සිරි ලංකාවේ ව්‍යාජ මිනිස්සු සහ වැඩවසම් සමාජය - අධ්‍යාපනය (1 කොටස)

03 May, 2017



ශ්‍රී ලංකාව කියන්නේ ලෝකේ අඩුම IQ තියෙන රටක්. ඒකට එක හේතුවක් තමයි ලෝකේ වැඩියෙන්ම ආගමික භක්තිවාදී (විද්‍යාව, තර්කය වල් වැදුන) රටක් වීම. අපේ පාසල් පවා තාම ආගමික ව (කොටසක් පල්ලියෙන් තව කොටසක් පරම විඥ්ඥානාර්ථ සන්ස්කුරුතියෙන්) දැඩි පාලනයක් යටතේ කරුණු පොවන එක කරන්නේ... ඊලගට මේ සාම්ප්‍රදායික පාසල් වල මූලික අරමුණ විභාග පාස් කරවන එක... ඒ නිසයි ශිෂ්‍යත්වයේ ඉදල ළමයි සත්තු වගේ අමතර පන්ති බඩ ගාන්නේ..

ලංකාවේ ළමයින් ගෙන් බහුතරය උදේට ඉස්කෝලේ යන්නේ අම්මලාගේ ආශාවට විශේෂයෙන් පිනාට (ඔවු ලොකු ඉස්කෝල ඔක්කොගෙම පගාවට ළමයි ගන්නවා. ඒ හැම එකකකම ඉන්නේ ජරාවෙන් කොටසක් තමන්ගේ සාක්කුවට එකතුවෙන හොරෙක් තක්කඩියෙක් පිනෙක්.) ලොකු පගාවකුත් දීල ලොකු ඉස්කොලේකටත් දාගත්තනම්.. ළමයි උදේට පන්තියේ වාඩි වෙලා හවස 1.30 වෙනකම් ඉගෙනගන්නවා වගේ රගනවා... පාසලේදී වෙන්නේ තමන් මත පටවන ගුරුවරයාත් එක්ක ඔහු අසාර්ථක නම් වසරක් රගන්න... පාසලේ ගුරුවරයා සාර්ථකනම් ශිෂ්‍යය කවදාවත් අමතර පන්ති යන්න අවශ්‍යයි කියන්නේ නැහැ..

හවසට සතියට එක දවසක් තියෙන අමතර පන්තියෙන් බොහොම සැලසුම්සහගතව සකසලා විධිමත්ව ලබාදෙන අධ්‍යාපනය ලබල විභාග වලට සුදානම් වෙනවා... ඔවු පුද්ගලික අධ්‍යාපනය තරගයක්, තරගයෙන් සාර්ථක වෙන්න එක බොහොම විධිමත්ව කරන්න ඕන.. අනික ශිෂ්‍යන්ට නිදහස තියෙනවා තමන් කැමති තැනකින් අධ්‍යාපනය ලබා ගැනීමේ තීරණය ගන්න.. ඔවු එකට තමයි "නිදහස" කියන්නේ...

ඔවු ටියුෂන් අධ්‍යාපනය විකුර්තියක්.. එකට හේතුව මොකක්ද? ලංකාවේ රජයේ අධ්‍යාපනය අසාර්ථක වීම.. ගුරුවරයෙක් ගුරු සේවයට ආවම විදිමත්ව ළමයින්ගෙන් feedback ගන්නේ නැහැ.. හැමෝටම එක වගේ වැටුප් වර්ධක ලැබෙනවා.. තරගකාරීත්වය නැති නිසා ස්වභාවිකව අදක්ෂ ගුරුවරු පද්දතියෙන් ඉවත්වෙන යාන්ත්‍රණයක් නැහැ... එතකොට විවුර්ත, තරගකාරී පුද්ගලික අධ්‍යාපනයට ලොකු ඉඩක් ලැබෙනවා.. ඒත් අවසනාවකට ඒකට ළමයි එන්නේ උදේට අර බොරුව ඇතුලේ දවස් පහක් රගල එපාවෙලා.. පජාතවෙලා.... (ගොඩක් පාසල්වල 80% ආවේ නැත්නම් විභාගයට පාසලෙන් අයදුම් කරන්න දෙන්නේ නැහැ.)

ඔවු ලංකාවේ අධ්‍යාපනය ළමයි හප කරන එකිනෙකාට කුහක කමින් ඉරිසියා කරන්න පුරුදු කරන විෂ ඝෝර සර්පයෙක්.. එකට හේතුව මේ කෘතීම වැඩවසම්, තෝරාගැනීමක් නැති, නිදහසක් නැති, ගුරුවරයා evaluate නොකරන බමුණු වැඩවසම් ගල් යුගයේ අධ්‍යාපන ක්‍රමය....

Ref:

Bookmark and Share Related Posts with Thumbnails

0 comments:

 
 
 

අද දෙරණ

lankadeepa.lk

defence.lk