ශල්‍ය වෛද්‍යවරයා සහ දේශපාලකයා

13 January, 2017

අර්බුධ ඉදිරියේ දේශපාලකයාටත් කරන්න වෙන්නේ ශල්‍ය වෛද්‍යවරයාට කරන්න වෙන වැඩේම තමයි... වෙනසකට තියෙන්නේ රෝගියාට පුද්ගලිකව තමන්ට විශ්වාශ වන්තම වෛද්‍යවරයා තෝරාගන්න පුළුවන්, ඒ වගේ ම සියල්ලට වඩා තමන්ගේ ජීවිතයට ආශා නිසා අත්සන් කරල ශල්‍යකර්මයට කැමැත්ත දෙනවා...

අර්බුධයකට ගිය සමාජයකදී දේශපාලනයේ සමාජයේ පොදු කැමත්තට චන්දයකින් ශල්‍යකර්මය කල යුතු පාලකයා තෝරාගන්න වෙනවා.. එක එක අර්බුධවලට හරියන්නේ වෙන වෙන පාලකයෝ...පුද්ගලික ශල්‍යකර්මයට ඉහලම සුදුසුකම් සහ වුර්තිය කීර්තිය තියෙන වෛද්‍යවරයා තෝරාගන්න උනන්දුව පාලකය තොරගනිද්දීත් තියෙන්න ඕන... නිකන්ම අට පාස්ද, නැත්නම් හොරට විභාග ලිව්වා හොර සහතික තියෙන කාලකන්නියෙක්ද කියල සමාජය හොයල බලන්න ඕන.... ඒ එක්කම ශල්‍යකර්මය කරන ක්‍රමය මහපොළවේ යථාර්තයක් විදියට සාර්තකවුන දෙයක්ද නැත්නම් නිකන්ම ගොඩවෙදකම් ද කියලත් පුරවැසියෝ සලකන්න ඕන...

ඊලගට ශල්‍ය කර්මය පොදුවේ සමාජයට කරන කොට කලින් ක්‍රමයෙන් යැපිච්ච පරපෝෂිතයෝ, විෂබිජ සමාජ ශල්‍යකර්මයට විරුද්දව ශාපකරන්න, ලතෝනි දෙන්න, අරගල කරන්න පටන් ගන්නවා...
ශල්‍යකර්මය කොහොමත් වේදනා සහගතයි !!

එතැනදී සමාජ ශල්‍යකර්මය කරන දේශපාලකයට ඉතාම දියුණු දැනුමක් සහ හැකියාවන් තියෙන්න ඕන වගේම සමාජය ඉතාම බුධිමත්ව මෙව්වා කලමනා කරණය කරගන්න ඕන.... ඒ ඒ අවස්ථාවට වඩාත් සරිලන විදියට දේශපාලකයා වෙනස් කරගත්තේ නැත්නම් ඇහේ දුර්වල තාවයකට විකලාංග වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇහැ මියයනවා...

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk