වර්තමාන සමාජ-දේශපාලනය, ඉතිහාසයේ ඵලයක් ලෙස - 1 කොටස

25 October, 2016

සොක්‍රටීස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ වගේ දාර්ශනිකයෝ ග්‍රීක ශිස්ටචාරය මිනිස්සු
තර්කනුකුලාව හිතන්න පුරුදු කළා...

ඒ විචාරශීලි චින්තනය මත මුලින් ගණිතයත් ඒ එක්කම විද්‍යාවත් දියුණු උනා...එතැනදී කතෝලික පල්ලියත් එක්ක ගැටෙන්නත් උනා...

විද්‍යා පුනරුදය පිටි පස්සෙන් තාක්ෂනය ගොඩ නැගුන...ඔය අතර ධනය පිළිබද අලුත් කියවීමක් ඇති උනා.රජු අත තිබුන ධනයේ ඒකාධිකාරය .කර්මාන්ත කරුවන් අතට බෙදිලා යන්න හේතුවුන කාර්මික විප්ලවය ඒ පිටිපස්සෙන් ආව...

මිනිස්සු ගොවි යුගයෙන් කාර්මික යුගයට මාරු උනා..කර්මාන්තශාලා ගොඩ නැගුන..එව්වයේ වැඩට මිනිස්සු අවශ්‍ය උනා..ඒ අවට නගර කියල අලුත් සංකල්පයක් ගොඩ නැගුන..

ඔය අතර නිෂ්පාදන දාම (production lines) සහ ශ්‍රම විභජනය (division of labor) ඇති උනා.. ඒ එක්කම එව්වයේ වැඩ කරන මිනිස්සු අතර එකම දේ කිරීමෙන් වෙන අසහනකාරී තත්වයට ප්‍රති විරෝධ ඇති වෙන්න උනා...අනිත් අතර වැඩි ලාභ ලබන්න කාර්යක්ෂමතාව වැඩි කරන්නත් කම්හල් වල හිමි කරුවන්ට උවමනා උනා...

එතැනදී කළමනාකරණය (management) කියන සංකල්පය ඇති උනා....

තාක්ෂනය ජයගත්ත යුරෝපිය මිනිස්සු ඒ කාර්මික දැනුමත් පාවිච්චි කරලා භුමිය සහ සම්පත් හොයාගෙන අධිරාජ්‍ය ගොඩනැගුවා..

යටත් විජිත සහ වහල්ලු එව්වයේ අවාසනාවන්ත ප්‍රතිඵල....

ඒ එක්කම යටත් විජිත් රටවල තවත් අමුතු සමාජ කොට්ටාශයක් බිහි උනා.. එයාලව සමාජ විද්‍යාත්මකව හදුන්වන්නේ "කොම්ප්‍රදොරුවෝ" නැත්නම් යටත් විජිත හාම්පුතුන්ට හීලෑ නියෝජිතයන් විදියට...ගම මට්ටමින් ආරච්චිල, විදානෙලා විදියටත් නාගරිකව ආණ්ඩුවේ කන්තෝරුවල සහ අධිකරණ ආශ්‍රිතවත් යටත් විජිත ස්වාමියන්ට කීකරුව මෙයාල ගොඩ නැගුන,,,

නොයෙක් දේශපාලන සහ ආර්ථික වරදාන දීල තමන්ගේ අධ්‍යාපන ක්‍රමය සහ ආගම පාවිච්චි කරලයි යටත් විජිත ස්වාමින් මෙයාලව ගොඩ නැගුවේ...

ඔය අතර පලවෙනි ලෝක යුද්ධය (1914-1918) සහ දෙවැනි ලෝක යුද්ධය (1939 -1945) නිසා ප්‍රධාන වශයෙන් මුළු යුරෝපයම සත්තු වගේ එකාට එකා කා කොටගත්ත... පලවෙනි ලෝක යුද්ධයෙන් මිලියන 15 විතර මිනිස්සු මරුන,,, දෙවැනි ලෝක යුද්ධයෙන් මිලියන 70 විතර මරුන....

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk