බෞද්ධ දර්ශනය සහ ආගම

21 May, 2016


බෞද්ධ දර්ශනය කියන්නේ සියලුම ආගම් වලින් සාපේක්ෂව මම දකින වඩාත් සාධනීය දර්ශනයයි.. (ඔවු කාට හරි කියන්න පුළුවන් ඔයා බෞද්ධ පවුලක ඉපදුන නිසයි එහෙම කියන්නේ කියල. මට එක ප්‍රතික්ෂේප කරන්නත් අයිතිය තියෙනවා.) අවුරුදු 2500 කට කලින් සමාජ පසුබිමත් එක්ක සැලකුවම බෞද්ධ දර්ශනය විශිෂ්ටයි... මොකද ඒ කාලේ මිනිස්සු අඩු පහසුකම් ඇතුව ප්‍රාථමික ජීවිත ගතකරපු කාලයක්... එහෙම කාලෙන් කාලෙට විශිෂ්ට දර්ශනිකයෝ, විද්යර්තයෝ පහල වෙනවා... සමාජයේ දිශානතිය වෙනස් කරනවා...

ලෝකයේ අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව බෞද්ධ දර්ශනය පැතුරුන ඉන්දියානු උප මහාද්වීපය ඒ කාලයතුලදී වඩා සාධනීය සංස්කෘතියක් ගොඩනගා ගත්ත... ඒක කාලයක් තිස්සේ සිදු වුන දැනුම ගොඩනගා ගැනීමේ ක්‍රියාවක ඉහලම ප්‍රතිඵලයක්...

පොදුවේ ලෝකයේම මිනිස්සුන්ගේ සංස්කෘතික සහ සමාජීය ඉදිරි ගමනට හින්දු දහමින් සහ පසුව බෞද්ධ දර්ශනයෙන් ලැබුන බලපෑම සුවිශේෂියි... එක සංස්කෘතියක ගොඩනැගෙන දැනුම ක්‍රමයෙන් සෙසු ලෝකයට ගලාගෙන යනවා... ඉස්සර මේක හෙමින් සිදු උනා. දැන් නම් බොහොම වේගයෙන් වෙනවා..

ලෝකයේ බිහිවෙන හැම දර්ශනයක් ම බිහිවෙන්නේ ඒ කාලයේ තිබෙන දැනුම සහ සම්පත් ඇසුරු කරගෙන... ඒ සමහරක් දේ දැනුම විදියට රැදෙන අතර වැරදි නැත්නම් අඩුපාඩු ප්‍රතික්ෂේප වෙනවා...

අලුත් දාර්ශනිකයෝ අලුතින් හිතල වෙනස් අර්ථ කතන දෙනවා, එව්වා පවතින සම්පත් සහ දැනුම එක්ක වැඩිය බුද්ධිගෝචර නම් මිනිස්සු එව්ව පිල්ගන්නවා... මේක මිනිස් ශිස්ටචාරය තියෙනකන් ඉස්සරහටත් වේවි...

ඔය දාර්ශනිකයන්ගෙන් සමහරු ආගමික නායකයන් විදියට තමන්ව හදුනා ගන්නවා නැත්නම් සමාජය එහෙම හදුන්වනවා... ඒ කාලයේ දැනුම එක්ක එහෙම වෙන එක ස්වභාවිකයි... විශේෂයෙන් ආගමික දේ කියන්නේ මරණෙන් පස්සේ වෙන්නේ මොකක් ද? සත්වය ඉපදුනේ ඇයි වගේ සාමාන්‍ය බුද්ධියට තම ගෝචර නොවුන කරුණු... එතැනදී එක භක්තියෙන් පිළිගන්න කොටස බැතිමතුන් වෙනවා.. පැවසුවා කෙනා ශාස්තෘ වරයෙක් වෙනවා... සමහර ආගම් වලදී නම් තමන් ව හදුන්වගන්නේ දෙවියන්ගේ පණිවිඩ කරුවෙක් කියල..

මෙව්වා (විශේෂයෙන් මරණයෙන් පසු වෙන දෙය) එක්කෝ භක්තියෙන් පිළිගන්න ඕන, නැත්නම් පිලි නොගෙන ඉන්නත් පුළුවන්.. ඔය අතර හොද දේ සහ නරක දේත් තියෙන්න පුළුවන්.... යමක් හොද උන පලියට පැහැදිලි කිරීම පිලි ගන්න එකනම් එච්චර බුද්ධි ගෝචර නැහැ... ඒත් යමක් පැහැදිලිවම මිත්‍යාවක් කියල ඔප්පු වුණාමත් එක පිලි ගන්නවනම් එතන තියෙන්නේ පැහැදිලිවම අමන කම.. මෙවැනි ආගමිකයෝ තමයි අවි යුධ අරගෙන මිලේච්ච විදියට හැසිරෙන්නේ...

ඕනෑම දර්ශනයක් කලින් සදහන් කරපු අන්තගාමි භක්ති වන්තයන්ගේ ග්‍රහණයට අහු උනොත් එතන සිද්ද වෙන්නේ විනාශයක්... අනිත් අතට දර්ශනයක් විදියට විවුර්ත මනසින් බලල එතන තියෙන හොද දෙයක්, දැනුමක් තමන්ගේ ජීවිතයට, සමාජයේ ඉදිරිගමනට යොදා ගන්න එකයි ලෝකේ කොහෙත් බුද්ධිමතුන්ගේ වගකීම... ඒ සදහා ඒ දර්ශන්වාද ඉදිරිපත් කරපු පුද්ගලයන්ට ගරු කිරීමත් හොද දෙයක්...

ආගමකට තියෙන ලොකුම ගැටලුව වෙනස් වන්නට තියෙන ප්‍රති විරෝදයයි.. බොහෝ විට ආගම් නැතිවෙලා යන්නෙත් මේ නිසාමයි... එහෙම පැහැදිලිවම අභියෝගයට ලක්වෙන කරුණකදී ප්‍රචණ්ඩ විදියට හැසිරෙන්නේ ආගමික උන්මත්තකයන්,,,

පොදුවේ ආගම කියන්නේ කපටින්ට කෙලි බඩුවක්. බුදු දහමටත් මේකෙන් ගැලවෙන්න හැකියාවක් නැහැ... මේ වෙනකොට බොහෝ කපටි දේශපාලුවන් සකලවිද ජඩකම් වසා ගන්නට අතට ගන්නේ මල් වට්ටිය බවත් සැගවෙන්නේ බුදු ගෙය තුල බවත් බොහොම පැහැදිලි දෙයක්.... ඒ විතරක් නෙමෙයි කේන්දර කරුවන් ඇතුළු මිත්‍යාව විකුණගෙන බඩ ගොස්තරය රැක ගන්න කයිරාටිකයනුත් ඉස්සරහට දමන්නේ බුදු දහමයි.., ඔවුන්ගේ මිත්‍යාවන් අලෙවිකරණයට වැඩිපුර කල එලි බහින්නේ පෝය දවසටයි... ශ්‍රද්ධාවේ කඩඉම ඉතාම ශුක්ෂම විදියට මිත්‍යාව විකුනන්න අවභාවිත කරන්න පුළුවන් බව මෙයාල දන්නවා....

බෞද්ධ ආගම උඩ ගොඩනැගුන ආගමික ආයතන සහ නිකාය ඇතුලෙත් අද සැලකියයුතු මට්ටමට ඇන්ඳීම් සහ සුරා කෑම සිදුවෙනවා.... ධනය ගොඩ ගසගන්න "ශ්‍රද්ධා ව්‍යාපාරික මොඩලය" පාවිච්චි කරලා ව්‍යාපාර ගොඩනගන එක අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකය පුරාම සුලබ දෙයක්... අතීතයේ වැඩවසම් රාජපාක්ෂික නින්දගම් සහ රාජකාරී මත පදනම්වුන ක්‍රමයට වඩා සුක්ෂම විදියට ධාතු ප්‍රදර්ශන, රන් වියන්, රන්වැට, රන් දොර සිට රන් සළු දක්වාත් ස්වර්ණ මාලිගා දක්වාත් ක්‍රියාත්මක වෙන්නේ මේ සුක්ෂම "ශ්‍රද්ධා ව්‍යාපාරික" ක්‍රියාවලියයි...

ආගම සහ දර්ශනය පැහැදිලිව වෙන්කරගෙන ආගමික දර්ශනයක තියෙන සාධනීය දාර්ශනික දැනුම සහ සංස්කෘතික ලක්ෂණ උකහා ගන්න අතර මිත්‍යාවන් සහ ඒ උඩ ලේ උරා බොන කිනිතුල්ලන් සහ උන්මත්තක්කයනුත්, අගම කියන සළු පට අස්සේ හැංගෙන්න එන කපටිත් හදුනාගෙන ජීවත් වෙන එක තමයි අපේ වගකීම...

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk