතුවෙන් බල්ලෙක් ගේ ආරක්ෂාව පතන්නෙත් නැහැ....

සමහරු නම් බල්ලන්ට කැමති එවුන් හුරතල් විදියට පේන නිසා....

තවත් සමහරු බිරීම වීර කමක් විදියට දකින නිසා... 


වයස 16 - 25 සමහර පැගිරි කොල්ලෝ කෙල්ලෝ මුලින් එහෙම දැක්කට පස්සේ යතාර්ථය තේරුම් ගන්නවා.....

ලෝකය දියුණු වෙනකොට ආරක්ෂාවට බල්ලෝ හදන වැඩේ වෙනුවට CCTC, Alarm System වගේ වඩා දියුණු ක්‍රම වලට මිනිස්සු මාරු වෙනවා....එතකොට ගමේ ආරක්ෂාවට බල්ලෝ හදන්න ඕන කියල හිතපු අය එව්වට මාරු වෙනවා....

පොඩි හොරකම්, රගපෑම කරන අය නම් තමන් ව ලෝකෙට වහන් වෙන්න, ලොකු ගෙවල් පැත්තට විතරක් බුරන (පිඩිත පන්තිය වෙනුවෙ බල්ල පෙනී ඉන්නවා කියල එයාල එකට කියන්නේ)  අය විතරයි බල්ලට ඉතුරු වෙන්නේ...

ඒත් ඉතින් තාමත් සමහර මිනිස්සු පුරුද්දට බල්ලෙක් දෙන්නෙක්ව ගෙදර හදනවා. 

වැරැද්ද කාගේද?

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk